A traffic plan – අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ පනස්වන ජුබිලි මහෝත්සවය වෙනුවෙන් අද (07) බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා.
එම ජුබිලි මහෝත්සවය වෙනුවෙන් කොළඹ අගරදගුරු මැදුරේදී ප්‍රභූවරුන් ඇතුළු විශාල ආරාධිත අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවයක් පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
ඒ හේතුවෙන්, ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා අද සවස 3.00 සිට රාත්‍රී 9.00 දක්වා බොරැල්ල වෝඩ් පෙදෙසේ කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බර වාහන ඇතුළුවීම සීමා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.