Donald Trump – ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත උසාවියක විභාග කෙරෙන නඩු කටයුත්තෙහි, අධිකරණ ශාලාවේ සියලුම ක්‍රියාකාරකම් සජීවීව විකාශය කිරීමට අවසර දීම පිළිබඳව එහි විනිසුරුවරයා කොල එළියක් දල්වා ඇතැයි CNN පුවත් සේවය වාර්තා කරනවා. හිටපු ජනාධිපතිවරයා ඇතුළු චුදිතයින් 18 දෙනෙකුට එරෙහිව මෙම නඩුව විභාග කෙරෙන්නේ 2020 මැතිවරණයේ දුෂණ සහ අපරාධ චෝදනා සම්බන්ධවයි.
පසුගිය බ්‍රහස්පතින්දා නඩුව විභාග කෙරෙන අවස්තාවේදී ෆුල්ටන් ප්‍රාන්ත සුප්‍රීම් උසාවියේ විනිසුරු Scott McAfee කියා සිටියේ, පළමුව සිය උසාවි යු ටියුබ් නාලිකාවට විකාශය කළ හැකි සියලු නඩු ලබාදෙන බවයි. එදින, විනිසුරුවරයා විසින් පටිගත කිරීම් හැර ජංගම දුරකථන සහ පරිගණක ඉලෙක්ට්‍රොනික උපාංග උසාවිය තුළදී පාවිච්චි කිරීමට මාධ්‍යවේදීන්ට අවසර දෙන ලෙස නියෝග කර තිබුණා. මෙම තීන්දුවට විරුද්ධව පෙනී සිටීමට විත්තියේ නීතිඥයින් හෝ පැමිණිලිකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් නොවීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, තීන්දුව වෙනස් වීමට යටත් වන අතර ෆෙඩරල් උසාවියට ගෙන යන නඩුවේ කිසිදු කොටසකට මෙම තීන්දුව අදාළ නොවන බව ෆුල්ටන් ප්‍රාන්ත උසාවිය වැඩිදුරටත් පවසා සිටිනවා.
-CNN News ඇසුරෙනි-
Photo Credit: www.reddit.com / www.vozwire.com