More
    Fashion and BeautyBlackheads ගැටළුවට විසඳුමක්

    Blackheads ගැටළුවට විසඳුමක්

    -

    spot_img

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්නයක් මේක. මුහුණෙ සම මත ඒ කියන්නෙ නාසය, නළල, නිකට සහ කම්මුල්වල කළුපාට පුංචි ඩොට් විදිහට තමයි බ්ලැක්හෙඩ්ස් හැදෙන්නෙ.

    මොනවද මේ බ්ලැක්හෙඩ්ස් කියන්නෙ?

    ඇත්තටම මේවත් කුරුලෑ ජාතියක්. ඒවට කියන්නෙ open comedowns කියලා. සමේ වැඩිපුර තෙල්, මැරුණ සෛල සහ මුහුණ හරිහැටි පිරිසිඳු කරන්නෙ නැතිවීම වගේ හේතු නිසා බ්ලැක්හෙඩ්ස් හැදෙනවා. සමේ සිදුරු අවහිර වීම නිසයි මේක සිදුවෙන්නෙ. සාමාන්‍යයෙන් මේවා කුරුලෑ වගේ වේදනාකාරී නැහැ. ඒත් අපි ඒව හරියට ඉවත් කර නොගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

    Blackheads

    බ්ලැක්හෙඩ්ස් හැදෙන්න හේතු

    Blackheads• සමේ තෙල් නිපදවීම වැඩි වීම (මේ නිසා පහසුවෙන්ම සමේ සිදුරු අවහිර වෙනවා)

    • සමේ එකතුවෙන මැරුණු සෛල

    • හෝමෝන වෙනස්කම් (වැඩිවිය පැමිණීම, ගැබ් ගැනීම, ඔසප් වීම සහ මානසික ආතතියත් මෙයට හේතුවක්)

    • මුහුණ හරිහැටි පිරිසිඳු නොකිරීම (නිවැරදිව Makeup ඉවත් නොකිරීම, හොඳ face wash එකක් භාවිතා නොකිරීම)

    • පාරිසරික හේතු (එළිමහනේ තිබෙන දූවිලි, දුම සම මත තැන්පත් වී සමේ සිදුරු අවහිර කරනවා)

    •ආහාර සහ ජීවන රටාව (තෙල් සහිත ආහාර, ජලය පානය මදිකම, නින්ද නොමැතිකම සහ ආතතිය ) 

    Blackheads

    ගෙදරදීම බ්ලැක්හෙඩ්ස් ඉවත් කරන හැටි

    ගෙදරදීම පහසුවෙන් බ්ලැක්හෙඩ්ස් අයින් කරගන්න පුළුවන්. සැලුන් එකකට යන්නම ඕනෙ නෑ.

    • ස්ටීම් තෙරපි (Steam Therapy)

    උතුරන වතුර බේසමකට දමා විනාඩි 8-10ක් මුහුණ ස්ටීම් කරන්න. මෙයින් සමේ සිදුරු විවර කරනවා.

    Blackheads• ස්ක්‍රබ් කිරීම

    * මී පැණි සහ ලෙමන් මාස්ක්

    මී පැණි තේ හැන්දක් ලෙමන් යුෂ බිංදු කිහිපයක් සමඟ මිශ්‍ර කර බ්ලැක්හෙඩ් සහිත තැන්වල ආලේප කර විනාඩි 15ක් තබා සෝදා හරින්න. මී පැණි සම පිරිසිදු කරන අතර ලෙමන් සමේ සිදුරු විවර කරනවා.

    * බේකින් සෝඩා ස්ක්‍රබ්

    බේකින් සෝඩා ස්වල්පයකට වතුර ටිකක් එක් කර පේස්ට් එකක් හදාගන්න. එය බ්ලැක්හෙඩ්ස් මත ආලේප කර රවුම් අතට මසාජ් කරන්න. ඉන්පසු සෝදා හරින්න.

    * ග්‍රීන් ටී ස්ක්‍රබ්

    ග්‍රීන් ටී (වියළි කොළ) ස්වල්පයකට ජලය ටිකක් එක් කර පේස්ට් එකක් හදන්න. බ්ලැක්හෙඩ්ස් ඇති තැන් විනාඩි 2 -3 ක් ස්ක්‍රබ් කර සෝදා හරින්න.

    • බ්ලැක්හෙඩ්ස් ඇතිවීම වළක්වා ගන්න හැටි Blackheads

    *ක්ලෙන්සර් එකක් භාවිතා කර දවසට දෙවරක් මුහුණ සෝදන්න.

    * මුහුණ නිතර නිතර ඇල්ලීමෙන් වළකින්න.

    * වැඩිපුර වතුර බොන්න.

    * වැඩිපුර පලතුරු සහ එළවළු කෑමට ගන්න.

    * ඔබේ සමට ගැළපෙන රූපලාවන්‍ය නිශ්පාදන භාවිතා කරන්න.

    * සතියකට දෙවතාවක් මුහුණ ස්ටීම් කරන්න.

    බ්ලැක්හෙඩ්ස් හරිම ලෙහෙසියෙන් ඇතිවෙන්න පුළුවන් රූපලාවන්‍ය ගැටළුවක් වුණත් සමට හොඳ අවධානයක් ලබා දීලා ඉහත ප්‍රතිකර්ම සිදුකළොත් ඔබට නිරෝගී සුන්දර පෙනුමක් ලබා ගන්න පුළුවන්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    රත් දෝතළු – 04

    රත් දෝතළු - 04 තාත්තා නිවසට කැඳවාගෙන පැමිණියේ පාලිත මාමාගේ ත්‍රීරෝද රියෙනි. එය තිබීම වාසනාවකි. ඔහු නිවසට ආ පසුව අහළ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page