More
    NewsDrugs කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05ක් සමඟ කාන්තාවන් තිදෙනෙක්...

    Drugs කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05ක් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

    -

    spot_img

    Drugs කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

    සැකකාර කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදීයි. ඔවුන් ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට, ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

    සැකකාර කාන්තාවන් තිදෙනා රැගෙන ආ ගමන් මලු 04ක සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 248ක් සොයාගෙන තිබෙනවා. එම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන පළමුව ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත රැගෙන පැමිණ පසුව මෙරටට රැගෙනවිත් ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

    එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් හය කෝටි විසි නව ලක්ෂ හැත්තෑ හය දහසක් පමණ වන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේ. අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා අවුරුදු 25, 48 සහ 50 යන වයස්වල පසුවන කොළඹ, වැල්ලම්පිටිය සහ මාළිගාවත්ත ප්‍රදේශවල පදිංචිකාරිණියන් බවට අනාවරණ වී තිබෙනවා.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page