ගෙදරදීම බුන්දි හදන්නෙ මෙහෙමයි
බූන්දි කියන්නේ හරිම රසවත් කැවිලි වර්ගයක්. පිරිසිඳුව රසට ගෙදරදීම බූන්දි හදන හැටි බලමු.
• අවශ්‍ය ද්‍රව්‍ය (බූන්දි මිශ්‍රණයට) 
පාන් පිටි 150g
බේකින් පවුඩර් තේ හැඳි 1 1/2
වැනිලා බිංදු කිහිපයක්
රතු පාට ෆුඩ් කලරින්
ලුණු ස්වල්පයක්
වතුර
• පැණි මිශ්‍රණයට
සීනි 400g
වතුර කෝප්ප 1/2
දෙහි යුෂ තේ හැඳි 02
බැදීමට පොල්තෙල්
පයිපින් බෑග් එකක්

• සාදන ආකාරය
බඳුනකට පාන් පිටි, ලුනු, බේකින් පවුඩර් දමා වතුර ටික ටික එකතු කරමින් මිශ්‍ර කරගන්න. වැගිරෙන ගාණට තරමක් ඝනකමට කැටි නොවෙන විදිහට මිශ්‍රණය හදා ගන්න. දැන් වැනිලා සහ කලරින් එකතු කරන්න. මිශ්‍රණය පසෙකින් තබා බඳුනකට සීනි සහ වතුර එක්කර මද ගින්නේ තබා පැණි ටික හදා ගන්න. පැණි උණුවී බුබුළු දමනවිට දෙහි යුෂ එකතු කරන කරන්න. හොඳින් උණු වූ පසු ලිපෙන් ඉවත් කරගන්න. මීළඟට බූන්දි මිශ්‍රණය පයිපින් බෑග් එකට දමා තෙල් රත්වෙන්නට හැර එයට ඔබට අවශ්‍ය ප්‍රමාණවලින් බූන්දි ටික වත්කර ගන්න. මිනිත්තු දෙකක් පමණ බැද ගෙන ලිපෙන් ඉවත් කරන්න. ඉන්පසු බූන්දි ටික පැණි එකට දමා පැණි මිශ්‍ර කරගන්න.



