More
    Artබැඳීම් කුලියට දීමට තිබේ!

    බැඳීම් කුලියට දීමට තිබේ!

    -

    spot_img

    බැඳීම් කුලියට දීමට තිබේ! – Rental Family

    සමහර වෙලාවට අපි පුංචි කවුළුවකින් අනිත් අයගෙ ජීවිත දිහා බලනව. ඒ හැම ජීවිතේකටම එකකට එකක් වෙනස් කතා තියෙනව. මිනිස්සුන්ගෙ ජීවිත විවිධාකාරයි. විෂමයි. ඒ ජීවිත අපි දකින්නෙ අපි ඒ දිහා බලන කවුළුවේ සීමාව අනුව විතරමයි. ඉතින් පිටස්තරයො නොදන්න දේවල් කොයිතරමක් මිනිස්සුන්ගෙ ජීවිතවල තියෙනවද? ඔය පිටස්තර බව සමහර වෙලාවට සැනසීමක්. සතුටක්. ඈතකින් ඉඳගෙන කාගෙහරි ජීවිතයකට සැනසිල්ලක්, පහසුවක් ගෙනත් දෙන එක තරම් සතුටක් වෙන කොහෙන්ද? ජීවිතේ කියන්නෙ රඟමඩලක්, අපි හැමෝම ඒකෙ රඟපාන නළු නිළියො කියල කියනවනෙ. අපි හැමදෙනාම අපේ සමීපතමයන්ගෙ වගේම නාඳුනන අයගෙ ජීවිතවල පවා යම්කිසි චරිතයක් රඟදක්වනවා. මේ චරිත එක එක හේතු, අවස්ථා අනුව එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. බැඳීම් කියන්නෙ වෙලාවකට හරි සංකීර්ණ දෙයක්.

    Rental Family

    පිලිප්, ටෝකියෝ නගරයෙ තනියම ජීවත්වෙන අමෙරිකානු නළුවෙක්. සල්ලි හම්බ කරන්න හිතාගෙන, මිනිස්සුන්ගෙ ජීවිතවල එක එක භූමිකා රඟදක්වන්න නළුවන් සපයන ආයතනයකට ඔහු සම්බන්ධ වෙනව. සේවාදායකයෙක්ට “තාත්තෙක්” අවශ්‍ය නම් තාත්තගෙ චරිතය කරන්න ඔහු සූදානම්. නැත්තම් යහළුවෙක්, පෙම්වතෙක්, සැමියෙක් වගේ. ඉතින් මිනිස්සුන්ට පුළුවන් සල්ලි ගෙවලා “බැඳීම්” rent එකට ගන්න. පවුලක්ම වුණත් කුලියට ගන්න පුළුවන්. තාත්තා නැති ළමයෙක්ට තාත්තා වෙන්න, මැරුණ තාත්තෙක්ගෙ පුතා විදිහට කෑ ගහල අඬන්න වගේ චරිත රඟපාන්න පිලිප්ට සිද්ධ වුණා. ඔහුට සිද්ධ වුණා අනිත් අය ඉස්සරහ බැඳීමක් මවා පාන්න. සල්ලි හම්බ කරන්න සිද්ධ කරන මේ දෙය මහ විකාරයක් වගේ දැණුනත් තමන්ගෙ රඟපෑමෙන් මිනිස්සුන්ට සහනයක් දැනෙන හැටි ඔහු ටිකෙන් ටික තේරුම් ගත්තා. නුහුරු නගරයේ ඔහුට දැණුන තනිකම ටිකෙන් ටික නැතිවෙන්න ගත්තෙ ඔහු හැමදාමත් මිනිස්සුන්ට සැනසීම බෙදුව නිසා. බැඳීමක් මොනතරම් නම් හිත සතුටින් සැනසීමෙන් පුරවනවද?

    Rental Family

    පාසල් යන වයසෙ දැරියක් වුණු මියාගෙ තාත්තා විදිහට රඟපාන්න සිද්ධ වුනාට පස්සෙ පිලිප්ගෙ ජීවිතේ වෙනස් වෙන්න ගන්නව. තාත්තෙක් වගේ රඟපාන එක ලේසි නැතිවග ඔහුට දැනෙන්න ගත්තා. මියාගෙ අම්මා වෙහෙසුණේ තමන්ගෙ දරුවට හොඳ අනාගතයක් හදන්න. ටිකෙන් ටික පිලිප් දරුවෙක් කියන්නෙ කවුද, තාත්තෙක්ගෙයි – දරුවෙක්ගෙයි බැඳීම මොන වගේද කියන දේ ඉගෙන ගනිමින් හිටියා. නමුත් ඔවුන් වටා අමිහිරි සත්‍යයක් පැවතුණා. ඔහු කළේ රඟපෑමක්. ඒ රැකියාව ඇතුළෙ එයට අදාළ නීති රීති තිබුණා. නමුත් සැබෑ බැඳීම්වලට, ආදරේට, කරුණාවට නීතිරිති නැහැ. නියමිත වෙලාවක් නැහැ.

    Rental Family

    දහස් ගණන් මිනිස්සු ගැවසෙන නගරයක, කාර්යබහුල තැනක වුනත් මිනිස්සු විදිහට අපි මොනතරම් හුදකලා වෙලාද? ඈත අතීතයට වඩා වර්තමානයේ සමාජ, ආර්ථික මේවගේ හේතු නිසා බැඳීම් අපෙන් ඈතට ගිහින් තියෙන්නෙ හිතාගන්නවත් බැරි තරම් වේගෙන්. යුතුකම් වගකීම් ඉටු කරන්න, ආදරේ කරන්න මිනිස්සුන්ට අමතක වෙලා. තනිකම, හුදකලාව නැති කරගන්න, එහෙම නැත්තම් සමාජෙට පේන්න අපිට සිද්ධ වෙනව බැඳීම් කුලියට ගන්න. කෘතිම බැඳීම් හදාගන්න. මේක මොන තරම් ඛේදජනක සත්‍යයක්ද?

    Rental Family

    ජපානය වගේ රටවල මෙවැනි ආයතන සැබෑවටම පවතිනවා. යාන්ත්‍රික වුණ මිනිස් ජීවිතවලට කෘතිම බැඳීම් කියන්නෙ සාමාන්‍ය දෙයක් විතරයි. ඔවුන් නොදන්න දේ තමයි මිනිස්සු කියන්නෙ බොහොම ඉක්මන්ට හිතවත්කම් හදාගන්න ජීවීන් පිරිසක් බව. මුදල්වලට කරන්න බැරි ගොඩක් දේවල් බැඳීම්වලට කරන්න පුළුවන්. එවැනි සුන්දර බැඳීම් ඇතිවෙන්නෙ හරි අහම්බෙන්. හිතන්නෙ නැති විදිහට. ඒවා මිනිස්සු හිතනව වගේ සංකීර්ණ නැහැ. සරලයි.

    ගොඩක් වෙලාවට ජීවිතේ හරි වෙහෙසකාරියි. දරාගන්න අමාරුයි. මිනිස්සු ඉන්නෙ වගකීම්, යුතුකම් වල බර දරාගෙන. ආර්ථිකයත් එක්ක ලොකු සටනක් කරමින්. ජීවිත දෙක තුනක් හෝ ඊට වැඩියෙන් ජීවත් කරවීමේ බර දරා ගනිමින්. හැමෝම එහෙමයි. එවැනි කෙනෙක්ට පුංචි හරි උදව්වක් කරන්න පුළුවන් නම්, සැනසිල්ලක් ගෙනත් දෙන්න පුළුවන් නම් ජීවිතේ අපිට ලබන්න පුළුවන් ලොකුම සතුට, සැනසීම තමයි ඒක.

    Rental Family

    ජපන් ජාතික නිළියක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වන Hikari විසින් අධ්‍යක්ෂණය කර ඇති Rental Family (2025) චිත්‍රපටයෙන් බැඳීම් පිළිබඳ මේ ඛේදවාචකය හාස්‍යජනක අන්දමින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනවා. පිලිප් ලෙසින් ඇකඩමි සම්මාන ලාභී රංගන ශිල්පී Brendan Fraser රඟපානවා. Takehiro Hira, Mari Yamamoto, Shannon Mahina Gorman, Akira Emoto යන නළු නිළියන් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 16

    රත් දෝතළු - 16 මාවතේ ඇදී යන රථ වාහන වල ශබ්දයෙන් පරිසරය පිරී තිබිණි. මෙම ශබ්ද මට තවමත් නුහුරුය. නිර්මාණි...

    මං සෝෆා එකට වෙලා දවල් හීන බලනවා

    මං සෝෆා එකට වෙලා දවල් හීන බලනවා - Tamannaah Bhatia කොලිවුඩයට නැතිවම බැරි නිළියක් ලෙසින් හැඳින්වෙන Tamannaah Bhatia කොලිවුඩ් සිනමාවේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page