More
    Newsගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතීඥවරිය පිලිබඳ තවත්...

    ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතීඥවරිය පිලිබඳ තවත් තොරතුරු අනාවරණය වෙයි!

    -

    spot_img

    ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතීඥවරිය තවත් අපරාධකරුවන්ගේ නීතිමය කටයුතුවලට පෙනි සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

    සැකකාර නිතිඥවරිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදි අනාවරණයවී ඇත්තේ නදුන් චින්තක නොහොත් හරක් කටාගේ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ නීතීමය කටයුතු වෙනුවෙන් ඇය පෙනී සිට ඇති බවයි.

    දේශසීමා උල්ලංඝනය කිරිමේ වරදකට සම්බන්ධ අපරාධකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදි ද ඔහු වෙනුවෙන් ඇය පෙනි සිට ඇතැයි තොරතුරු වාර්තා වේ.

    සැකකාර නීතිඥවරිය තවත් අපරාධ කරුවන් වෙනුවෙන් පෙනි සිට ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

    කඩවත ප්‍රදේශයෙදී පෙරේදා(28) අත්අඩංගුවට ගත් නීතිඥවරියගෙන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියි.

    ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුට අධිකරණ සංකීර්ණයට ඇතුළු වීම සඳහා නීතීඥවරුන් පළඳින ටයි පටි දෙකක් ලබාදීම, රිවෝල්වරය රහසිගතව සැඟවීමට අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු අණ පනත් සහිත පොත් දෙකක් ලබාදීම, නීතිඥවරුන්ගේ වාහනවල ප්‍රදර්ශනය කරන අවසර පත්‍රයක් ලබා දීම හා නීතිඥවරුන්ගේ හැඳුනුම්පතක් ලබාදීම සම්බන්ධයෙන් මෙම නීතීඥවරිය අත්අඩංගුවට ගනු ලැබීය.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page