Hair Care Routine – නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට කවුරුත් කැමතියි. නමුත් අකලට හිසකෙස් පැසීම, හිසකෙස් ගැලවී යාම වැනි හිසකෙස් සම්බන්ධ ගැටළු බොහොම සුලබ මාතෘකාවක් වී තිබේ. ක්ෂණික ආහාර භාවිතය, පරිසර තත්වයන් සහ හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය ලබා නොදීම යනාදි බොහෝ කාරණා මෙයට බලපායි. නිරෝගී කෙස් කළඹක් සඳහා ඔබ සැලකිල්ලට ගත යුතු කාරණා කිහිපයකි.
• පෝෂ්‍යදායී ආහාර ගැනීම.
ක්ෂණික ආහාර භාවිතය හැකිතාක් අවම කරන්න. හිසකෙස් වර්ධනය සඳහා ප්‍රෝටීන් අත්‍යවශ්‍ය සාධකයකි. ප්‍රෝටීන් 45 g පමණ දිනකට අවශ්‍ය වේ. මාළු, බෝංචි, මස්,බිත්තර වැනි ආහාරවල ප්‍රෝටීන් බහුලව අඩංගු වේ. හිසකෙස් ගැලවී යෑම සහ පැසීම මෙමගින් අවම කර ගත හැක. කෙස් කළඹේ නිරෝගීභාවය උදෙසා සින්ක් (Zinc) අඩංගු ආහාරද ඉතාමත් වැදගත් වේ. එළවළු, පළතුරු ආහාරයට ගැනීම සහ හැකිතරම් ජලය පානය සිදුකරන්න.
• හිසකෙස්වල ස්වභාවය හඳුනා ගන්න.
හිසකෙස් වියළි හෝ තෙල් සහිත ද යනුවෙන් හඳුනා ගන්න. තෙල් සහිත හිසකෙස් දිනපතා ෂැම්පු කිරීම සුදුසු වුවත් වියළි හිසකේ දිනපතා ෂැම්පු කළ යුතු නොවේ.
• නිවැරදි ෂැම්පු වර්ගය තෝරාගන්න.
ඔබේ හිසකේ සඳහා සුදුසු ෂැම්පු වර්ගය තෝරාගන්න. අඩංගු ද්‍රව්‍ය පරීක්ෂා කර බලන්න. Ammonium lauryl sulfate, Sodium lauryl sulfate අඩංගු ෂැම්පු භාවිතය නතර කරන්න. තවද නිෂ්පාදනවල ගුණාත්මක භාවය මිල අනුව තීරණය කිරීමට නොහැකි බව සිහිතබා ගන්න.
• කන්ඩිෂනර් කරන්න.
මෙමගින් ගැට ගැසීම් නොමැති, මෘදු සහ දීප්තිමත් හිසකෙස් ලැබේ. තෙත හිසකේ මත කන්ඩිෂනර් ආලේප කර කෙස්කළඹ පුරාවටම එකසේ පැතිරීම සඳහා පීරන්න. විනාඩි 3 ක් 4 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිසකෙස් සෝදන හැම වතාවකදීම කන්ඩිෂනර් යෙදීම අත්‍යවශ්‍ය නොවේ.