අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද
වත්මන් කථානායක වෛද්ය ජගත් වික්රමරත්නට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් භාර දී ඇති පසුබිමක, පාර්ලිමේන්තු කථානායක ධුරයේ කිසියම් වෙනසක් හෝ පුරප්පාඩුවක් සිදුවුවහොත් එම තනතුර සඳහා තම පාර්ශ්වයේ අයෙකු පත් කරගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය අභ්යන්තර විවාදයක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කථානායක ධුරයේ වෙනසක් සිදුවුවහොත් දැනට නියෝජ්ය කථානායක ධුරය හොබවන වෛද්ය රිස්වි සාලි කථානායක ලෙස පත් කළ යුතු බවට ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ශ්වයෙ ස්ථාවරය වෙතත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වයේ මතය වී ඇත්තේ, මෙම තනතුර පක්ෂයේම සාමාජිකයකු වෙත හිමිවිය යුතු බවය.




