More
    spot_imgspot_imgspot_imgspot_img
    BusinessAir Seychelles ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් ආරම්භ කරයි

    Air Seychelles ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් ආරම්භ කරයි

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Air Seychelles ගුවන් සේවය තම ඍජු ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ දක්වා සිදු කිරීම අද දින නිල වශයෙන් ආරම්භ කරා. Air Seychelles ගුවන් සේවය ශ්‍රීලංකාව සමග සතියකට ගුවන් ගමන් වාර දෙකක් බැගින් සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී ලංකාවට පැමිණි මංගල ගුවන් ගමන අද දින(21) පෙ.ව. 03.50 ට සුහ මොහොතින් සිදුකරනු ලැබූ අතර ඒ සදහා Airbus A320 Neo වර්ගයට අයත් ගුවන් යානයක් යොදා ගන්නා ලදි. මෙම ගුවන් යානයේ වරකට ව්‍යාපාරික පන්තියේ මගීන් 12 කට සහ Economy පන්තියේ මගීන් 156 කට එකවර ගමන් කිරීමේ හැකියාවක්ද පවතී.

    මෙහිදි Air Seychelles හි ප්‍රධාන වාණිජ නිලධාරි චාල්ස් ජොන්සන් මහතා පවසනු ලැබුවේ, Air Seychelles ශ්‍රීලංකාව සමග සම්බන්ධ වන මෙම අවස්ථාව පිළිබඳව ඉමහත් සතුටට පත්වන බවයි. මෙමගින් දෙරටෙහිම සංචාරක, වෛද්‍ය සහ වෙළඳ අවස්ථාවන් තවත් පුළුල් වනු ඇති අතර දෙරට අතර දැනට වෙළඳපොළේ පවතින මිලට වඩා බෙහෙවින් අඩු මිල ගණන් යටතේ සංචාරය කිරීමට ඉතා අඩු කාලයකින් අවස්ථාව උදාවනු ඇති බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    එමෙන්ම Air Seychelles ගුවන් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ ඇති කරගත් අන්තර් සම්බන්ධතා හවුල්කාරිත්වය හේතුවෙන් තවත් ගමනාන්ත ගුවන් තොටුවලවල් 20 කට වැඩි සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වීමේ අවස්ථාවද උදා වි තිබේ. උදාහරණ ලෙස ඉන්දියාව, බංගලාදේශය හා වැඩි සංචාරක ආකර්ෂණය සහිත බැංකොක්, කොවලාලම්පුර් සහ සිංගප්පුරුව යන ගමනාන්ත දැක්විය හැකියි.

    වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි සැන්ඩි බෙනෙයිටන් මහතා ප්‍රකාශ කළේ, මෙම නව ගමනාන්තය, කලාපයේ ගුවන් සබඳතා වැඩිදියුණු වීමට හේතුවන බවත්, එයට ඉදිරියටත් දායක වීමට තමන් බලාපොරොත්තු වන බවත්ය.

    Air Seychelles ගුවන් ගමන් කාලසටහන

    අංකය            ආරම්භය       පිටත්වීම     ගමනාන්තය      පැමිණීම            දිනය
    HM 263         කොළඹ         04.50          සීෂෙල්ස්           07.35             බදාදා, ඉරිදා
    HM 262         සීෂෙල්ස්        22.05           කොළඹ           03.50      අඟහරුවාදා, සෙනසුරාදා

    Latest news

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....

    Suicide Robot ලොව ප්‍රථම වතාවට රොබෝ කෙනෙක් සියදිවි නසාගනී

    Suicide Robot - දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

    NPP - ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 07

    Hima Mal Renu හිම මල් රේණු දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිපයක් එකතු කොට ගෙන සංවිධානය කරන ලද රාත්‍රී ප්‍රිය සම්භාෂණයකට...

    Hima Mal Renu හිම මල් රේණු – 06

    Hima Mal Renu හිම මල් රේණු නදීරා කතා කරන තුරු මම බලා සිටියෙමි. ඔවුන් දැන් මිතුරන් නොවීමට හේතුව කුමක්ද ?...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page