Anura Kumara Dissanayake – ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (24) රාත්‍රියේ මහනුවර නගරයට පැමිණ තිබෙනවා. සිරි දළඳා වන්දනාව වෙනුවෙන් පෝලිම්වල රැඳී සිටින සැදැහැවතුන් අතරට ගිය ජනපති ඔවුන්ගේ සුවදුක් විමසා බලා ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ අතර, සිරි දළදා වන්දනාව සඳහා මේ වනවිට මහනුවර නගරයට විශාල පිරිසක් පැමිණ ඇති බැවින්, නැවත දැනුම් දෙනතුරු දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙසට මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත දැනුම් දී තිබුණා. ‘සිරි දළදා වන්දනාව’ අද (25) 08 වැනි දිනටත් පැවැත්වෙනවා.