Artහැමෝටම තියනව ලෝකය නොදන්න තමන්ගෙ ප්‍රශ්නයක්

හැමෝටම තියනව ලෝකය නොදන්න තමන්ගෙ ප්‍රශ්නයක්

-

spot_img

හැමෝටම තියනව ලෝකය නොදන්න තමන්ගෙ ප්‍රශ්නයක් – Do Deewane Seher Mein

ජීවිත කාලෙ පුරාවටම මිනිස්සු පරිපූර්ණත්වය ලඟා කර ගන්න උත්සාහ කරනව. මොකක්ද මේ කියන පරිපූර්ණත්වය? ධනවත්කම, ජනප්‍රියත්වය, ඒ නැතිනම් හොඳ රැකියාවක්, සුදුසු සහකරුවෙක්, සහකාරියක්. මේ ඔක්කොම ලැබිලත් සමහර වෙලාවට පරිපූර්ණත්වය ලඟා කර ගත්තෙ නැති බව දැනෙන්න පුළුවන්. සතුටක් නොදැනෙන්න පුළුවන්. මේකට හේතුව අපි පරිපූර්ණත්වය ලඟා කර ගන්න උත්සාහ කරන්නෙ අපේ සතුටට වඩා ලෝකයට සම්පූර්ණ මිනිස්සු බව පෙන්වන්න තියෙන උවමනාව නිසා. ආදරේ කරන්න, විවාහ වෙන්න අපි හොයන්නෙ හැම අතින්ම ගැළපෙන සහකරුවෙක්ව. ඒත් එහෙම 100% ක් ගැළපෙන අය මේ ලෝකෙ ඉන්නවද? ඒ තරමට ගැලපෙන ජෝඩුවක් මුණ ගැහුණොත් ටික කාලයක් ඇතුලෙම සම්බන්දෙ boring වෙයි. ගැළපීම්, නොගැළපීම්, එකඟවීම්, පුංචි පුංචි මතභේද මේ හැමදේම එක්ක තමයි ආදරේ වගේම ජීවිතෙත් ලස්සන වෙන්නෙ. 

Do Deewane Seher Mein

අපි ජීවත්වෙන්නෙ social media ජීවිතේ අත්‍යවශ්‍යම අංගයක් තරමට වැදගත් වෙලා තියෙන ලෝකෙක. social media ඇතුලෙ හිරවෙලා හුදකලා වෙලා ඉන්න අපිට සැබෑ ලෝකයෙ ගොඩක් දේවල් මග හැරෙන බව, ඉගෙන ගන්න, අත්දැකීම් ලබන්න තියෙන අවස්ථා මග හැරෙන බව ගොඩක් අය දන්නෙ නැහැ. මිනිස්සු social media වල අහන්න, දකින්න, පෙනෙන්න තියෙන දේවල් වලින් ගොඩක් දේවල් තීරණය කරනව. කන බොන දේ ඇඳුම පැළඳුම ඇතුළුව ජීවත්වෙන විදිහ පවා. කාලෙන් කාලෙට එන trends වලට අහුවුණාම අපිට අපිව දරුණුවටම මිස් වෙන්න ගන්නව.

Do Deewane Seher Mein

ගොඩක් වෙලාවට අපි කෙනෙක්ගෙ බාහිර ස්වරූපයෙන් ඔහු හෝ ඇය පිළිබඳ නිගමනවලට එලඹෙනවා. දකින්න ලැබෙන දේවලින් අනිත් අය ගැන කතාවක් හිත ඇතුළෙ නිර්මාණය කර ගන්නවා. අපි හැර මෙලොව අන් සියල්ලන්ම පරිපූර්ණත්වය ලඟා කරගත් අය බවට අනුමාන කරනවා. ශෂාන්ක් ෂර්මා ගැනත් රොෂ්නි ශ්‍රීවාස්තවා ගැනත් මිනිස්සු හිතුවෙ එහෙම. ඒ දෙන්න බොහොම සර්ව සම්පූර්ණ හැමදේම ළඟා කරගත් උදවිය කියලා. නමුත් එහෙම සර්ව සම්පූර්ණ උදවිය මේ ලෝකෙ නැහැ. අපි හැමෝම අසම්පූර්ණ මිනිස්සු. ලෝකය නොදන්නව වුණාට හැමෝටම තමන්ගෙම ප්‍රශ්න, අරගල තියෙනවා. බලාපොරොත්තු, හීන තියෙනවා. ඒ අසම්පූර්ණ බව එක්ක තමයි අපි පැවතෙන්නෙ. අලෙවිකරණ අංශයේ රැකියාවක් කෙරුව ශෂාන්ක්ට කතා කිරීමේ අපහසුතාවක් තිබුණා. මේ හේතුවෙන් ඔහුගෙ ආත්ම විශ්වාසය හැම තිස්සෙම බිඳිලයි තිබුණෙ. අන් අය තමාට සරදම් කරතැයි බියක්. තමාව පිළිනොගෙන සිටිතැයි බියක්. රැකියාව අත් හරින්න වෙන තරමට ඔහුට මේක වදයක් වෙලා තිබුණා. ශෂාන්ක් කියන්නෙ තනිකඩයෙක්.

Do Deewane Seher Mein

සමේ පැහැය, සිරුරේ හැඩය, උස් මිටි බව වගේ සුන්දරත්වයට මිනුම් තියෙන ලෝකෙ රොෂ්නිට හිතුණා ඇගේ සමේ පැහැය අඳුරු බව. ගොඩක් අය ලස්සන කියන්නෙ සුදු වෙන එකට කියල හිතනවනේ. ඒ වගේම තමන්ගෙ නාසයේ හැඩයටත් ඈ කැමති වුණේ නැහැ. සුන්දරත්වය තියෙන්නෙ බලන කෙනාගෙ හිතේ බව රොෂ්නි වගේම ගොඩක් අය දන්නෙ නැහැ. තමන්ගෙ පෙනුම එතරම් හොඳ නැති බව සිතුව නිසාම රොෂ්නි ළඟත් අනිත් අයට මුහුණ දෙන්න අවශ්‍ය කරන ආත්ම විශ්වාසය තිබුණෙ නැහැ. ඇය ප්‍රේම සබඳතා ගැන හිතුවෙ නැහැ වගේම විවාහ යෝජනාත් ප්‍රතික්ෂේප කරා. ආදරේ උරුම ලස්සන පෙනුමක් හිමි අයට පමණක් වග ඇය විශ්වාස කරන්න ඇති. නමුත් හැම දේම වෙනස් වෙන්න ගන්නෙ ශෂාන්ක් සහ රොෂ්නිගෙ මුණ ගැහීමත් සමගින්.

ආදරේ අපේ ජීවිතේට එන්නෙ නොසිතන වෙලාවක. අහම්බෙන් වගේ. ආදරේ පරිස්සම් කර ගන්න එක ලේසි නෑ. බැඳීමක් සුන්දර වෙන්නෙ දෙන්නට දෙන්නා තේරුම් ගැනීමත් එක්ක. විවෘතව කතාබහ කිරීමෙන්, එකිනෙකාගෙ අඩුපාඩු හඳුනා ගැනීමෙන් සහ ඒ දේවල් accept කිරීමෙන් මිසක බාහිර සුන්දරත්වය නිසා නෙමෙයි. සැබෑ ආදරේ ඇතුලෙ රහස් නෑ. බොරු රඟපෑම් නෑ. තමා නොවන වෙනත් චරිතයක්, ප්‍රතිරූපයක් නඩත්තු කරමින්, පරිපූර්ණ බව පෙන්වන්න උවමනා නැහැ. එහෙම රඟපෑම් කරන්න ආදරේට බැහැ. සැබෑ ආදරේ ලැබුණ දවසට අපිට පුලුවන් නිදහසෙ සැහැල්ලුවෙන් අපි විදිහටම ඉන්න. සැබෑ ආදරේ කියන්නෙ අපිට අපිම හමුවෙන එකට !

Do Deewane Seher Mein

මෙම වසරේ පෙබරවාරි මාසයේ තිරගත වූ Do Deewane Seher Mein හුරුපුරුදු බොලිවුඩ් ආදර කතා ශෛලිය ඉක්මවා ගිය ආදර කතාවක්. බොහෝ විට තිරයේ දක්නට ලැබෙන වීරයන්ගෙන් සහ සුරූපිනියන්ගෙන් සමන්විත සිහිනමය කතන්දරවලට වඩා යථාර්ථයට, ප්‍රේක්ෂකයන්ගේ සැබෑ ජීවිතවලට සමීප බව සිතිය හැකි හදවතට කතා කිරීමට සමත් කතා තේමාවක්. මෙහි අධ්‍යක්ෂණය Ravi Udyawar විසින්. Siddhant Chaturvedi සහ Mrunal Thakur ඇතුළු රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා. බොලිවුඩ් චිත්‍රපටවල නිරතුරුවම හුරු පුරුදු සංගීතය වෙනුවට මෙම චිත්‍රපටයේ වඩාත්ම කැපී පෙනෙන්නේ නිහඬ බවයි. එය චිත්‍රපටයට වෙනස්ම සුන්දරත්වයක් එකතු කිරීමට සමත් වී තිබෙනවා. එමෙන්ම සැබෑ ජීවිතයට සමීප බව දැනෙන මතක හිටින දෙබස් රැසක් වගේම visual storytelling ඔස්සේ වචනයෙන් නොකී කතා බොහොමයක් පවසන්නට සමත්වීම ප්‍රේක්ෂකයින්ට ලැබිය හැකි සිත් කාවදින අන්දමේ අත්දැකීමක්.

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක්

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක් - සීතාවක උද්භිද උද්‍යානය මෙරට උද්භිද උද්‍යානයක් මුලින්ම නිර්මාණය වන්නේ 1821 දීය. ඒ පේරාදෙණිය රාජකීය උද්භිද...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you