More
    spot_img
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 61

    Hima Mal Renu හිම මල් රේණු – 61

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    සඳු දින මම කාර්යාලයට පැමිණියේ ගුණතුංග මාමා සමඟය. නැන්දා මෙන්ම ඔහුද මා ගැන වද වෙමින් සිටියේය. සුදු වෑන් රථය මා සිතේද ඇති කර තිබුණේ කුතුහළයක් වුවද ඒ පිළිබඳව මට වැඩි දුර සිතීමට වුවමනා නොවීය. අනුරාග් වෙනදාටත් කළියෙන් එදින පැමිණ ඇති බැව් දැක මම මුළින්ම ඔහු හමුවට ගියේ ශ්‍රීමාගේ අම්මා සාදා දුන් පැණි අලුවා පාර්සලයත්, ආච්චි අම්මා සෑදූ වැලි තලපත් රැගෙනය. ඔහු ඒවා කෑමට ආසා වනු ඇතැයි කියා මම සිතුවෙමි. අවීශ් නම් අලුවා කෑමට ප්‍රිය කරන බව මම දැන සිටියෙමි. මේ මොහොතේත් මට සිහි වූයේ ඔහුවමය.

    “ගුඩ් මෝර්නින් මිස්ටර් අනුරාග්…අද ඔයා කළින් ඇවිත්…”

    සිනහවක් ඔහු වෙත පුද කරමින් මම කීවෙමි.

    “ඔව්…ආරණ්‍යා…මං අද ටිකක් කළින් ආවා…ඉවර කරන්න වැඩ ටිකක් තිබුණා… ගමේ ගිහින් ඊයෙද ආවේ…?”

    ඔහු සුහදව මා විමසුවේය.

    “ඔව්…එත්දී හවස් වුණා…”

    එසේ පවසමින් මම ඔහු වෙත පාර්සලය දිගු කළෙමි.

    “මොනවද ආරණ්‍යා…කන දෙයක්ද…?”

    ඔහු එය අතට ගනිමින් ඇසුවේ පුදුමයෙනි.

    “ඔව්…පැණි අලුවා…වැලි තළපත් තියනවා…”

    “ආහ්…මං ඒ දෙකම මීට කළින් අහලත් නැහැ…කාලත් නැහැ…”

    “එහෙනම් අද කාලා බලන්නකෝ…”

    “හොඳයි…මං බලන්නම්…ස්තූතියි…”

    ඔහුගේ කතා බහට මම ප්‍රිය කළෙමි. මඳහසක් ඔහු වෙත පාමින් මම පිටතට එන විට චාරුකාද පැමිණ සිටියාය.

    “හායි…ගුඩ් මෝර්නින්…”

    ඈ සුබ පැතුමක් එකක් කරන විට මමද පෙරළා සුබ පැතීමි.

    “ඔයා අද කළින් ආවද…?”

    ඇගේ හඬේ සැකමුසු බවක් තිබුණාදෝ කියා මට සිතුණද මම ඒ ඔස්සේ වැඩි දුර නොසිතුවෙමි.

    “අද මාමා එක්ක ආවේ…”

    “ආහ්…ඒකනේ….අද සර්ත් කළින් ඇවිත්…”

    “ඔව්…ගිහින් කතා කරලා එන්න…”

    මම කියන විට ඇගේ දෑස් තුළ අමුතු දිලිසීමක් ඇදී මැකී ගියේ ක්ෂණිකයෙනි. ඈ අනුරාග්ගේ කුටියට යන විට මම අසුන මත හිඳ ගෙන පරිගණකය ක්‍රියා කරවීමි. ඈ යළි පැමිණියේ මුව මත ඇඳුණු සිනහවකින් එය නංවාගෙනය. මා සිතේ ඈ කෙරෙහි අනුකම්පාවක් ඇති විය. අනුරාග් චාරුකා කෙරෙහි විශේෂ හැඟීමකින් නොබලනවා සේම ඈ ඔහු කෙරෙහි බලාපොරොත්තු තබාගෙන සිටින බවත් මම දනිමි. ඔහු මා වෙත යෝජනාවක් ගෙන ආ බව ඈ දැන සිටියා නම් කුමක් සිතනු ඇතිද කියා මට අනුමානයෙන් හෝ සිතිය නොහැකිය.

    “ඉතින්…මොකද කළේ නිවාඩු දවස් ටිකේ…?”

    මම විමසුවේ ඈ අසුන ඇද හිඳ ගන්නා විටය.

    “මොකුත් නැහැ අනේ…ගෙදර තමා…තියන වැඩ ටික ඉවර කරත්දී වෙලාව ගිහින්…”

    මුහුණ අකුළ ගනිමින් ඈ කීවාය.

    “දවසක යමු අපේ ගමේ…”

    මම කියන විට ඈ පුදුමයෙන් මා දෙස බැලුවේ මා විහිළුවක් කරනවාදෝයි යන සැකයෙන් මෙනි.

    “ඇත්තටමද…?”

    “ඔව්…අනේ…ඇත්තටම තමා…”

    “ෂා…මරුනේ…”

    ඈ ගමේ තොරතුරු මගෙන් විමසන විට මම එහි සුන්දරත්වය ඈ සමඟ පැවසුවෙමි. ඈ අසා සිටියේ ආශාවෙනි. මනසින් ඈ එහි සැරිසරන්නට ඇතිවාට සැක නැත. දහවල කෑම පැයේ අපි දෙදෙන පිටතට පැමිණියේ චාරුකාගේ වුවමනාවටය. පැමිණි කාරණය ඉටු කරගෙන යළි එන අතරේ අපි දෙදෙන බීම හළකට ගොඩ වූයේ පැවති දැඩි රස්නය නිසා ශීතල බීම වීදුරුවක රස බැලීමටය. අපි එය රස විඳිමින් කතා බහක නිරත වූයෙමු. මෙවන් තැනකට පැමිණි සැටියේ මට සිහි වන්නේ අවීශ්වමය. ඔහුත් මාත් දෙදෙනාම කැමති දෙහි හෝ දොඩම් බීම පානය කිරීමටය. ඒ සිහි වි මා මුවෙන් පිටවන්නට ගිය සුසුම මම මැඩ ගත්තේ ආයාසයෙනි.

    “ආරණ්‍යා…” චාරුකා ගේ හඬින් මම ඈ දෙස බැලීමි.

    “මට වෙලාවකට හිතෙනවා…මම බිම ඉඳන් අහස අල්ලන්න හදනවද කියලාත්…ඔයාට එහෙම හිතෙන්නේ නැත්ද…?”

    ශෝකය මුසු හඬකින් ඈ අසන විට මම වඩාත් උනන්දුවෙන් ඈ දෙස බැලීමි. හදිසියේ එවන් සිතුවිල්ලක් ඈ සිතේ ඇති වූයේ මන්ද කියා මම නොදනිමි. මා සිතේ එවන් අදහසක් තිබුණද මම එවැන්නක් ඈ හා පවසන්නේ කෙසේද…? ඇරත් අනුරාග් විසින් මට යෝජනාවක් ඉදිරිපත් කර තිබියදීත්.

    “ඔයාට ඇයි එකපාරම එහෙම හිතුණේ…?” මම ඇසීමි.

    “එක පාරමත් නෙවේ…මං ටිකක් ඒ ගැන හිතුවා…මං හිතින් මවා ගෙන හිටියට ආරාණ්‍යා…සර් එහෙම දෙයක් හිතලාවත් නැතුව ඇති…අපි මැද පන්තියේ මිනිස්සු…අපිට එයාලා එක්ක හැරෙන්නවත් පුළුවන්ද…? ඒ බව දැන දැනම මං හීන දකිනවා…”

    “ඔය ඕන තරම් දුප්පත් ගෑණු ළමයි කසාද බැඳපු පිරිමි ළමයි ඉන්නේ චාරුකා…”

    “නවකතා පොත් වල…” උපහාසය මුසු සිනහවක් පාමින් ඈ කීවාය.

    “පොත් වල ලියවෙන්නේත් සැබෑ ජීවිත වල සිද්ධ වෙන කතා තමා…”

    “අනේ මන්දා…මට නම් හිතෙන්නේ මං දුවන්නේ මිරීඟුවක් පස්සෙ කියලමයි…”

    “මෙච්චර කාලෙකට ඔයාට එහෙම හිතුණේ නැහැනේ…”

    “ආදරේ නිසා මිනිස්සු අන්ධ වෙනවලු…”

    “දැන් ආදරේ නැත්ද…නැත්නම් ඔයාට පෙනීම ලැබිලාද…?” විහිළුවක ස්වරයෙන් මම ඇසීමි.

    “අනේ මන්දා…අනුරාග් සර්ට මාව නිකන් එම්ප්ලෝයර් කෙනෙක් විතරයි ආරණ්‍යා…එයා කවදාවත් මට විශේෂයක් කරලා නැහැ…සර් බලයි කියලා මං ලස්සනට ඇඳන් එනවා…ඒත් එයා කවදාවත් හැරිලාවත් බලලා නැහැ…මායි හීන මවන් ඉන්නේ…”

    ඒ ඇසූ මා සිතේ ඇති වූයේ අනුකම්පා මුසු වූ හැඟීමකි.

    “ඒත්…හීන මවන එක වැරදි නැහැනේ…”

    “වැරදි කෙනෙක් ගැන හීන මවන් ඉන්න එක වැරදියි…ඒ හීනෙන් අපි අවදි වෙත්දී…අපිට සැබෑ ජීවිතේ හුඟක් දේවල් මඟෑරිලා තියෙන්න පුළුවන් ආරණ්‍යා…”

    ඒ කතාවට මම තිගැස්සී ගියෙමි. ඈ එය පැවසුවේ මා මුල් කොට ගෙන නොවූ මුත් එය මා සිතට තදින් දැනිණි. අවීශ් ගේ අහිමි වීම මා සිත පාළු අඳුරක ගිල්වීමට සමත් වුවද ඔහු නොමැති බව යළි නොඑන බව පිළිගැනීමට මා සිත තවමත් අකමැතිය. මා තවමත් බලා සිටින්නේ ඔහු යළි දිනක පැමිණෙනු ඇතැයි කියාය. ඒ අතරින් මාද ඉටු නොවන දෙයක් පිළිබඳව සිහින දකිමින් පසුවන අයෙකු වෙමි. චාරුකා පවසන ලෙස එම සිහිනයෙන් මිදෙන කලක සැබෑ ජීවිතයේ බොහෝ දේවල් මා තුළින්ද මඟ හැරී තිබෙනු ඇතිවාට සැක නැත.

    “ඒත් අපි කැමතිම ආසම හීන දැක දැක ජීවත් වෙන්නමනේ…හීන ලෝකේ ජීවත් වෙන්න…එහෙම නේද…?”

    “ඔව්…ඇත්ත…ඒත්…කවදා හරි ඒ හීන ඉටු නොවුණොත්…අපිට ඉතුරු වෙන්නේ.. ඒ ඉටු නොවුණ හීන ගැන දුකක්… කනගාටුවක් විතරයි නේද…?”

    “ඔව්…ඒත්…හීනයක් නැති කෙනෙක්…හරියට ඇවිඳින මළ මිනියකට සමානයි කියලා මං අහලා තියනවා…”

    “ඔව්…ආරණ්‍යා…ඇත්ත…ඒත් ආදරේ ගැන හීන මවත්දී…ඔය කතාව හුඟාක් වෙනස්…මේ හැම දේකටම මුල…අපේ හිත…ඕනවට වඩා හිතන එක…”

    සැහැල්ලු සිනහවක් මුව මත තවරා ගත් රුචිකා කීවාය.

    “සිතුවිලි අහුරලා…අපිට වැට කඩුළු බඳින්න බැහැ රුචිකා…ඒවා ඉපදෙනවා…මැරෙනවා…සමහර ඒවා කාලයක් යනතුරුම අපේ හිත් වල ජීවත් වෙනවා…”

    “ඔව්…ඒවා ඉපදෙනවා…ඒවා මැරුණාම…ඉටු නොවුණාම…අපි මැරි මැරි…ජීවත් වෙනවා…”

    “හීන…බලාපොරොත්තු ඉටු වුණාම දැනෙන සතුට වගේම…ඒවා ඉටු නොවුණාම…දැනෙන දුකත් දරා ගන්න තරම්…ශක්තියක්…හිතට තියෙන්න ඕන..”

    “ඒ ටික නම් හරිම ලස්සනයි…ආරණ්‍යා…ඒත්…මට බර වැඩියි…”

    “ජීවිතේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න…බරක් ඔළුවට අරන් ජීවත් වෙන්න එපා…අපේ ජීවිත කෙටි කාලයයිනේ…බරපතළ තීරණ ගන්නත් වෙන වෙලාවල් එනවා…ඒවා ඉතින් ඒ වෙලාවට…”

    “ඒක ඇත්ත…මේකත් බරපතළ කාරණයක් නේද…මං අහන්නේ අනුරාග් සර් ගැන මං හිතන දේවල්…?”

    ඈ සැහැල්ලු ලෙස අසන විට මා මුවටද සිනහවක් නැඟිණි.

    “එහෙනම් ඔයා ඒ ගැන බරපතළ විදියට හිතන්නකෝ…”

    එසේ කී මම ඇයත් සමඟම අසුනින් නැඟී සිටියෙමි. කෙසේ නමුත් ඇයටද තම සිතිවිලි පිළිබඳව කරුණු අවබෝධ වීම එක් පසෙකින් හොඳ යැයි කියා මට සිතිණි.

    සවස සේවය නිම වී මම පිටතට වී බලා සිටියේ ගුණතුංග මාමා පැමිණෙන තුරුය. ඔහු මඳක් පමා වන බව පවසා තිබුණෙන් මට රැඳී සිටීමට සිදු විය. රුචිකා මගෙන් සමුගෙන ගියේ බසය ගැනීමට පමා වන බව පවසමිනි. මේ වන විට කාර්යාලයේ සියළු දෙනම පිටව ගොස් සිටින්නට ඇත. අහසත් මඳ අඳුරක ගිළී තිබුණේ වැස්සක පෙර නිමිති කියා පාමිනි. ගුණතුංග මාමා නොඑන්නට මට බසයේ යා හැකිව තිබිණි. කුමක් කරමුද කියා මම දෙගිඩියාවෙන් සිටින විට මා නෙත ගැටුණේ පාරෙන් එහා පස නවතා තිබු සුදු පැහැති වෑන් රථයකි. තිගැස්මක් මා සිතේ ඇති වන විට මට සිහි වූයේ එය මඳ වේලාවක් පටන් එහි තිබූ බවය. දෙපතුළින් පටන් ගත් හිරිවැටීමක් මා ගත පුරා දිව යනු මට දැනිණි. ඒ අප නිවස අසළම නවතා තිබූ රථයම බවට සැකයක් නැත. මෙතෙක් කලක් සිත තුළ වූ කුතුහළය සංසිඳුවා ගැනීමට මේ හොඳම අවස්ථාව විය. එහි සිටින්නේ කවුරුන්ද කියා මට සියැසින්ම දැක බලා ගත හැක. දෙවරක් නොසිතූ මම වහා එදෙසට පියවර මැන්නේ එය පිටව යා දෝයි සැකයෙනි. පාර මාරු වීමට බලා සිටින මොහොතේ මා අසළම නැවතූ අනුරාග්ගේ රථය නිසා සුදු පැහැ වෑන් රථය ඉවත ඇදී යනු මට පෙනිණි. මගේ අනුමානය නිවැරදිය. එය අප නිවස අසළ නවතා තිබූ රථයම බව දැන් සැකයක් නැත.

    “ආරණ්‍යා…තවම ගියේ නැත්ද…?”

    අනුරාග් රිය කවුළුව පහත හෙළා මා ඇමතුවේය.

    “නැ…හැ…මා…මා…එනවා කිව්වා…”

    ගොත ගසමින් මම කීවෙමි.

    “නඟින්න…මම ඩ්‍රොප් කරන්නම්…”

    ඔහු කියන විට මම දෙවරක් නොසිතාම රථයට නැඟුණෙමි. මා හද ගැස්ම මේ වන විට වේගවත් වී තිබිණි.

    “මොකද වුණේ…? ඔයාගේ මූණත් අමුතු වෙලා…”

    රථය ඉදිරියට ධාවනය කරමින් අනුරාග් විමසුවේ ඉක්මන් බැල්මක් මවෙත හෙළමිනි. මම ගුණතුංග මාමාට ඇමතුමක් ගෙන මම අනුරාග් සමඟ පැමිණෙන බව දැන්වීමි. පසුව මම සිදුවීම අනුරාග් හා පැවසීමි.

    “එහෙම අවධානමක් ගන්නවද ආරණ්‍යා…මට කියලා තියෙන්න මම බලනවානේ… ඔයාව පැහැර ගෙන ගියා නම්…?”

    නොසන්සුන් හඬකින් ඔහු කීවේය.

    “මට ඕන වුණේ ඒ කවුද බලන්න…”

    “ඇයි…? ඔයා හිතන් ඉන්නේ ඒ අඳුනන කවුරු හරි නම් ඇවිත් ඔයාව පැහැරගෙන යයි කියලා හරි…ඔයා ගැන ඔත්තු බලයි කියලා හරිද…?”

    ඔහුගේ හඬේ වූයේ නොසතුටකි. ඔහු කියන දේත් සැබෑය.

    “ටෙලාන්ගේ මිනිස්සුද දන්නැහැ…”

    “පාතාලේ මිනිස්සු එක්ක හැප්පෙන්න පුළුවන්ද ඔයාට…වාහනේ දාන් අරන් ගියා නම් එහෙම…?”

    මම ඒ මොහොතේ ඒ කිසිත් නොසිතුවෙමි. දැන් නම් බියක් මා සිතේ ඇති විය.

    “ගෙවල් ළඟත් ඔය වාහනේම තිබුණා නම්…අද මෙතන්ටත් ආවා නම්…ඒ ඇවිත් තියෙන්නේ මිස්ටර් මාවන් ගැන ඔත්තු බලන්න වෙන්න බැහැනේ…ඒ ඔයා…ගැන බලන්නයි…ඔයා මීට වඩා හිතන්න ඕන…”

    එහි වූයේ තරවටුවක ස්වරූපයකි.

    “ඇයි ඒ මං ගැන…? මං ටෙලාන් එක්ක කිසිම සම්බන්ධයක් නැහැනේ…අඩුම තරමේ මං එයා එක්ක කතා කරලාවත් නැහැ…”

    “අපි හිතනවට වඩා දෙයක් මෙතන තියනවා…”

    කළබල වන්නට හෝ අවධානමක් නැතැයි කියා හෝ ඔහු පැවසුවේ නැත. එසේ මුසාවක් පවසා මා සිත සනසන්නට ඔහුට වුවමනා නොවූවා වන්නට ඇත. නැන්දා ඇමතුමක් දී මා පරිස්සමෙන් එනවා දැයි කියා ඇසූ ආකාරය පවා මා සිත් ගත්තේ නැත. ගුණතුංග මාමා ඇයට මම අනුරාග් හා පැමිණෙන බව දන්වා තිබිණි. අපි නිවසට එන විට ඔවුන් පෙරමඟ බලා සිටිනු දැක මා සිතේ ඇති වුයේ නොසන්සුන් හැඟීමකි. ගුණතුංග මාමා වහා ගොස් ගේට්ටුව වසා දැමුවේ අනුරාග්ගේ රථය මිදුල මැද නවතන විටමය. කුමක් හෝ යමක් සිදුව ඇත.

    “මොකද නැන්දේ…මොකක් හරි ප්‍රශ්නයක්ද…?” මැඩගත් කුහුළකින් මම ඇසීමි.

    “යමු පුතේ ඇතුළට…”

    ඈ වහා කීවේ මා ඇසූ දෙයට පිළිතුරක් නොදීය. තාත්තා සමඟම කතා බහ කරමින් නිවසට ගොඩ වූ අනුරාග් පසුපස මාත් නැන්දාත් නිවසට ගොඩ වුණෙමු.
    සිදුව ඇති දෙය අපි දැන ගත්තේ ඉන් අනතුරුවය. නැන්දා එය අප සමඟ පැවසුවාය.

    “ගුණතුංග අයියා හවස වැඩ වගයක් කරගෙන ඔයාවත් එක්ක එන්නම් කියලා…ගියානේ…මං ගේට් එක වහන්න යත්දී…ඉස්සරහා ගෙදර මිසිස් රුබේරු මාව දැකලා කතා කළා…මං ගේට් එකත් එළියෙන් වහන් එයා එක්ක එයාළගේ මිදුලේ ඉඳන් කතා කර කර හිටියා…එයාලගේ ගේට් එකත් ඇරලා තිබුණේ… එතකොටම තමා අර සුදු වෑන් එක ඇවිත් අපේ ගේට් එක ඉස්සරහා නැවැත්තුවේ…මිසිස් රුබේරුත් ඒක කීප දවසක් දැකලා තියනවා…එයාත් මගෙන් ඇහුවා අලුත් වාහනයක් ගත්තද…කීප දවසක්ම දැක්කා වෑන් එක…කියලා…මං එක පාරටම ගෙදරට එන්නත් බය වුණා…අපි ගේට් එක ළඟ ඉන්නවා දැකලාද මන්දා වෑන් එක ගියා…මං ඊට පස්සෙයි දුවන් ඇවිත් අයියාට කෝල් කළේ…”

    අනුරාග් එවිට ඉක්මන් බැල්මක් මවෙත හෙළීය.

    “ඇතුළේ හිටියේ කවුද කියලා දැක්කේ නැත්ද…? අපිට කැමරා සර්ච් කරලා බලන්න පුළුවන් නේ…” තාත්තා මතක් කළේය.

    “ඇතුළේ පෙනුණේ නැහැ…කළු ග්ලාස් එක…කැමරාවට මොකුත් පේන්නේ නැහැ…අනික නම්බර් ප්ලේට් එකක් වත් නැහැ…”

    “ඒ වෑන් එක හවස අපේ ඔෆිස් එක ඉස්සරහා නවත්තලා තිබුණා…”

    මම කියන විට සුළු මොහොතකට එහි පැවතියේ නිහැඬියාවකි. තාත්තාගේත් අනුරාග්ගේත් අදහස වූයේ මා ටික දිනකට නිවසේ නැවතිය යුතු බවය.

    “ඒක තාවකාලික විසඳුමක් විතරනේ තාත්තේ…ඒ කවුද කියලා හොයලා බලන්න ඕන…”

    “අපි ඒක බලා ගමුකෝ…මං කම්ප්ලේන් එකක් දාන්නම්….”

    තාත්තා එසේ කියා නැඟිට ඉවත ගියේ නොසතුටු මුහුණක් මවා ගනිමිනි.

    “ඔයා ටික දවසක් ගෙදර ඉඳන් වැඩ කරන්නකෝ…”

    අනුරාග් පවසන විට මට ඊට එකඟ වනවා හැරුණු කොට වෙන යමක් කළ නොහැකි බව වැටහිණි.

    -හෙටත් මුණ ගැහෙමු-

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 58

    Hima Mal Renu හිම මල් රේණු නදීරා කුමක් කියන්නට යනවාද කියා මා සිතේ වූයේ කුතුහළයකි. "ඔයාම කියනවනේ ආරණ්‍යා ...අනුරාග් හොඳ කෙනෙක්...

    Hima Mal Renu හිම මල් රේණු – 57

    Hima Mal Renu හිම මල් රේණු - 57 වෙනි කොටස ලිපි ගොනුවත් රැඟෙන මම අනුරාග් ගේ කාර්යාල කාමරයට යන විට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page