FeaturesJose Alberto Mujica Cordano කයිවාරු පසෙකලා රටට වැඩකළ නායකයා

Jose Alberto Mujica Cordano කයිවාරු පසෙකලා රටට වැඩකළ නායකයා

-

spot_img

Jose Alberto Mujica Cordano නොහොත් “Pepe” යන ආදරණීය නාමයෙන් ජනතාව හැඳින්වූ පසුගිය දා මියගිය උරුගුවේ හිටපු ජනාධිපතිවරයා උරුගුවේ දේශපාලනය තුළ මෙන්ම ලෝක දේශපාලනය තුළත් වඩාත්ම කතාබහට ලක් වූ චරිතයක් ලෙසින් සැළකෙනවා. ඔහු හඳුන්වනු ලැබුයේ “ලොව දුප්පත්ම ජනපතිවරයා” ලෙසින්. ඔහු දේශපාලනඥයෙක් පමණක් නොවේ. විප්ලවවාදියෙක්. ගොවියෙක්. සිය සරල දිවි පැවැත්ම හේතුවෙන් ලොව පුරා කතාබහට ලක්වූ ජනපතිවරයෙක්.

ඔහු ඉපදුණේ 1935 මැයි මස 13 වැනිදා. ඔහුගේ පියාද ගොවියෙක්. හොසේ(Jose) දේශපාලනයට පිවිසෙන්නේ සිය මාමාගේ අඩිපාරේ යමින්. 1956 වසරේ දී ඔහු National Party නම් වූ දේශපාලන පක්ෂයට බැඳෙන අතර වසර කිහිපයකට පසු ඔහු එහි මහ ලේකම් බවට පත්වෙනවා. ගරිල්ලා සාමාජිකයෙකුව සිටි 1970 – 1980 දශකයන් අතරතුර ඔහු වසර 14 ක් සිරගත වනවා. බලධාරින් විසින් ඔහුව සිව් වතාවක් අත්අඩංගුවට ගත්තා. 1971 වසරේ බන්ධනාගාරයේ සිට අසල්වැසි නිවසක විසිත්ත කාමරය දක්වා උමගක් සාදා පැනගිය සිරකරුවන් 100 දෙනා අතරට ඔහුද අයත්. ඉන් මාසයක් ඉක්මවීමටත් පෙර බලධාරින් ඔහුව නැවතත් අල්ලා ගත් අතර ඒ වතාවේත් ඔහු සිරගෙයින් පලා ගියා. සිරගතව සිටියදී ඔහුගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය පිරිහුණා.

Jose Alberto Mujica Cordano

 

පොදු සමාව යටතේ නිදහස ලැබූ හොසේ(Jose) වාමාංශික සංවිධාන සහ එක්ව MPP පක්ෂය ඇරඹුවා. 1999 මැතිවරණයේදී ඔහු සෙනෙට් සභිකයෙකු ලෙසින් පත්වූ අතර ඔහුට ලැබුණ ජනතා ආකර්ෂණය පක්ෂය ජයග්‍රහණය කරා ගෙන ගියා. 2004 වසරේදී ඔහු නැවත වරක් සෙනෙට් සභිකයෙකු ලෙස පත්වෙන විට MPP පක්ෂය ඉහළම දේශපාලන බලවේගයක් වී තිබුණා. 2005 වසරේදී හොසේ(Jose) එරට පශු සම්පත්, කෘෂිකාර්මික සහ ධීවර කටයුතු ඇමති ලෙස පත්වුණා.

“ගෞරවනීය රජයක් – පළමු පන්තියේ රටක්” යන තේමාව යටතේ 2009 ජනපති සටනට පිවිසි හොසේ ඉන් ජයගත්තා. ටයි පටියක් පවා නොමැති ඔහුගේ “අවිධිමත්” ඇඳුම් විලාසිතාව පවා ජනතා ආකර්ෂණය නතු වූවා. මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් සහ සෞඛ්‍ය ගැටළුවලට පිළියමක් වශයෙන් ඔහු උරුගුව තුළ මරිජුවානා භාවිතය නීතිගත කළා. ඒ එලෙස සිදුකරන්නැයි අනිත් රටවලින්ද ඉල්ලා සිටිමින්. සමලිංගික විවාහ නීතිගත කිරීම, ගබ්සාව අපරාධයක් ලෙස නොසළකමින් එය නීතිගත කිරීම යනාදිය ජනාධිපතිවරයෙකු ලෙස ඔහු සිදුකළ දේ අතරින් වඩාත්ම කතාබහට ලක් වූ දේවල් වුණා.

Jose Alberto Mujica Cordano

2013 වසරේ එක්සත් ජාතීන්ගේ 68 වැනි සැසිවාරය ඇමතූ හොසේ ජනපති, එහිදී මනුෂ්‍යත්වය සහ ගෝලීයකරණය තේමා කරගනිමින් අනාගත පරපුර වෙනුවෙන් මිහිතලය සුරැකීමේ වැදගත්කම පහදා දුන්නා. ඒ සඳහා පියවර ගන්නා ලෙසද පවුල මත පදනම් වූ සරල ජීවන රටාව මොනතරම් නම් වැදගත්ද යන වගත් ඔහු තම කතාවේදී පැහැදිලි කර දුන්නා. ඔහුගේ පාලන කාලය තුළ දී විරැකියාව, දරිද්‍රතා අනුපාතය අවම අගයක් ගත් අතර අවම වැටුප් සැළකිය යුතු ලෙසින් වැඩි කරන්නට ඔහු විසින් පියවර ගනු ලැබුවා. කම්කරු අයිතිවාසිකම්, වැඩ වර්ජනය කිරීමේ අයිතියට ගරු කරන රටක් ලෙසින් උරුගුව ලෝක අවධානය දිනා ගත්තා. ජනපති ධුරයෙන් ඉවත්වූවාට පසුවත් ඔහු නැවත සෙනෙට් සභිකයෙකු ලෙසින් තම මෙහෙවර සිදු කළ අතර 2020 දී ඉන් ඉවත්වුයේ තමාට විශ්‍රාම යෑමට අවැසි බැව් පවසමින්. ඒ වන විට ඔහු 85 වන වියෙහි පසු විය.

Jose Alberto Mujica Cordano

ඔහු මෙතරම් ආකර්ෂණීය චරිතයක් වීමට බලපෑ ප්‍රබල හේතුවක් නම් ඔහුගේ සරල දිවි පැවැත්මයි. ඔහු ජනපති මැදුර ප්‍රතික්ෂේප කළා. මෝටර් රථය ප්‍රතික්ෂේප කර බයිසිකලය තම ප්‍රවාහන මාධ්‍යය බවට පත් කර ගත්තා. පාපන්දු ක්‍රීඩාවට ඇළුම් කළ ඔහු වරක් පවසා සිටියේ තමාට ආගමක් නොමැති බවත් තමා ස්වභාව ධර්මයට හිස නමන බවත්‍ ය. මේ ශ්‍රේෂ්ඨ ජනපතිවරයාගේ චරිතය ඇසුරින් නිමැවූ චිත්‍රපට, කෘතීන් බොහොමයක් තිබෙනවා. තමාට පිළිකාවක් වැළඳී ඇති බැව් 2024 අප්‍රේල් මාසයේදී ඔහු නිවේදනය කළා. සිය රෝගී තත්වය නොතකාම 2024 මහ මැතිවරණයට ඔහු තම සහයෝගය ලබා දුන්නා. පක්ෂය ලද ජයග්‍රහණය තමාට ලැබුණ “සමුගැනීමේ ත්‍යාගයක්” බැව් ඔහු හැඟීම්බරව පවසා සිටියා.

Jose Alberto Mujica Cordano

2025 ජනවාරියේ දී පිළිකාව තම අක්මාව පුරාද පැතිරී ඇති බවත් තමා මියෙමින් සිටින බවත් එනිසාම වැඩිදුර ප්‍රතිකාර අත්හැරීමට තීරණය කළ බවත් ඔහු පවසා සිටියා. සිය 90 වැනි ජන්ම දිනයට සතියක් තිබියදී Montevideo නගරයට ආසන්නව පිහිටි ගොවිපළ තුළදී ඔහු මෙලොවින් සමුගත් බව ඔහුගේ බිරිඳ Lula Da Silva විසින් නිවේදනය කළා. ඔහුගේ මරණයත් සමගින් උරුගුවේ රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර අවමඟුල් පෙරහරක් ඇතුළු රාජ්‍ය ගෞරව සහිත අවමඟුල් උත්සවයක් ලබා දීමට කටයුතු කළා. දේහය ආදාහනය කළ අතර භෂ්මාවශේෂ හිටපු ජනපතිතුමා වඩාත්ම ප්‍රිය කළ ඔහුගේ ගොවිපොළේ තැන්පත් කළා. තම සුඛවිහරණය උදෙසා දේශපාලනයට පිවිසෙන, ඉන්පසුව තම ජනතාව සහ වගකීම් සපුරාම අමතක කර දමන දේශපාලඥයින් සිටින ලෝකයක තම උපන්බිම වෙනුවෙන් පුද්ගලික ධනයෙන් කොටසක් පවා කැප කර, සරල දිවි පෙවතක් ගෙවූ ඔහු වැනි නායකයින් මුළු මහත් ලෝකයටම ආදර්ශයක්.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you