More
    FoodDoughnut දරුවො ආසම කෑමක්

    Doughnut දරුවො ආසම කෑමක්

    -

    spot_img

    Doughnut දරුවො ආසම කෑමක්

    පුංචි අය ආසම කෑමක් තමයි ඩෝනට්. එක එක පාට වලින් කැමති විදිහට හදාගන්න පුළුවන් ඩෝනට්, birthday party එකකට, විශේෂ අවස්ථාවකට විතරක් නෙමේ තේ වෙලාවටත් කදිම කෑමක්. ගෙදරදීම ඩෝනට් හදාගන්න විදිහයි මේ. 

    Doughnut

    අවශ්‍ය ද්‍රව්‍ය :

    පාන් පිටි 500gDoughnut
    සිහින්ව කුඩු කරගත් සීනි 50g
    මද රස්නේ වතුර කෝප්ප 1/4
    යිස්ට් තේ හැඳි 2
    බටර් 50g
    බිත්තරයක්
    මද රස්නේ කිරි 180 ml
    ලුණු තේ හැඳි 1

    Doughnut• සාදන ආකාරය

    භාජනයක් ගෙන ඒකට මද රස්නෙ වතුර ටික දමා යීස්ට් සහ සීනි තේ හැන්ඳක් එක් කර හොඳින් කලවම් කරන්න. මේ යීස්ට් මිශ්‍රණය විනාඩි 5ක් විතර පිපෙන්න තියන්න. ලොකු භාජනයකට පිටි ටික එකතු කර ඒකට සීනි, ලුණු, බිත්තරය සහ බටර් එකතු කරන්න. ඉන්පසු එයටම යීස්ට් මිශ්‍රණය දමා කලවම් කර ගන්න. මීළඟට කිරි ටික එකතු කර අතේ ඇලෙන පදමට ඩෝනට් මිශ්‍රණය හදාගන්න. මිශ්‍රණය තෙත රෙද්දකින් වසා පැයක් පමණ තියාගන්න.

     

    ලෑල්ලකට පිටි ඉස, ඒ මතට ඩෝනට් මිශ්‍රණය දමා ( අඟල් 1/2ක පමණ උසට ) තුනී කර ගන්න. ඉන්පසු ඩෝනට් සයිස් රවුමක් තියා, අවශ්‍ය ප්‍රමාණයට රවුම් කපාගන්න, ඒ කපා ගත් රවුම මැද තවත් රවුමක් කපා ගන්න. කපාගත් ඩෝනට් ටික තවත් විනාඩි 15 – 20 ක් විතර පිපෙන්න තියන්න. මීළඟට බඳුනකට තෙල් දමා රත් වු පසු, ඩෝනට් ටික රන්වන් පැහැයට හැරෙන තුරු ගැඹුරු තෙලේ බැද ගන්න. ඉන්පසු දියකරගත් චොකලට් , සීනි හෝ ඔබ කැමති අයිසිං වර්ණ උඩින් අතුරා සරසා ගන්න.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page