NewsA Death වෙසක් සැරසිල්ලකට අදින ලද විදුලි රැහැනකින් දැරියක...

A Death වෙසක් සැරසිල්ලකට අදින ලද විදුලි රැහැනකින් දැරියක ජීවිතක්ෂයට

-

spot_img

A Death – වෙසක් සැරසිලි සඳහා අදින ලද අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී 09 හැවිරිදි  දැරියක් මිය ගොස් ඇති බව මොරගහහේන පොලිසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ මොරගහහේන පාදුක්ක පාර මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 06  ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ දැරියක්.

අනතුර සිදුවන අවස්ථාවේ දැරිය නිවස ඉදිරිපිට පාපැදියක් පදිමින් සිට ඇති අතර මව මුළුතැන් ගෙයි වැඩ කටයුතු වල නිරතව සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. පාපැදිය පදමින් සිටියේ දරුවා එකවරම කෑ ගසන සද්දයක් ඇසීමත් සමගම මව මුළුතැන් ගෙයින් නිවස ඉදිරිපිටට ගොස් ඇති අතර යාබද නිවසක පදිංචි ඥාතියෙක් පාපැදිය මත බිම වැටී සිටි දරුවා, අසල තිබූ විදුලි රැහැනට පොල්ලකින් පහරදී ඉවත්කර තිබෙනවා. පසුව දරුවා පාදුක්ක රෝහල රැගෙන ගොස් ඇතත් දැරිය ඒ වන විටත් ජීවිතක්‍ෂයට පත්ව සිටි බවයි පොලීසිය පැවසුවේ.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you