More
    NewsPope Francis පාප් වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා

    Pope Francis පාප් වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා

    -

    spot_img

    Pope Francis – අප්‍රේල් 21 වැනි දා පැවති සම්ප්‍රදායික පාස්කු යාඥාවෙන් පැය කිහිපයකට පසුව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූවා. මරණයට හේතුව මස්තිෂ්ක ආගාධ තත්වයක් බවට වාර්තා වෙනවා. වතිකානුවේ Domus Sanctae Marthae දේවස්ථානයේදී එරට වේලාවෙන් ඊයේ රාත්‍රීයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම තහවුරු කර දේහය තැන්පත් කිරීමේ චාරිත්‍රය සිදුකරන ලදී.

    දිගු කලක සිට එතුමා නිව්මෝනියාව ඇතුළු සෞඛ්‍ය ගැටළු රැසකින් පීඩා විඳිමින් සිටියා. පසුගිය පෙබරවාරි 17 වැනිදා පාප් වහන්සේ රෝහල්ගත කළ අතර එහිදී එතුමාගේ වකුගඩු අකර්මණ්‍ය වී ඇති බැව් හෙලිදරව් වුණා. අයහපත් සෞඛ්‍ය තත්වය මධ්‍යයේ වුවද උන්වහන්සේ තම රාජකාරී කටයුතු වෙනුවෙන් වෙහෙසුණා. ලෝක සාමය උදෙසා විශාල මෙහෙවරක් සිදුකළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කාන්තා අයිතිවාසිකම්, සමලිංගික ප්‍රජාව, පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නා.

    පාප් වහන්සේගේ අවසන් කටයුතු වතිකානුවේ ශාන්ත පීතර චතුරස්‍රයේදී (St. Peter’s Square) සිදු කිරීමට නියමිත අතර උන් වහන්ස්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හෙට (අප්‍රේල් 23) සිට මහජනතාවට අවස්ථාව ලැබීමට බොහෝවිට ඉඩ ඇති බව වතිකානු ආරංචි මාර්ග සඳහන් කරයි

    මීළඟ පාප් වහන්සේ කවුරුන්දැයි යන්න ජනතාවගේ කැමැත්ත පරිදි ඡන්දයකින් තීරණය කරන අතර එය මැයි මස ආරම්භයේ සිට දෙවන සතිය දක්වා පැවැත්වෙනු ඇති.

    ඒ අනුව මෙම කාදිනල්වරු අතරින් අයෙකු මීළඟ පාප්වහන්සේ බවට පත්වෙනු ඇත.

    • Cardinal Peter Erdo (Archbishop of Budapest, Hungary)

    • Cardinal Fridolin Ambongo (Archbishop of Kinshasa Democratic Republic of Congo)

    • Cardinal Mario Grech Secretary general for the Synod of Bishops)

    • Cardinal Pietro Parolin (The Vatican’s Secretary of state)

    • Cardinal Pierbattista Pizzaballa (Latin Patriarch of Jerusalem)

    • Cardinal Matteo Zuppi (Archbishop of Bologna, Italy)

    -විදෙස් පුවත් ඇසුරෙනි-

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page