More
    spot_img
    NewsIMF World Bank වාර්ෂික සමුළුව මොරොක්කෝවේ

    IMF World Bank වාර්ෂික සමුළුව මොරොක්කෝවේ

    -

    spot_img

    IMF World Bank – පුද්ගලයන් 2900කට අධික පිරිසකට මරු කැදවමින් මෑතකදී සිදුවු භූමිකම්පාවද නොතකමින්, පසුගිය සදුදා මොරොක්කෝව නිවේදනය කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී Marrakech හි පවත්වන බවයි. සැප්තැම්බර් 8 වන දින රික්ටර් පරිමාණයේ ඒකක 6.8ක භූ කම්පනයක් සිදු වු ප්‍රදේශයේ සිට 72km පමණ දුරින් පිහිටා ඇති මෙම ලෝක උරුම නගරයේදී, ඔක්තෝබර් 9 සිට15 දක්වා මෙම සමුළුව පැවැත්වීමට නියමිත බවද සදහන්. ලෝක බැංකු සභාපති Ajay Banga, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva සහ මොරොක්කෝවේ ආර්ථික අමාත්‍ය Nadia Fettah Alaoui යන අය ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ “පවතින තත්ත්වයන්ට අනුකූලව” මෙවර සමුළුව පවත්වන බවයි. මොරොක්කෝ බලධාරීන්ගේ දැඩි ඉල්ලීම මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිලධාරීන් මෙම තීරණය ගත් බව ඔවුන්ගේ අදහසයි. මොරොක්කෝ බලධාරීන්ගේ බලාපොරොත්තුව මෙමගින් තම රටේ සංචාරක කේන්ද්‍රස්ථානයන් වෙත 10000 – 15000 අතර පිරිසක් ගෙන්වා ගැනිම බව වාර්තා වේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රධාන නිලධාරීන් තිදෙනා “අපි රැස්වීම් පවත්වන විට, ක්‍රියාත්මක වන සහන කටයුතුවලට බාධාවක් නොවන පරිදි සහ විපතට පත්වුවන්ට සහ මොරොක්කෝ ජනතාවට ගෞරවනීය ලෙස ඒවා පැවැත්වීමට වග බලා ගත යුතු බවත් මෙම අසීරු අවස්ථාවේදී, වාර්ෂික සමුළුව මෙහි පැවැත්වීමට කටයුතු සැලසීමෙන් ලෝක ප්‍රජාවට ඒත්තු යාවි කෙතරම් දුෂ්කර තත්ත්වයක සිටියත් මොරොක්කෝව සහ එහි ජනතාව තම ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව ලොවටම පෙන්වා දුන් ආකාරය. අපිද මීට සහභාගීවන්නන් ලෙස ආරක්ෂාව සහතික කිරීමට කැපවී සිටිනවා” යනුවෙන් පවසා තිබේ. IMF කළමණාකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ, රැස්වීම වෙනත් ස්ථානයකට ගෙන ගියහොත් එය මොරොක්කෝවේ ආගන්තුක සත්කාර අංශයට “තරමක විනාශයක්” වනු ඇති බවට මොරොක්කෝ අගමැති තමාට ප්‍රකාශ කළ බවයි.

    -Reuters ඇසුරෙනි-

    Photo Credit: www.reuters.com

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page