Newsඅනතුරට ලක්වූ බහුදින යාත්‍රාවේ සිටි දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා...

අනතුරට ලක්වූ බහුදින යාත්‍රාවේ සිටි දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වරායට රැගෙන යයි.

-

spot_img

දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වූ බහුදින යාත්‍රාවේ සිටි දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා නාවික හමුදාව විසින් අද (31) අලුයම 5.00 ට පමණ හම්බන්තොට වරායට රැගෙන විත් තිබෙනවා.

අගෝස්තු මස 31 වැනි දින ධීවරයින් 06 දෙනෙකු සමඟ මෙම බහුදින යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණු අතර, මෙරට ගිනිකොනදිග මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 300 ක පමණ දුරින් එය අනතුරට පත්ව තිබුණා.

යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනාගෙන් එක් අයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බවත්, තවත් අයෙක් දින 11 කට පමණ පසුව මිය ගොස් ඇති බවත් සඳහන්.

අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු ඉන්දුනීසියානු ධීවර බෝට්ටුවක් මඟින් මුදාගෙන ඇති බවට නාවික හමුදාව වෙත තොරතුරු ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, එම ධීවරයින් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් පිටත් කර හැරීමට නාවික හමුදාව කටයුතු කර තිබුණු අතර, ධීවර යාත්‍රාවේ හිමිකරුද සිය යාත්‍රාව අතුරුදන් වී ඇති බවට පැමිණිලි කර තිබුණා.

අද උදෑසන හම්බන්තොට වරායට රැගෙන ආ ධීවරයින් සිව්දෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට යොමු කර ඇති අතර, ඔවුන් අතරින් ධීවරයින් දෙදෙනෙකු දැඩි ලෙස දුර්වල තත්ත්වයේ පසුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you