Diogo Jota – ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී මාර්ගයක සිදුවූ මෝටර් රථ අනතුරෙන් 28 හැවිරිදි Diogo Jota සහ ඔහුගේ සහෝදරයා Andre Silva(25 හැවිරිදි) මිය ගියා. අනතුර හේතුවෙන් මෝටර් රථය ගිනිගත් බව සඳහන්. පෘතුග්‍රීසි පාපන්දු ක්‍රීඩක Diogo Jota ලිවර්පූල් කණ්ඩායමේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක්. අනතුරට දින කිහිපයකට ඉහතදී ඔහු සිය දිගු කාලීන පෙම්වතිය Rute Carfoso සමගින් විවාහ වුණා. ඒ වනවිටත් ඔවුන් දරුවන් තිදෙනෙකුගේ දෙමව්පියන්. ඔහුගේ නික්මයාමේ පුවතත් සමග, ලිවර්පූල් ක්‍රීඩාංගනය අසල රැස්වුණු රසිකයින් ශෝක වෙනු දක්නට ලැබුණා.
– Newyork times ඇසුරිනි –



