Fashion and BeautyHair Care Routine අකලට වයස නොයන නිරෝගී කෙස් කළඹක්

Hair Care Routine අකලට වයස නොයන නිරෝගී කෙස් කළඹක්

-

spot_img

Hair Care Routine – නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට කවුරුත් කැමතියි. නමුත් අකලට හිසකෙස් පැසීම, හිසකෙස් ගැලවී යාම වැනි හිසකෙස් සම්බන්ධ ගැටළු බොහොම සුලබ මාතෘකාවක් වී තිබේ. ක්ෂණික ආහාර භාවිතය, පරිසර තත්වයන් සහ හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය ලබා නොදීම යනාදි බොහෝ කාරණා මෙයට බලපායි. නිරෝගී කෙස් කළඹක් සඳහා ඔබ සැලකිල්ලට ගත යුතු කාරණා කිහිපයකි.

• පෝෂ්‍යදායී ආහාර ගැනීම.

Hair Care Routine

ක්ෂණික ආහාර භාවිතය හැකිතාක් අවම කරන්න. හිසකෙස් වර්ධනය සඳහා ප්‍රෝටීන් අත්‍යවශ්‍ය සාධකයකි. ප්‍රෝටීන් 45 g පමණ දිනකට අවශ්‍ය වේ. මාළු, බෝංචි, මස්,බිත්තර වැනි ආහාරවල ප්‍රෝටීන් බහුලව අඩංගු වේ. හිසකෙස් ගැලවී යෑම සහ පැසීම මෙමගින් අවම කර ගත හැක. කෙස් කළඹේ නිරෝගීභාවය උදෙසා සින්ක් (Zinc) අඩංගු ආහාරද ඉතාමත් වැදගත් වේ. එළවළු, පළතුරු ආහාරයට ගැනීම සහ හැකිතරම් ජලය පානය සිදුකරන්න.
• හිසකෙස්වල ස්වභාවය හඳුනා ගන්න.
හිසකෙස් වියළි හෝ තෙල් සහිත ද යනුවෙන් හඳුනා ගන්න. තෙල් සහිත හිසකෙස් දිනපතා ෂැම්පු කිරීම සුදුසු වුවත් වියළි හිසකේ දිනපතා ෂැම්පු කළ යුතු නොවේ.
• නිවැරදි ෂැම්පු වර්ගය තෝරාගන්න.

 

ඔබේ හිසකේ සඳහා සුදුසු ෂැම්පු වර්ගය තෝරාගන්න. අඩංගු ද්‍රව්‍ය පරීක්ෂා කර බලන්න. Ammonium lauryl sulfate, Sodium lauryl sulfate අඩංගු ෂැම්පු භාවිතය නතර කරන්න. තවද නිෂ්පාදනවල ගුණාත්මක භාවය මිල අනුව තීරණය කිරීමට නොහැකි බව සිහිතබා ගන්න.
• කන්ඩිෂනර් කරන්න.

Hair Care Routine

මෙමගින් ගැට ගැසීම් නොමැති, මෘදු සහ දීප්තිමත් හිසකෙස් ලැබේ. තෙත හිසකේ මත කන්ඩිෂනර් ආලේප කර කෙස්කළඹ පුරාවටම එකසේ පැතිරීම සඳහා පීරන්න. විනාඩි 3 ක් 4 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිසකෙස් සෝදන හැම වතාවකදීම කන්ඩිෂනර් යෙදීම අත්‍යවශ්‍ය නොවේ.

 

• දිනකට එක් වතාවකට වඩා හිසකෙස් සේදීම නුසුදුසු වන අතර උණුසුම් ජලය හෝ සීතල ජලය භාවිතා කරන්න එපා. හිසකෙස් පිසදැමීම මෘදුව කළයුතු අතර එමගින් හිසකෙස් කැඩී යෑම අවම කරගත හැක. තෙත හිසකෙස් පීරිමෙන් වළකින්න. මාස දෙකකට වතාවක් කෙස් කළඹේ අගිස්ස කපා ඉවත් කරන්න.
• මත්පැන් භාවිතය, ක්ෂණික ආහාර භාවිතය සහ මානසික අවපීඩනය මෙන්ම හෘද රෝග, අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා ගන්නා ඖෂධ වර්ගද කෙස් කළඹේ ඇතිවන ගැටළු සඳහා හේතු වේ.
Healthline ඇසුරිනි –

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you