More
    spot_imgspot_imgspot_imgspot_img
    SportsICC Womens Player of the Month ලංකාවෙන් විශ්මි ගුණරත්න

    ICC Womens Player of the Month ලංකාවෙන් විශ්මි ගුණරත්න

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    ICC Womens Player of the Month ජූනි මාසය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න තේරී පත්ව තිබෙනවා. විශ්මි ගුණරත්න 2023 ICC කාන්තා වයස අවුරුදු 19 න් පහළ විස්සයි විස්ස ලෝක කුසලානතරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරුවා. 18 හැවිරිදි විශ්මි සමඟින් ජුනි මාසය සඳහා නම් කර ඇති අනෙක් ක්‍රීඩිකාවන් දෙදෙනා වන්නේ එංගලන්තයේ මායා බුචියර් සහ ඉන්දියාවේ ස්මෘති මන්දනා ය.

    විශ්මි ගුණරත්න පසුගියදා අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව පැවැති තරගාවලියේදී දස්කම් දැක්වූ අතර ලකුණු 134ක් ලබා ගත්තේ සාමාන්‍ය 44.66ක් සහ පහර දීමේ වේගය 83.22ක් ලබා ගනිමිනි. මෙම දක්ෂතාවය හේතුවෙන් විශ්මි තරගාවලියේ වීරයා ලෙසින් ද සම්මාන ලැබුවා. තරඟාවලියේදී ඇය ලබාගත් ලකුණු 40, 50 සහ 44 බටහිර ඉන්දීය කාන්තා එක්දින තරඟාවලියේ එක්දින තරඟ තුනම ජය ගැනීමට මනා පිටුවහලක් විය. එය 2008 වසරෙන් පසු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් පිල ලැබූ පළමු පූර්ණ තරගාවලි ජයග්‍රහණය ද වේ.

    කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරඟාවලියේදී ලකුණු 61ක් ලබාගනිමින් විශ්මි ජූනි මාසය අවසන් කළේ මුළු අන්තර්ජාතික ලකුණු 195ක් තමා සතුකරගනිමිනි.

    පහත ලින්ක් එකට ගොස් විශ්මි ගුණරත්න ජූනි මාසය සඳහා ICC කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව කරවීමට ඔබගෙ මනාපය ලබාදෙන්න.

    https://www.icc-cricket.com/awards/player-of-the-month/womens-player-of-the-month

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Piumi Hansamali කියන්නේ කවුද?

    Piumi Hansamali කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුල පුවත් මවන්නියක්. පියුමි හංසමාලි විසින් උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක්...

    procession අලි කුලප්පුවෙන් 13ක් පෙරහැරින් රෝහලට

    procession - රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ඊයේ ආරම්භ වී සුළු මොහොතකට පසු, රාත්‍රි 9 ට පමණ...

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව...

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 12

    Hima Mal Renu හිම මල් රේණු සති අන්තයේ මාත් නදීරාත් අමතර පන්තියට යන විට තේෂාන් ඇතුළු සියළු දෙන අපිටත් සමඟ...

    Stage Drama වන්දි ගෙවීම ජූලි 7 බොරැල්ල නාමෙල් මාලනී රඟහලේ දී

    Stage Drama - දිවංගත ආර්. පී රංජිත්ගේ නාට්‍ය නිර්මාණයක් වන "වන්දි ගෙවිම" වේදිකා නාට්‍යය ජුලි 07 වෙනි ඉරු දින...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page