More
    ArtFinal Destination Bloodlines මැරෙන බව දැනගෙන ජීවත්වෙන්න!

    Final Destination Bloodlines මැරෙන බව දැනගෙන ජීවත්වෙන්න!

    -

    spot_img

    Final Destination Bloodlines – ජීවිතය නමැති ගමනේ අවසානය නොහොත් ගමනාන්තය මරණය බව අපි දන්නව. ඒ නිසාම අපි වැඩිපුරම බය මරණයට. ඕනෑම ජීවියෙක් කැමතියි තත්පරයක් හරි වැඩිපුර ජීවත්වෙන්න. ඒ වෙනුවෙන් අපි ඕනෑම දෙයක් සිදුකරාවි. ගොඩාක් වෙලාවට මිනිස්සු වංචා කරනව. ඒත් අපිට හැකිද මරණයට වංචා කරන්න…? මේ ගෙවෙන හැම තත්පරේකදිම අපි අවසන් ගමනාන්තයට නොඑසේනම් මරණය වෙත සමීප වෙමින් සිටිනව.

    Final Destination

    තමන්ට දකින්න ලැබුණ බියකරු සිහිනයක් තරුණ ස්ටෙෆනිගෙ හිත අවුල් කරලයි තිබුණෙ. නවසිය හැට ගණන්වලදි නගරයේ කුළුණක් කඩා වැටීමෙන් ජීවිත ගාණක් බිලිවෙන සිද්ධිය තමයි ඇය සිහිනෙන් දකින්නෙ. බියකරු සිහිනයේදී තමාට දකින්න ලැබෙන යුවතිය තම ආච්චි අයිරිස් වග දැනගන්නා ස්ටෙෆනි සිහිනයේ සුලමුල සොයා යන්න සූදානම් වෙනව. සිහිනයට පිළිතුරු සොයා ගිය ස්ටෙෆනිට ඇගේ ආච්චිගෙන් දැනගන්න ලැබෙනව මේ සිහිනයේ තේරුම මරණය නොඑසේනම් “මරණයේ පෙරනිමිති” වග. අයිරිස් විසින් අතීතයේ එතැන( කුළුණ තුළ) සිදුවූ අනතුරෙන් මිනිස් ජීවිත බේරාගත්තා. එතැන සිදුවූ මරණ ඇය විසින් වළකාගත්තා. නොඑසේනම් ඇය මරණයේ සැළසුම් විනාශ කර දැමුවා. ඇගේ ඒ වරද නිසාවෙන් මීළඟට වන්දි ගෙවීමට නියමිතව ඇත්තේ සිය පවුලේ සාමාජිකයන්ට බව ස්ටෙෆනි වටහාගන්නවා. දඬුවම මරණයම පමණයි..!

    Final Destination

    Final Destination Bloodlines ඉදිරියට ඇදෙන්නෙ ඔවුන් තම කුරිරු ඉරණමෙන් බේරීමට ගන්නා උත්සාහය සමගින්. මරණය පරාජය කරන්න ඔවුන්ට හැකිවෙයිද…? සමහරවිට අපේ ඇතැම් ක්‍රියාවන්ට වන්දි ගෙවන්න සිදුවන්නෙ අපේ සමීපතමයන්ට. ජීවිත කාලය පුරාම අපි මරණීය උගුල්වලින් ගැලවෙන්න උත්සාහ කරමින් ජීවත්වෙනව. නමුත් අවසානයේ නොසිතූ අයුරෙන් මරණය අප කරා එනවා.

    Life Is precious
    Enjoy every single second

    Final Destination

    ගැටළුව මරණය නෙමේ. මරණයට බියෙන් ජීවත්වෙනවාද…? නොඑසේ නම් මැරෙන බව දැන ගතවෙන හැම තත්පරයේම ජීවිතය අගය කරමින් සහ විඳිමින් ජීවත්වෙනවාද යන පැනයයි. මේ කාරණා දෙක අතරෙන් ඔබේ තේරීම මොකක්ද කියන දේ එක්ක ඔබට පුළුවන් “මැරි මැරී ජීවත්වෙන්න හෝ “මැරෙන බව දැන” ජීවත්වෙන්න. ජීවිතේ තෝරාගන්න…!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Namal Rajapaksha නාමල්ට ඇප මත මුදා හැරීමට නියෝග

    Namal Rajapaksha - අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්...

    Yatinuwara Incident යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක,බිරිඳ සහ දියණියගේ මළ සිරුරු නිවසේ තිබී සොයා ගැනේ

    Yatinuwara Incident - යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගලයෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව පොලීසිය වාර්තා කරනවා.52...

    Warrant for Namal Rajapaksha නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

    Warrant for Namal Rajapaksha - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.ඒ,...

    Borella accident බොරැල්ලේ අනතුර සිදු කර රියදුරා ගංජා මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට හෙළිවෙයි

    Borella accident - අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ සිදුවු මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරා එම අවස්ථාවේදී ගංජා...
    - Advertisement -spot_img

    Warrant for Namal Rajapaksha නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

    Warrant for Namal Rajapaksha - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.ඒ,...

    Borella accident බොරැල්ලේ අනතුර සිදු කර රියදුරා ගංජා මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට හෙළිවෙයි

    Borella accident - අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ සිදුවු මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරා එම අවස්ථාවේදී ගංජා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page