බර කිලෝ 50 කින් අඩුකරගත්තොත් Porsche කාර් එකක් තෑගී
ඔක්තෝම්බර් 23 වැනිදා උතුරු චීනයේ Shandong පළාතේ Binzhou හි ව්‍යායාම මධ්‍යස්ථානයක් විසින් අපූරු අභියෝගයක් ලබා දී තිබෙනවා. එනම් මාස තුනක් ඇතුළත සිරුරේ බර 50 kg ක් අඩුකරගන්නා ඕනෑම අයෙකුට සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දීමයි. මේ ආරංචියත් සමගින් බොහෝ දෙනෙක් බර අඩු කර ගැනීමට උනන්දුවී ඇති බව පැවසෙනවා. මේ අයුරින් කෙටි කාලයක් තුළ අධික ලෙස බර අඩු කරගැනීම අයහපත් බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

ඔවුන්ගේ දැන්වීමට අනුව, මාස තුනක් ඇතුළත 50 kg ක් අඩු කර ගන්නා ඕනෑම කෙනෙකුට ත්‍යාගයක් ලෙස සුඛෝපභෝගී Porsche Panamera මෝටර් රථයක් හිමිවෙනවා. මෝටර් රථයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 155,000 ක් පමණ වේ. තරඟකරුවන් 30 දෙනෙක් පමණක් මේ සඳහා සහභාගී කරගන්නා බවයි ඔවුන් පවසන්නේ. තරඟය සඳහා ලියාපදිංචි වීමට ඇමරිකානු ඩොලර් 1,400 ගෙවිය යුතුයි. තරඟකරුවන්ට ආහාර සහ නවාතැන් සැපයෙන බව සඳහන්. මෙම මෝටර් රථය ව්‍යායාම මධ්‍යස්ථානයේ හිමිකරුට අයත් භාවිතා කරන ලද එකක්.




