Newsශ්‍රී ලාංකික දිනය පැවැත්වීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලාංකික දිනය පැවැත්වීමට කැබිනට් අනුමැතිය

-

spot_img

‘ශ්‍රී ලාංකික දිනය’ වැඩසටහන පැවැත්වීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ජාතීන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව ‘ශ්‍රී ලාංකික දිනය’ ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය කතාවේදී යෝජනා කර තිබුණු බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව, ‘ශ්‍රී ලාංකික දිනය’ වැඩසටහන 2025 වර්ෂයේ දෙසැම්බර් මස 12, 13 සහ 14 යන දිනවලදී, කොළඹ මහ නගර සභා පිටිය හා විහාර මහා දේවි උද්‍යානය ඇතුළු එම ප්‍රදේශය ආශ්‍රිත පරිශ්‍ර හා ප්‍රධාන මාර්ගවලින් ආවරණය වන පරිදි කලාප 4 ක, රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එම වැඩසටහන සියලුම ජාතීන් හා ආගම් නියෝජනය වන අයුරින් හා ඒ ඒ දිස්ත්‍රික්කවල සංස්කෘතික අංග හා ආහාර සංස්කෘතීන් ඇතුළත් වැඩසටහන්, දේශීය කර්මාන්ත ප්‍රදර්ශන හා අලෙවිය, නව නිපැයුම් අවස්ථා හඳුන්වාදීම ඇතුළු වැඩසටහන්වලින් සමන්විතව පැවැත්වීමට සූදානම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you