Newsබර කිලෝ 50 කින් අඩුකරගත්තොත් Porsche කාර් එකක් තෑගී

බර කිලෝ 50 කින් අඩුකරගත්තොත් Porsche කාර් එකක් තෑගී

-

spot_img

බර කිලෝ 50 කින් අඩුකරගත්තොත් Porsche කාර් එකක් තෑගී

ඔක්තෝම්බර් 23 වැනිදා උතුරු චීනයේ Shandong පළාතේ Binzhou හි ව්‍යායාම මධ්‍යස්ථානයක් විසින් අපූරු අභියෝගයක් ලබා දී තිබෙනවා. එනම් මාස තුනක් ඇතුළත සිරුරේ බර 50 kg ක් අඩුකරගන්නා ඕනෑම අයෙකුට සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දීමයි. මේ ආරංචියත් සමගින් බොහෝ දෙනෙක් බර අඩු කර ගැනීමට උනන්දුවී ඇති බව පැවසෙනවා. මේ අයුරින් කෙටි කාලයක් තුළ අධික ලෙස බර අඩු කරගැනීම අයහපත් බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

Porsche

ඔවුන්ගේ දැන්වීමට අනුව, මාස තුනක් ඇතුළත 50 kg ක් අඩු කර ගන්නා ඕනෑම කෙනෙකුට ත්‍යාගයක් ලෙස සුඛෝපභෝගී Porsche Panamera මෝටර් රථයක් හිමිවෙනවා. මෝටර් රථයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 155,000 ක් පමණ වේ. තරඟකරුවන් 30 දෙනෙක් පමණක් මේ සඳහා සහභාගී කරගන්නා බවයි ඔවුන් පවසන්නේ. තරඟය සඳහා ලියාපදිංචි වීමට ඇමරිකානු ඩොලර් 1,400 ගෙවිය යුතුයි. තරඟකරුවන්ට ආහාර සහ නවාතැන් සැපයෙන බව සඳහන්. මෙම මෝටර් රථය ව්‍යායාම මධ්‍යස්ථානයේ හිමිකරුට අයත් භාවිතා කරන ලද එකක්.

Porsche

වෛද්‍යවරු පවසන්නේ මේ අයුරින් අධික ලෙස බර අඩු කර හානිකර බවයි. දිනකට 0.5 kg පමණ අඩු කර ගැනීමෙන් සිරුරේ මේදය අඩුවීම, කාන්තාවන්ගේ හෝමෝන අසමතුලිතතාවය, හිසකෙස් ගැලවීම වැනි අහිතකර ප්‍රතිඵල ඇතිකරනවා. මෙය ජීවිතයට පවා තර්ජනයක් වීමට පුළුවන්. කෙසේ වෙතත් මෙම ආරංචිය මේ දිනවල චීනයේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. මාස තුනකින් 50kg අඩුකර ගැනීම කළ නොහැකි දෙයක් බවත් මෙය දක්ෂ අලෙවිකරණ සැලැස්මක් බවත් ඇතැමුන්ගේ අදහසයි.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you