More
    Newsචරිත රත්වත්තේ ඇප මත මුදා හරි

    චරිත රත්වත්තේ ඇප මත මුදා හරි

    -

    spot_img

    අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන චරිත රත්වත්තේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කරනු ලැබුවා.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත්, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළා.

    ඊට අමතරව, සැකකරු විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වැළකිය යුතු බවට තවත් නියෝගයක් පනවනු ලැබුුණු බවයි සඳහන් වන්නේ.

    ඉන් අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 23 වෙනිදා කැඳවීමට අධිකරණය නියම කර තිබෙනවා.

    2015 වසරේ අග්‍රාමාත්‍ය උපදේශකවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී, අවශ්‍යතාවයක් නොමැතිව, වී ගබඩා කිරීම සඳහා යොදාගන්නා කොකුන් උපකරණ 50 ක් විධිමත් භාණ්ඩ මිලදී ගැනීමේ පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව, තමන් විසින් හඳුන්වාදුන් සමාගමකින් මිලදී ගැනීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා නිලධාරීන්ට බලපෑම් කර තිබෙන බවට සැකකාර චරිත රත්වත්තේ වෙත චෝදනා එල්ල වී තිබෙනවා.

    එම ක්‍රියාව තුළින් සැකකරු විසින් රුපියල් 99,679,799.70 ක පාඩුවක් රජයට සිදුකිරීම සහ බාහිර පාර්ශ්වයක් වෙත වාසියක් සලසාදීම යන චෝදනා මත සැකපිට චරිත රත්වත්තේ අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

     

     

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page