NewsSak Surin මුතුරාජා තායිලන්තයට ළඟා වෙයි

Sak Surin මුතුරාජා තායිලන්තයට ළඟා වෙයි

-

spot_img

Sak Surin නොහොත් මුතුරාජා මීට සුළු මොහොතකට පෙර තායිලන්ත වෙත ළඟා වී තිබෙනවා. මෙම ඇතා බෞද්ධ විහාරස්ථානයක වද හිංසා විඳින බවට චෝදනා එල්ල වීමෙන් පසුව තායිලන්ත රජය නැවතත් ඔවුන්ගේ මව්රටට ගෙන ඒමට කටයුතු සූදානම් කළා.

භාණ්ඩ ප්‍රවාහනය කරන Ilyushin ll -76 ගුවන්‍ යානයෙන් (විශේෂයෙන් සකස් කරන ලද වානේ කූඩුවක් තුළ) හවස 2 ට පමණ Sak Surin නැවත තායිලන්තයට පැමිණියා. පැය පහක ගමනකින් පසු ඇතා සාමාන්‍ය තත්වයෙන් Chiang Mai වෙත පැමිණි බව ගුවන්තොටුපල වෙත පැමිණි තායිලන්ත පරිසර අමාත්‍ය Varawut Silpa Archa පැවසුවා. තත්වය යහපත් නම් Sak Surin නිරෝධායනය සඳහා ස්වභාවික රක්ෂිතයක් වෙත යවනු ඇති.

Muthuraja

බෞද්ධ විහාරස්ථානයෙන් මුදා ගන්නා විට මෙම සත්වයා තුවාල වලින් සහ වේදනාවෙන් පිරී සිටි බව දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය මධුෂා පෙරේරා AFP වෙත පවසා තිබුණා. සත්ත්ව සුබසාධන කණ්ඩායම් පවසන්නේ දැව කපන්නන් හා වැඩ කිරීම සඳහා Sak Surin යොදාගෙන ඇති බවත් ඇතාගේ සිරුරේ ඇති සමහර තුවාල ඇත්ගොව්වා විසින් සිදුකළ ඒවා බවත්‍ ය. Sak Surin ගේ ඉදිරිපස පාදයක ඇති තුවාලය සඳහා තායිලන්තයේදී ප්‍රතිකාර සිදුකිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව අලිඇතුන් “පූජනීයත්වයෙන්” සළකන රටක් ලෙසින් හැඳින්වෙනවා. කෙසේවෙතත් Sak Surin නැවත තායිලන්තය වෙත ගෙන ඒම ගැන RARE සංවිධානය සිය නොසතුට පළ කර තිබෙනවා. ඔවුන් විසින් ඇතාව නොසළකා හැරි අය සඳහා නඩු පවරන ලෙස පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවට සඳහන්.

Muthuraja

Sak Surin මව්රටට ගෙන්වා ගැනීම සඳහා තායිලන්ත රජය බොහෝ සේ ඉල්ලීම් කළ බැව් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතාගේ තත්වය පිළිබඳව තායිලන්ත රජුට තම කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා. තායිලන්තය අලි ඇතුන් පිටරට යැවීම නවතා තිබෙන බවත්, දැනටමත් පිටරට යවා ඇති අලි ඇතුන්ගේ තත්වය පරීක්ෂා කරමින් සිටින බවත් ,තායිලන්ත පරිසර අමාත්‍ය Varawut Silpa Archa පවසා සිටියා..

 

Latest news

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමුවද අප්‍රේල් මස මෙන් ඉහළ අගයකින් ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක්...

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි ලංකාවේ විදේශ විනිමය වෙළඳපොළ තුළ අන්තර් බැංකු සහ බැංකුවලින් පිටත බැංකු ගනුදෙනුකරුවන් වශයෙන්...
- Advertisement -spot_img

රත් දෝතළු – 98

රත් දෝතළු - 98 ඈ මොහොතක් මා දෙස බලා සිටියාය. ඒ දෑස්වල වූයේ කෝපයක් නොව වඩා මෘදු අනුකම්පා උපදවන සුළු...

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමුවද අප්‍රේල් මස මෙන් ඉහළ අගයකින් ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you