More
    Newsත්‍රිවිධ හමුදාව භාවිතාකළ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක්

    ත්‍රිවිධ හමුදාව භාවිතාකළ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක්

    -

    spot_img

    ත්‍රිවිධ හමුදාව භාවිතාකළ යාපනය-පලාලි අධි ආරක්‍ෂිත කලාපය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන්ට නැවත ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට අදාළව පවතින අභියෝගයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (28) පවත්වා තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියේ, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී මෙය පැවැත් වූ බවයි.

    ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියාකොන්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සහ පරිපාලන නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගි වී තිබෙනවා.

    එහිදී ඉඩම් නැවත භාරදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඇතිවී තිබෙන මෙහෙයුම් සහ පරිපාලන බාධක විසඳීම කෙරෙහි මූලික අවධානය යොමු කර තිබුණා.

    එමෙන්ම තවමත් හමුදා භාරයේ පවතින පෞද්ගලික ඉඩම් අදාළ හිමිකරුවන් වෙත භාරදීම කඩිනම් කිරීම සඳහා එම හමුදා ඒකක අදියර වශයෙන් ඉවත්කර ගැනීම පිළිබඳව ද කරුණු සමාලෝචනය කරනවා.

    ඒ අනුව සිවිල් දේපොළවලට වන බලපෑම අවම වන අයුරින් හා අත්‍යවශ්‍ය ආරක්‍ෂක ඒකක තවදුරටත් පවත්වා ගනිමින් ප්‍රදේශයේ අඛණ්ඩ ආරක්‍ෂාව සහතික කිරීම අරමුණු කරගත් නව සීමා මායිම් ස්ථාපනය කිරීම අවසන් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

    මෙම ක්‍රියාවලිය විනිවිදභාවයෙන්, සාධාරණත්වයෙන් යුක්ත විය යුතු බවත්, එම ක්‍රියාවලිය ජාතික ආරක්‍ෂාව සම්බන්ධව සම්පූර්ණයෙන්ම සමපාත විය යුතු බවත් මෙහිදී අවධාරණය කර තිබුණා.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page