More
    spot_img
    NewsKandy දළදා වන්දනාව සූදානම්

    Kandy දළදා වන්දනාව සූදානම්

    -

    spot_img

    Kandy දළදා  වන්දනාවට (18 වැනිදා ආරම්භ වන)අවශ්‍යය සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කෙරෙමින් පවතිනවා.අනිද්දා සිට දින 10ක් පුරා ඓතිහාසික සිරි දළදා වන්දනාව සඳහා සියල්ල සූදානම් බවයි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය සඳහන් කළේ.

    දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග තුනක් හඳුන්වාදීමට දළදා මාලිගය පියවර ගෙන තිබෙන අතර, ඩී.එස්. සේනානායක වීදියේ සිට දළදා මාලිගයේ පෝලිම් මාර්ගය දක්වා එක් මාර්ගයක් ද, රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව් රවුම, සංඝරාජ මාවත හරහා දළදා මාලිගයේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පෝලිම් මාර්ගය දක්වා තවත් පිවිසුම් මාර්ගයක් ද, රතු බෝක්කුව දෙස සිට වැව රවුම මාලිගාව පෙදෙස හරහා ප්‍රධාන පිවිසුම තෙක් මාර්ගයක්ද ලෙස එය ක්‍රියාත්මකයි.

    දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ තෝරාගත් පාසල් ලබන 21 සිට 25 දක්වා වසා දැමෙන බවත්, ඒ වෙනුවට එම පාසල්වල පාසල පැවැත්වෙන කාලය අප්‍රේල් 28 වැනිදා සිට සති 05ක් අතිරේකව පැයක් වැඩි කෙරෙන බවයි මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය නිවේදනය කර තිබෙන්නේ.මේ අතර සිරි දළදා ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය සියලු ආරක්ෂාව සැපයීමට ආරක්ෂක අංශ කටයුතු යොදා තිබෙන අතර, සනීපාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය ජංගම සහ ක්ෂේත්‍ර වැසිකිලි 135කට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් ඉදිකර අවසන් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Good Friday අදයි

    Good Friday ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය...

    Nimesh Sathsara දේහය අප්‍රේල් 23 වනදා ගොඩගැනීමට නියෝග

    Nimesh Sathsara - වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය මෙම මස 23...

    Tilvin Silva කියන පිල්ලෙයාන් මුදාගැනීමේ මෙහෙයුම් ප්‍රධානී

    Tilvin Silvaපැරදුනු පිරිස විසින් ජනතාව නොමග යැවීමට බොරු ප්‍රකාශ කරමින්, ආණ්ඩුව යන ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනතා විමුක්ති...

    GovPay දඩ ගෙවීමෙන් තැපෑල කඩාවැටිලද?

    GovPay රජය විසින් හඳුන්වා දී ඇති GovPay දඩ ගෙවීම් ක්‍රමවේදය හරහා තැපැල් දෙපාර්තමේන්තුව කඩා වැටීමක් සිදු ‍‍නොවන බව තැපැල්පති...
    - Advertisement -spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 65

    Pini Muthu Palasa පිනි මුතු පලස මම දොරඟුලට අත තැබුවේ දෙගිඩියාවෙනි. ඒ කටහඬ කාගේද කියා සිතන්නට මම උත්සාහ කළෙමි. "කවුද චූටි...

    Nimesh Sathsara දේහය අප්‍රේල් 23 වනදා ගොඩගැනීමට නියෝග

    Nimesh Sathsara - වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය මෙම මස 23...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page