Newsචරිත රත්වත්තේ ඇප මත මුදා හරි

චරිත රත්වත්තේ ඇප මත මුදා හරි

-

spot_img

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන චරිත රත්වත්තේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කරනු ලැබුවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත්, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළා.

ඊට අමතරව, සැකකරු විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වැළකිය යුතු බවට තවත් නියෝගයක් පනවනු ලැබුුණු බවයි සඳහන් වන්නේ.

ඉන් අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 23 වෙනිදා කැඳවීමට අධිකරණය නියම කර තිබෙනවා.

2015 වසරේ අග්‍රාමාත්‍ය උපදේශකවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී, අවශ්‍යතාවයක් නොමැතිව, වී ගබඩා කිරීම සඳහා යොදාගන්නා කොකුන් උපකරණ 50 ක් විධිමත් භාණ්ඩ මිලදී ගැනීමේ පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව, තමන් විසින් හඳුන්වාදුන් සමාගමකින් මිලදී ගැනීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා නිලධාරීන්ට බලපෑම් කර තිබෙන බවට සැකකාර චරිත රත්වත්තේ වෙත චෝදනා එල්ල වී තිබෙනවා.

එම ක්‍රියාව තුළින් සැකකරු විසින් රුපියල් 99,679,799.70 ක පාඩුවක් රජයට සිදුකිරීම සහ බාහිර පාර්ශ්වයක් වෙත වාසියක් සලසාදීම යන චෝදනා මත සැකපිට චරිත රත්වත්තේ අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

 

 

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you