Court Order – නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පාර්ලිමේන්තු වට රවුම අසල උද්ඝෝෂණය කළ බව කියන සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුළු සැකකරුවන් 34 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (ජනවාරි 6) නියෝග කළේය.
පැමිණිල්ල මෙහෙයවන වැලිකඩ පොලිසිය සිද්ධියට අදාළ කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර ඇති අතර නිරෝධායන නීතිරීති කඩකර කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු වට රවුම් ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූ බව පවසමින් වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබිණි. එම නීති විරෝධී උද්ඝෝෂණය හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි වාහන තදබදයක් මෙන් ම ජයවර්ධනපුර රෝහලට පැමිණෙන ගිලන් රථවලට දැඩි අපහසුතාවක් ඇති වූ බවත් එසේ ම මේ සිදුවීම තුළින් දැඩි මහජන කැළඹීමක් ඇතිවූ බවද වැලිකඩ පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබිණි.