FoodBeetroot Cutlets යකඩ බහුල කෑමක්

Beetroot Cutlets යකඩ බහුල කෑමක්

-

spot_img

Beetroot Cutlets යකඩ බහුල කෑමක්

බීට්රූට් කියන්නෙ සිරුරට ගුණ දෙන පෝෂක රැසක් පිරුණු එළවළුවක්. යකඩ බහුල එළවළුවක්. ඒ වගේම ප්‍රතිඔක්සිකාරකත් අඩංගු වෙනවා. ගොඩක් වෙලාවට අපි පුරුදුවෙලා ඉන්නෙ බීට් රූට් කරි එකක් හදන්නනෙ. බීට් රූට් කට්ලට් ඉන්දියාවෙ ජනප්‍රිය කෑමක්. තේ වෙලාවට ස්නැක් එකක් විදිහටත් කදිමයි. ඒ වගේම බීට්රූට් කන්න අකමැති අයත් මේ විදිහට අනිවාර්යයෙන් කැමති වෙයි. රසට ගුණට වගේම කෑම මේසෙට ලස්සනකුත් එකතු කරන බීට්රූට් කට්ලට් හදන්නෙ කොහොමද කියලා බලමු. 

Beetroot Cutlets

• අවශ්‍ය දේවල්

බීට්රූට් අල දෙකක් (තම්බා ගන්න)

අර්තාපල් අල දෙකක් (තම්බා ගන්න ) Beetroot Cutlets

සිහින්ව කැපූ ළූණු

ඉඟුරු පේස්ට් ස්වල්පයක්

සිහින්ව කැපූ අමුමිරිස් කරල් 2 – 3 ක්

පාන් පිටි ස්වල්පයක්

පාන් කුඩු

ගරම් මසාලා මේස හැන්දක්

ගම්මිරිස් කුඩු (රස අනුව)

ලුණු (රස අනුව)

පොල් තෙල්

• සාදන ආකාරය

තම්බාගත් බීට් රූට් සහ අර්තාපල් තලපයක් වන සේ හොඳින් පොඩි කර ගන්න. භාජනයකට බීට්රූට්, අර්තාපල් මිශ්‍රණය, ළූණු, ඉඟුරු පේස්ට්, ගම්මිරිස් කුඩු ,අමු මිරිස්, ඉරිඟු පිටි, ගරම් මසාලා, ලුණු එකතු කර හැන්දක් භාවිතයෙන් හෝ අත් දෙකෙන් හොඳින් අනා ගන්න. මිශ්‍රණය මෘදු ගතිය වැඩියි නම් පාන් කුඩු ස්වල්පයක් එකතු කරන්න.

Beetroot Cutlets

දැන් කට්ලට් බෝල හෝ පැතලි ආකාරයට සකසා ගෙන පාන් කුඩු ආලේප කරන්න. තාච්චියක් ලිප තබා පොල්තෙල් එකතු කර මද ගින්නේ කට්ලට් බැදගන්න. (රන්වන් දුඹුරු පැහැයට හැරෙන තෙක්) කට්ලට්වල වැඩිපුර තෙල් ඉවත්වීමට ටිෂූ එකක් මත තියන්න. උණු උණුවේම කෑමට ගන්න. ටොමැටෝ සෝස්, ග්‍රීන් චට්නි, මින්ට් සෝස් එක්ක වඩාත් රසවත්.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you