FeaturesDonilaye AmmeDonilaye Amme - 17 දෝණිලයෙ අම්මේ

Donilaye Amme – 17 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – අලුත් අවුරුද්දක් කියලා එකක් ආවා. ආවා වගේම වෙනසක් නැතිව දැන් දවස් දහයක් විතර ගෙවිලත් ගිහිං ඉවරයි. ඊට පස්සෙ සිංහල-හින්දු අලුත් අවුරුද්ද එයි, වෙසක් එයි. පොසොන් එයි, නත්තල් එයි. මේ අවුරුද්දත් ඉවරවෙයි. ඉවරවෙන්නැත්තෙ දවසින්,දවස මේ රටේ දෙමව්පියන්ට තමන්ගෙ දරුවන් ගැන තියන ප්‍රශ්න කන්දරාව විතරයි. තියන ප්‍රශ්නෙට තව එකක් එකතුවෙන නිසා, දැන් ඉස්සර වගේ “එකක් ඉවරවෙනකොට තව එකක්” කියලා කියන්නත් බෑනේ. ඉතිං එහෙම තියෙද්දි කටක් ඇරලා තව මිනිහෙකුට සුබ පතන්න පුළුවන්ද “කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා!” කියලා. අවංකවම මටනම් ඒක හිතට එකඟව කරන්න බෑ. ආන්න ඒ බැරිකම හින්දාම 2022 අවුරුද්දේ ජනවාරි පළවෙනිදම අපේ ගෙදර ඒ ගැන පොඩි සංවාදයක් ගියා. සංවාදෙට මුල පුරපු සිද්ධිය වුණේ ලොකු එකීගේ නව වසරට සුබ පැතුම්. මං ඒක දැක්කෙ අහම්බෙන්. ඒකී බෙල්ල කඩාගෙන ෆෝන් එකට ඇඟිලිවලින් ඇන, ඇනා හිටපු නිසා මං ටිකක් ළඟට ගියා.

“මොනාද ළමයො ඔය බෙල්ල නවාගෙන කරන්නේ ”

ලොකු එකී ඔලුව කරකවලා මං දිහා බලලා ආයේ මොබයිල් ෆෝන් එකට එබෙන ගමන්මයි උත්තර දුන්නෙ.

“මං මේ යාළුවන්ට නිව් ඉයර් විෂස් යවනව.”

මාත් ටිකක් ළඟින් ඉඳගෙන එයාගේ ෆෝන් එකට බෙල්ල දික් කරලා බැලුවා. කවුරුහරි හදල තිබුණු ඉමේජස්, වගයකුයි, වීඩීයෝස් වගයකුයි කොපි කර,කර එයා මාරුවෙන් මාරුවට යාළුවන්ට ෆෝවඩ් කරනවා.

“ආපහු සුබ පතලා ඔයාටත් යාළුවො ඒකමද එවන්නේ..”

“නෑ අනේ..වෙනස්,වෙනස් ඒවා තියනවා…ඒකයි මං ඔටෝ සෙන්ඩ් දාන්නැතුව සිලෙක්ට් කර,කර දාන්නෙ..”

“ඉතිං ඕකේ තේරුමක් නෑනේ ළමයො…”

“ඇයි…” කෙල්ල මගෙ මූණ දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථයකින්.

“ඔය සුබ පැතුමෙන් ඔයාව නියෝජනය වෙන්නෑනේ..ඕක වෙන කවුරුහරි හදපු එකක්නෙ..කෙනෙකුට සුබ පතනවනම් ඒක ඔයා හිතට එකඟව,හැඟීමෙන් කරොත් තමා සුබ පැතීමක් වෙන්නේ..”

කෙල්ල ෆෝන් එක පැත්තක තියලා මං දිහා බැලුවෙ කරදරකාරී හැඟීමෙන් වගේ.

“දැන් තාත්තා කියන්නෙ මං මේ කරන්නෙ ප්‍රයෝජනයක් නැති වැඩක් කියලද..”

“අනේ නෑ පුතේ..කෙනෙකුට හදවතින් සුබ පැතුමක් දෙනවනම් ඒක ඉතාම වටිනවා..”

“එහෙනම් මොනාද මේ කියන්නෙ..”

“ඇයි ඉතිං ඔයාට බැරි ඕක ටයිප් කරලා එක,එක්කෙනාට යවන්න..”

“පිස්සුද තාත්තේ..එහෙම කරන්න ගියොත් මට ඊළඟ අවුරුද්ද එනකං මේක යව,යවා ඉන්න වෙයි..”

“ඒක ටිකක් අමාරුයි නේද..අනික මහන්සියි, කරදරයි වෙලාවක් නෑ නේද?..”

“ඔව්නේ..අනික මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේම ඉන්නවා 3000ත් පැනලා..”

“ඉතිං ඕක අමාරුවෙන් නොකර අතෑරලා දාන්නකො…”

“තාත්තා මොනා කියනවද මන්දා අනේ..”

“මං කියන්නෙ ඇත්ත පුතේ..ඔය ලිස්ට් එකේ ඉන්න තුන්දාහම ඔයා දන්න කියන යාළුවො නෙවේනේ..ඔයාට ෆේස්බුක් එකෙන් රික්වෙස්ට් එවලා ඇක්සෙප්ට් කරපු අය වෙන්නැතිනෙ නේද?.”

“ඔව් ඉතිං..”

“ඔය තුන්දාහෙන් අඩුම තරමෙ සීයක්වත් ඔයාට “එසේම වේවා” කියලා රිප්ලයි කරලත් නැතුව ඇතිනෙ මේ වෙනකං නේද..”

“ඔව් තාත්තෙ ඔව්..මොනාද අනේ ඔයා මේ අහන ප්‍රශ්න..”

“බලන්නකො පුතේ..අපි දෙන්නා මේ ගෙදර අවුරුදු ගානක් ඉන්නවා…මං ඔයාගේ තාත්තා…ඔයා මගේ දුව..ඔයාට අම්මෙක් ඉන්නවා…නංගියෙක් ඉන්නවා…ඔයාට මතක විදිහට අපි එක අලුත් අවුරුද්දක එක, එක්කෙනාට සුබ වේවා කියලා, කියාගෙන තියනවද?..”

කෙල්ල ටික වෙලාවක් කල්පනා කරන්න ගත්තා.

“කෙනෙකුට සුබ පතන එකේ කිසිම වැරැද්දක් නෑ මයෙ පුතේ..ඒත් ඒක කිසිම හැඟීමක් නැතුව ඔහේ කරන්නන් වාලේ, රැල්ලට කරාට ඒක “සුබ” කියන ගොඩට අයිති “පැතීමක්” වෙන්නෑ…”

කෙල්ල ඔලුව කසන්න ගත්තා. ඊට වඩා ඒකිගෙ ඔලුව කන එක හොඳ නැති නිසා මං එතනින් නැඟිට්ටා. එතකොට තමා දැක්කෙ දෝණිලයෙ අම්මා අපේ කතාවට කන්දීගෙන ඉඳල හිමීට එතනින් ලිස්සලා යනවා.

“සුබ නව වසරක් වේවා..!”

මං එයාව පන්නගෙන ගිහිං ඉස්සර කරලා එහෙම කීවා. එයා තොල් දෙක හපාගෙන නතර වෙලා මං දිහා බැලුවා.

“ඒක අවංක, හැඟීමෙන්, හදවතින් ආපු සුබ පැතුමක්ද..එහෙම නැත්තං හද පතුලෙන්ම ගහපු හින්ට් එකක්ද..”

ඇත්තටම ඒක දෝණිලයෙ අම්මගෙන් අහපු හොඳ ප්‍රශ්නයක්..ගන්නවද නැද්ද කියලා නොහිතා මං ඒක එකෙන්ම ගත්තා.

“ඔයා දන්නවනෙ ඔය විෂයෙදි මගේ හැසිරීම..”

“මොකෝ මං නොදන්නෙ..ඒත් ළමයින්ගෙ ඔලුවලට ඒ තරම් ලොකුවට ඕවා පුරවනවට මගේ කැමැත්තක් නෑ සුරංග..එයාලට තේරෙන කාලයක් එයිනේ..එතකං ඔයා ඔයාගේ පාරේ එයාලා දිහා බලං පාඩුවෙ යන්න..”

ඒ කතාවෙ තර්ක කරන්න දෙයක් නැති නිසා මං කරබාගත්තා.

“අම්මා කතා කරා නේද..” දෝණිලයෙ අම්මා ඇහුවෙ මගෙන්.

“ඔව් හැමදාම මේ දවසට ඒ කෝල් එක එනවනෙ..ඔයාටත් කතා කරානෙ..”

“ඔව්..මේහ්…ඒ කියන ඩයරිය කොහෙද තියෙන්නේ අනේ…”

මං උඩ බිම බැලුවෙ ප්‍රශ්නෙ අග,මුල ලිහාගන්න.

“ඔයාලයෙ අම්මා කීවේ හැම අවුරුද්දෙම අවසානේ ඔයා ඊළඟ අවුරුද්දෙ කරන්න ඕනේ වැඩ ඩයරියක ලියනවා කියලා ”

මට හිනාගියෙ ඒ ඩයරිය මතක් වෙලා නෙවේ. ඒකේ ලියපු කිසි දෙයක්, මේ අවුරුද්ද වෙනකං හරියට සම්පූර්ණ කරගන්න බැරිවුණු බව මතක් වෙලා. ඒ එක්කම මට තව අලුතෙන් යමක් මතක් වුණා. ඒකයි ඩයරිය හොයාගෙන කාමරේට ගියේ. හැඟීම් කියන්නෙ මිනිහෙකුට ජීවත්වෙන්න හෝ මැරෙන්න බල කරන සංවේදනා වලට. සුබ පැතුමකින් කරන්නෙත් සතුට උද්දීපනය කරනෙක. ඒකයි ඒක හැඟීමෙන් කරන්නෝනෙ කියලා මං විශ්වාස කරන්නේ. ඩිවයිස් සතුටේ එකම මාර්ගය වෙච්චි අද කාලෙට මැනුවල් සුබ පැතුම් එච්චර “කික්” එකක් නොවෙන්න පුළුවන්. ඒත් සජීවී, සුබ වචන තරම් මිනිහෙක් ආශ්වාදයට පත් කරන්න පුළුවන් වෙන මෙවලමක් මං හිතන්නෑ ලෝකේ කොහේවත් ඇති කියලා. සුබ පැතුම් එන්නෝනෙ දිනුමෙදි විතරක් නෙවෙයි. පරාජයත් සුබ කරන පැතුම් තියනවා. මිනිහෙකුට කඩා වැටුණු වෙලාවක කියලා බලන්න “ඒක අතෑරලා දාපං..උඔට පුළුවන් මීට වඩා දෙයක් කරන්න.. ජයවේවා..” කියලා. ඒ මිනිහගෙ ඇස් දෙකේ දීප්තිය අපිට කියනවා අලුත් කතාවක්. සුනාමියෙදි අහිමි වෙච්චි ජීවිතවලට කණගාටුව ප්‍රකාශ කරනෙක, පාස්කු දින ප්‍රහාරයේදී මියගිය පවුලකට, යුද්ධයේදී මියගිය සොල්දාදුවෙකුගේ ජීවිතය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරනෙක “පැතුමක්” නෙවෙයිද..? ඇයි ඒක සුබ නැද්ද..? ඉපදුණු දවසට, විවාහ සංවත්සරේ දවසට, කාර්,ගෙවල් ගත්තු දවසට විතරද අපි සුබ පතාගන්න ඕනේ. දරුවන්ගෙ ඔලුවෙන් මේ ගොබ්බ මානසික අවපාතය මකන්නෝනේ දෙයියනේ..දෙයියන්ට පලතුරු කවනෙකටයි, චෛත්‍යය වලට රෙදි අන්දන එකටයි වඩා සතුටක් නැති බැරි කෙනෙකුට කන්න ටිකක්, අදින්න ටිකක් දීලා ගන්න පුළුවන් කියලා අපේ දරුවන්ට උගන්නන්න ඕනේ. “පුතේ උඔ දිනද්දි පැරදුණු එකාට සුබ පතපං කියලා” දෙමව්පියෙක් විදිහට දරුවෙක්ට කියලා දෙන දවසක් උදාවේවා..!” කියලා මං මේ අවුරුද්දේ ඩයරි එකේ ලිව්වා. එතකොට තමා ගිය අවුරුද්දේ මං ඩයරියේ ලියලා තිබුණු දෙයක් දැක්කේ.

2021 දෙසැම්බර් 29
——————————–
අද අම්ම මට කොල් එකක් ගත්තා. එයා මෙහෙම කිව්වා. “පුතේ ගෑණු සතුටු කරන්න මහා ලොකු දේවල් ඕනෑ කියලා හිතන්නෙ මෝඩ පිරිමි. ගෑණු සතුටු වෙන්නේ පිරිමි හිතන්නෙවත් නැති පුංචිම පුංචි දේවල් වලින්..”

මං ඩයරියේ ඒ පිටුව කියවලා ඔලුව උස්සද්දි දෝණිලයෙ අම්මා දොරට හේත්තු වෙලා මං දිහා බලාගෙන. මං ඩයරිය වහලා ඒකත් අරං එයා ළඟට ආවා.

“මේ තමා ඔයා අහන – අම්මා කියන – මං ලියන ඩයරිය..”

මං එහෙම කිව්වේ ඩයරිය එයාගෙ අතේ තියලා. ඒ ඇස් කාලෙකට කලිං වගේ ආයෙම ආදරෙන් දිලිසුණා. එයා එහෙමම ඒක අරං ගිහිං මගේ ලාච්චුවට දාලා වහනවා මට ඇහුණේ කාමරෙන් එළියට එද්දි.

Latest news

ඔන්න අපි රාජ්‍ය සේවකයින්ට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්නයි හදන්නේ

රාජ්‍ය සේවකයින් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ,...

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක්

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක් ඩොලරයේ අගය තව දුරටත් ඉහළ යාම හේතුවෙන් ඖෂධ වර්ග හැටක උපරිම මිල සංශෝධනයක් සිදුවන...
- Advertisement -spot_img

පිරිමියෙක් නැති තනි ගැහැණියක්

පිරිමියෙක් නැති තනි ගැහැණියක් - Maa Behen තමන් ගැන හොයනවට වඩා අනිත් අය ගැන හොයන්න අපි අතරෙ ගොඩක් අය කැමතියි....

අවන් එකක් නැතිව කේක් එකක්

අවන් එකක් නැතිව කේක් එකක් - No Bake Blueberry Cheesecake අවන් එකක් නැතිව හදන්න හොඳ dessert එකක් හොයන කෙනෙක්ට හරිම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you