ආදරේ අලුත් කරන ක්‍රම 7 ක් – Couple Goals
Affair එකක් ටික ටික කල් ගතවෙනකොට ඉස්සර තරං ආදරේ දැනෙන්නෙ නැහැ, ආදරේ අඩුවෙලා වගේ දේවල් හිතෙන එක හරිම සාමාන්‍ය දෙයක්. හැමදාම එකම style එකට ජීවත්වෙනකොට ජීවිතේ ඒකාකාරී වෙනවා. ආදරෙත් එහෙමයි. ඒත් ආදරේ කියන්නෙ හැමදාම එකම තැන රැඳෙන්නෙ නැතුව දවසින් දවස අලුත් වෙන්න ඕනෙ දෙයක්. එතකොට අද ඊයෙ ආදරේ කරන්න ගත්ත couple එකක් වගේ හැමදාමත් සතුටින් ඉන්න පුළුවන්. මේ ආදරේ අලුත් කරන Happy couple goals හතක්.

• දැනෙන්න ළඟ ඉන්න
එක ගෙදරක එක ඇඳක් බෙදාගෙන ජීවත් වුණත් වැඩක් නැහැ අනිත් කෙනා ගැන හැඟීමක්, ආදරයක් දැනෙන්නෙ නැත්තම්. කාලෙ ගතවෙනකොට affair එක ඇතුලෙ මිනිස්සු තම තමන්ගෙ ලෝකවල වැඩි වැඩියෙන් තනිවෙන්න ගන්නව. ගොඩක් වෙලාවට phone එකත් එක්ක හුදකලා වෙනව. සමහරුන්ට ආදරේට වඩා social media වැදගත් වෙන්න ගන්නව. මේකෙන් වෙන්නෙ බැඳීම ටිකෙන් ටික බිඳෙන එක. එයත් එක්ක ගත කරන වෙලාවෙදි වෙන දේවල්වලට අවධානය නොදී ආදරෙන් ඉන්න. හොඳ කතාබහක්, මතක හිටින මොහොතක් ගත කරන්න. film එකක් බලන්න යන එක, අලුත් recipe එකක් try කරන එක, dinner out එකකට යන එක එහෙම නැත්තම් දෙන්නත් එක්ක පුංචි trip එකක් යන එක ආදරේ අලුත් කරගන්න හොඳම විදිහක්.

• දවසේ සිදුවීම් share කරගන්න.
හොඳ බැඳීමක රහස තමයි රහස් තියාගන්නෙ නැතිව හැමදෙයක්ම open කතාබහ කරන එක. දවස කොහොමද ගෙවුණෙ කියන දේ, සතුටු දේවල් වගේම හිත් රිදීම් දෙන්නත් එක්ක කතා කරාම relax එකක් සතුටක් දැනෙනවා. ඒ වගේම හැඟීම්, අනාගත සැලසුම්, බලාපොරොත්තු, අරමුණු මේ හැම දෙයක්ම දෙන්නත් එක්ක කතා කරලා, plan කරගත්තම තමයි හීනවලට යන්න පුළුවන් වෙන්නෙ සහ strong relationship එකක් ඇතිවෙන්නෙ.
• ජීවිතේ Celebrate කරන්න
ජීවිතේ කියන්නෙ සමරන්න වටින දෙයක්. මේ සැමරුම් වලින් ආදරෙත් අලුත්වෙනවා. මේකට විශේෂ දවස්, වෙලාවල් හෝ අනවශ්‍ය මහන්සිවීම් , මුදල් අවශ්‍ය නැහැ. ආදරේ සමරන්න valentine, birthdays එකනකංම ඉන්න ඕනෙ නැහැ. ආදරේ හිතෙන පුංචි gift එකකට, පුංචි සප්‍රයිස් එකකට, උණුසුම් හාදුවකට, hug එකකට, එයා වෙනුවෙන් හදලා දෙන කෑම වේලකට බැඳීම් අලුත් කරන්න පුළුවන්. තමන්ව විශේෂ කෙනෙක් මේ ලෝකෙ ඉන්නව කියල දැනෙන හැඟීම හරිම ලස්සන එකක්.

• හොඳ Supporter කෙනෙක් වෙන්න
ඔයාගෙ partner ගෙ goals වලට support කරන කෙනෙක් වෙන්න. අරමුණු වෙනුවෙන් හැකි උපරිම සහයෝගය දෙන්න. එයාගෙ ජීවිතේ වැදගත් අවස්ථාවලට සහභාගී වෙන්න. අධෛර්යයට පත් වුණාම වචනෙකින් හරි දිරි ගන්වන්න. එතකොට ආදරේ විතරක් නෙවෙයි හීන අරමුණුත් සාර්ථකව ඉටු කරගන්න පුළුවන්කම තියෙනවා.
• සාධාරණව රණ්ඩු කරන්න
රණ්ඩු, හිත් අමනාපකම් කියන්නෙ හරිම සාමාන්‍ය දේවල්. (නිතර, නිතර සිද්ධවෙන එක හොඳ දෙයක් නෙමේ) රණ්ඩුවකදි එකිනෙකාට අපහස කිරීම හෝ දොස් පැවරීම වෙනුවට සවන්දීමත්, කතාබහ කිරීමත් තමයි වැදගත්. මේ වගේ වෙලාවට අත්‍යවශ්‍යම දේ තමයි ඉවසීම. ඉවසීමෙන් සවන්දීමෙන් සහ කතාබහ කිරීමෙන් ප්‍රශ්නෙ විසඳගන්න පුළුවන් වගේම අනවශ්‍ය සිත් අමනාපකම් හෝ කරදර ඇති වෙන්නෙ නැහැ.

• මුදලුත් වැදගත්
අඟහිඟ තියෙනකොට ආදරේ පෑල දොරෙන් පැනලා යනව කියල කතාවක් තියන නිසා, කරදරයක් නැතිව ජීවත්වෙන්න මුදල් අත්‍යවශ්‍යයි. මේ නිසා දෙන්නත් එක්ක එකතුවෙලා මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීම වැදගත්. වියදම් ගැන දැනුවත් වීම, ඉතිරි කිරීම ප්‍රීතිමත් අනාගතයකට අත්‍යවශ්‍යම දෙයක්. ඇත්තම කතාව ආදරේ කොච්චර තිබුණත් හැම දෙයක්ම මුදල් මත තීරණය වෙන ලෝකයක ජීවත්වෙන්න මුදල් අවශ්‍යයි කියන දේ. එයින් තමයි අනාගතය සුරක්ෂිත වෙන්නෙ.
• අලුත් දේවල් අත්හදා බලන්න
ජීවිතේ තියෙන්නෙ enjoy කරන්න. ඉතිං අළුත් දෙයක් try කරන එක හැමතිස්සෙම සතුටක්. දෙන්න එක්ක එකතුවෙලා do list එකක් හදාගන්න. කාලයක් තිස්සෙ කරන්න ආසාවෙන් ඉන්න, හීනයක් වෙලා තියෙන දේවල් ලැයිස්තුවක් මේකට add කරන්න. trip එකක් යන එක, කැමති දෙයක් මිලට ගැනීම, අලුත් fashion එකක් කරන එක, වෙනස් දෙයක් ඉගෙන ගැනීම, vlog එකක් පටන් ගැනීම, එකතුවෙලා travel කරන එක වගේ ඕනම දෙයක් මේකට add කරලා, ඒ දේවල් කරන එකෙන් ජීවිතේට වෙනසක් දැනෙනව වගේම ආදරෙත් අළුත් වෙනවා.




