ArtFinal Destination Bloodlines මැරෙන බව දැනගෙන ජීවත්වෙන්න!

Final Destination Bloodlines මැරෙන බව දැනගෙන ජීවත්වෙන්න!

-

spot_img

Final Destination Bloodlines – ජීවිතය නමැති ගමනේ අවසානය නොහොත් ගමනාන්තය මරණය බව අපි දන්නව. ඒ නිසාම අපි වැඩිපුරම බය මරණයට. ඕනෑම ජීවියෙක් කැමතියි තත්පරයක් හරි වැඩිපුර ජීවත්වෙන්න. ඒ වෙනුවෙන් අපි ඕනෑම දෙයක් සිදුකරාවි. ගොඩාක් වෙලාවට මිනිස්සු වංචා කරනව. ඒත් අපිට හැකිද මරණයට වංචා කරන්න…? මේ ගෙවෙන හැම තත්පරේකදිම අපි අවසන් ගමනාන්තයට නොඑසේනම් මරණය වෙත සමීප වෙමින් සිටිනව.

Final Destination

තමන්ට දකින්න ලැබුණ බියකරු සිහිනයක් තරුණ ස්ටෙෆනිගෙ හිත අවුල් කරලයි තිබුණෙ. නවසිය හැට ගණන්වලදි නගරයේ කුළුණක් කඩා වැටීමෙන් ජීවිත ගාණක් බිලිවෙන සිද්ධිය තමයි ඇය සිහිනෙන් දකින්නෙ. බියකරු සිහිනයේදී තමාට දකින්න ලැබෙන යුවතිය තම ආච්චි අයිරිස් වග දැනගන්නා ස්ටෙෆනි සිහිනයේ සුලමුල සොයා යන්න සූදානම් වෙනව. සිහිනයට පිළිතුරු සොයා ගිය ස්ටෙෆනිට ඇගේ ආච්චිගෙන් දැනගන්න ලැබෙනව මේ සිහිනයේ තේරුම මරණය නොඑසේනම් “මරණයේ පෙරනිමිති” වග. අයිරිස් විසින් අතීතයේ එතැන( කුළුණ තුළ) සිදුවූ අනතුරෙන් මිනිස් ජීවිත බේරාගත්තා. එතැන සිදුවූ මරණ ඇය විසින් වළකාගත්තා. නොඑසේනම් ඇය මරණයේ සැළසුම් විනාශ කර දැමුවා. ඇගේ ඒ වරද නිසාවෙන් මීළඟට වන්දි ගෙවීමට නියමිතව ඇත්තේ සිය පවුලේ සාමාජිකයන්ට බව ස්ටෙෆනි වටහාගන්නවා. දඬුවම මරණයම පමණයි..!

Final Destination

Final Destination Bloodlines ඉදිරියට ඇදෙන්නෙ ඔවුන් තම කුරිරු ඉරණමෙන් බේරීමට ගන්නා උත්සාහය සමගින්. මරණය පරාජය කරන්න ඔවුන්ට හැකිවෙයිද…? සමහරවිට අපේ ඇතැම් ක්‍රියාවන්ට වන්දි ගෙවන්න සිදුවන්නෙ අපේ සමීපතමයන්ට. ජීවිත කාලය පුරාම අපි මරණීය උගුල්වලින් ගැලවෙන්න උත්සාහ කරමින් ජීවත්වෙනව. නමුත් අවසානයේ නොසිතූ අයුරෙන් මරණය අප කරා එනවා.

Life Is precious
Enjoy every single second

Final Destination

ගැටළුව මරණය නෙමේ. මරණයට බියෙන් ජීවත්වෙනවාද…? නොඑසේ නම් මැරෙන බව දැන ගතවෙන හැම තත්පරයේම ජීවිතය අගය කරමින් සහ විඳිමින් ජීවත්වෙනවාද යන පැනයයි. මේ කාරණා දෙක අතරෙන් ඔබේ තේරීම මොකක්ද කියන දේ එක්ක ඔබට පුළුවන් “මැරි මැරී ජීවත්වෙන්න හෝ “මැරෙන බව දැන” ජීවත්වෙන්න. ජීවිතේ තෝරාගන්න…!

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you