More
    BusinessAir Seychelles ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් ආරම්භ කරයි

    Air Seychelles ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් ආරම්භ කරයි

    -

    spot_img

    Air Seychelles ගුවන් සේවය තම ඍජු ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ දක්වා සිදු කිරීම අද දින නිල වශයෙන් ආරම්භ කරා. Air Seychelles ගුවන් සේවය ශ්‍රීලංකාව සමග සතියකට ගුවන් ගමන් වාර දෙකක් බැගින් සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී ලංකාවට පැමිණි මංගල ගුවන් ගමන අද දින(21) පෙ.ව. 03.50 ට සුහ මොහොතින් සිදුකරනු ලැබූ අතර ඒ සදහා Airbus A320 Neo වර්ගයට අයත් ගුවන් යානයක් යොදා ගන්නා ලදි. මෙම ගුවන් යානයේ වරකට ව්‍යාපාරික පන්තියේ මගීන් 12 කට සහ Economy පන්තියේ මගීන් 156 කට එකවර ගමන් කිරීමේ හැකියාවක්ද පවතී.

    මෙහිදි Air Seychelles හි ප්‍රධාන වාණිජ නිලධාරි චාල්ස් ජොන්සන් මහතා පවසනු ලැබුවේ, Air Seychelles ශ්‍රීලංකාව සමග සම්බන්ධ වන මෙම අවස්ථාව පිළිබඳව ඉමහත් සතුටට පත්වන බවයි. මෙමගින් දෙරටෙහිම සංචාරක, වෛද්‍ය සහ වෙළඳ අවස්ථාවන් තවත් පුළුල් වනු ඇති අතර දෙරට අතර දැනට වෙළඳපොළේ පවතින මිලට වඩා බෙහෙවින් අඩු මිල ගණන් යටතේ සංචාරය කිරීමට ඉතා අඩු කාලයකින් අවස්ථාව උදාවනු ඇති බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    එමෙන්ම Air Seychelles ගුවන් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ ඇති කරගත් අන්තර් සම්බන්ධතා හවුල්කාරිත්වය හේතුවෙන් තවත් ගමනාන්ත ගුවන් තොටුවලවල් 20 කට වැඩි සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වීමේ අවස්ථාවද උදා වි තිබේ. උදාහරණ ලෙස ඉන්දියාව, බංගලාදේශය හා වැඩි සංචාරක ආකර්ෂණය සහිත බැංකොක්, කොවලාලම්පුර් සහ සිංගප්පුරුව යන ගමනාන්ත දැක්විය හැකියි.

    වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි සැන්ඩි බෙනෙයිටන් මහතා ප්‍රකාශ කළේ, මෙම නව ගමනාන්තය, කලාපයේ ගුවන් සබඳතා වැඩිදියුණු වීමට හේතුවන බවත්, එයට ඉදිරියටත් දායක වීමට තමන් බලාපොරොත්තු වන බවත්ය.

    Air Seychelles ගුවන් ගමන් කාලසටහන

    අංකය            ආරම්භය       පිටත්වීම     ගමනාන්තය      පැමිණීම            දිනය
    HM 263         කොළඹ         04.50          සීෂෙල්ස්           07.35             බදාදා, ඉරිදා
    HM 262         සීෂෙල්ස්        22.05           කොළඹ           03.50      අඟහරුවාදා, සෙනසුරාදා

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page