ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්
ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු කරමින් සිටින අතර, එතුළින් පුද්ගල ආරක්ෂාවන්, අයිතිවාසිකම් සහ ආර්ථික වාසි අහිමිවීමේ හැකියාවක් පවතින බවත්, මෙම පනත් මඟින් කම්කරු අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය වන බවත් නිදහස් වෙළඳ කලාප කම්කරු සහයෝගිතා ව්යාපාරය වෙනුවෙන් මාධ්ය හමුවක් අමතමින් නීතිඥ තරුෂි ඩිෂාරා පැවසුවාය.
GSP ප්ලස් සම්මුතිය මෙරටට ගෙන ඒමේදී ත්රස්තවාදය වැළැක්වීමේ පනත මෙයට දැඩි බලපෑමක් එල්ල කරනු ලබන අතර, ත්රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් නිති ගෙන ආ යුතු අතර, එය ජාත්යන්තර නීතින්ට අනුව ගෙන ආ යුතු බවත් ඇය සඳහන් කළාය. ශ්රී ලංකාව විශාල වශයෙන් සම්මුතින් සඳහා අත්සන් තබා ඇති බවත්, නිවැරදි පනතක් නොවන බවට ජාත්යන්තර සංවිධාන විසින් තහවුරු කර ඇති මෙම පනත ගෙන ඒම මගින් GSP ප්ලස් පිළිබඳව යම් අවදානමක් ඇතිවීමේ හැකියාවක් ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.




