NewsPope Francis පාප් වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා

Pope Francis පාප් වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා

-

spot_img

Pope Francis – අප්‍රේල් 21 වැනි දා පැවති සම්ප්‍රදායික පාස්කු යාඥාවෙන් පැය කිහිපයකට පසුව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූවා. මරණයට හේතුව මස්තිෂ්ක ආගාධ තත්වයක් බවට වාර්තා වෙනවා. වතිකානුවේ Domus Sanctae Marthae දේවස්ථානයේදී එරට වේලාවෙන් ඊයේ රාත්‍රීයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම තහවුරු කර දේහය තැන්පත් කිරීමේ චාරිත්‍රය සිදුකරන ලදී.

දිගු කලක සිට එතුමා නිව්මෝනියාව ඇතුළු සෞඛ්‍ය ගැටළු රැසකින් පීඩා විඳිමින් සිටියා. පසුගිය පෙබරවාරි 17 වැනිදා පාප් වහන්සේ රෝහල්ගත කළ අතර එහිදී එතුමාගේ වකුගඩු අකර්මණ්‍ය වී ඇති බැව් හෙලිදරව් වුණා. අයහපත් සෞඛ්‍ය තත්වය මධ්‍යයේ වුවද උන්වහන්සේ තම රාජකාරී කටයුතු වෙනුවෙන් වෙහෙසුණා. ලෝක සාමය උදෙසා විශාල මෙහෙවරක් සිදුකළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කාන්තා අයිතිවාසිකම්, සමලිංගික ප්‍රජාව, පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නා.

පාප් වහන්සේගේ අවසන් කටයුතු වතිකානුවේ ශාන්ත පීතර චතුරස්‍රයේදී (St. Peter’s Square) සිදු කිරීමට නියමිත අතර උන් වහන්ස්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හෙට (අප්‍රේල් 23) සිට මහජනතාවට අවස්ථාව ලැබීමට බොහෝවිට ඉඩ ඇති බව වතිකානු ආරංචි මාර්ග සඳහන් කරයි

මීළඟ පාප් වහන්සේ කවුරුන්දැයි යන්න ජනතාවගේ කැමැත්ත පරිදි ඡන්දයකින් තීරණය කරන අතර එය මැයි මස ආරම්භයේ සිට දෙවන සතිය දක්වා පැවැත්වෙනු ඇති.

ඒ අනුව මෙම කාදිනල්වරු අතරින් අයෙකු මීළඟ පාප්වහන්සේ බවට පත්වෙනු ඇත.

• Cardinal Peter Erdo (Archbishop of Budapest, Hungary)

• Cardinal Fridolin Ambongo (Archbishop of Kinshasa Democratic Republic of Congo)

• Cardinal Mario Grech Secretary general for the Synod of Bishops)

• Cardinal Pietro Parolin (The Vatican’s Secretary of state)

• Cardinal Pierbattista Pizzaballa (Latin Patriarch of Jerusalem)

• Cardinal Matteo Zuppi (Archbishop of Bologna, Italy)

-විදෙස් පුවත් ඇසුරෙනි-

Latest news

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක්

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් - Namal Rajapakshe දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුවම මහ දවල් මුදල් අමාත්‍යාංශයද කොල්ල කා ඇති...
- Advertisement -spot_img

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

රත් දෝතළු – 79

රත් දෝතළු - 79 මම ඈ වෙත නැඹුරු වූයේ හිස් තේ කෝප්පය ස්ටූලය මත තබමිනි. "දෙන්නාහෙ ලව් එක නැඟලා යනවද...?" ඈ බොහෝ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you