Newsඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

-

spot_img

දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන ලෙස පට්ටලි මක්කල් කට්චි (PMK) පක්ෂයේ නිර්මාතෘ එස්. රාමදාස් මහතා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිනවා.

ඔහු පවසන්නේ මෙම සරණාගතයන්ගෙන් බොහෝ දෙනෙකු ඉන්දියාවේම ඉපිද ඇති, දෙමළ සරණාගතයින් වන බවයි.

1983 දී ශ්‍රී ලංකාවේ ඇති වූ සිවිල් යුද්ධයෙන් පසුව නිවාස හා ජීවනෝපාය අහිමි වූ ලක්ෂයකට අධික ශ්‍රී ලංකා දෙමළ ජනතාවක් තමිල්නාඩුවට සංක්‍රමණය වූ බව රාමදාස් සිය ප්‍රකාශයෙන් සඳහන් කරනවා.

ඔහු පවසන්නේ 2009 දී යුද්ධය අවසන් වූ පසුව පවා, තවත් දහස් ගණනක් දිගින් දිගටම ඉන්දියාවේ රැකවරණය පැතූ බවයි.

අද වන විට, ලාංකික දෙමළ ජනතාව ලක්ෂයක් පමණ තමිල්නාඩුවේ සරණාගත කඳවුරු 116 ක් පුරා විසිරී සිටින බව ඔහු පෙන්වා දෙනවා.

මෙම සරණාගතයින් දශක ගණනාවක් ඉන්දියාවේ ජීවත් වුවද, ඔවුන්ට නිදහස් පුරවැසියන් ලෙස ජීවත්වීමට තවමත් අවසර නොලැබෙන බව රාමදාස් මහතා පවසනවා.

තමිල්නාඩුවේ උපත ලබා අධ්‍යාපනය ලැබූ තරුණ පරම්පරාව මූලික අයිතිවාසිකම් අහිමිව සිටින බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කර ඇතත්, රජයේ රැකියා සඳහා අයදුම් කිරීමට නීතිමය බාධා පවතින බවත් ඔහු සඳහන් කළා.

ඔවුන්ගෙන් බහුතරයක් ජීවත් වන්නේ අවම වැටුපක් සඳහා දෛනික වේතන ශ්‍රමිකයන් ලෙස සේවය කිරීමෙන් බව සඳහන් කරනවා.

ඔවුන්, ඉන්දීය පුරවැසියන්ට ලබාදෙන සුබසාධන ප්‍රතිලාභ කිහිපයකින් ද බැහැර කර තිබෙනවා.

රාමදාස් මහතා හෙළිදරව් කළේ, නේපාලයෙන් සහ භූතානයෙන් පැමිණි සරණාගතයින්ට රජයේ රැකියා සඳහා අයදුම් කිරීමට අවසර දී තිබුණද, දෙමළ සහෝදර සහෝදරියන්ට එවැනි අවස්ථා ප්‍රතික්ෂේප කර ඇති බවත් සරණාගත කඳවුරු තුළ පවතින ඉඩකඩ සීමා කර ඇති බවයි.

දශක ගණනාවකට පෙර ඔවුන්ට වෙන් කරන ලද කුඩා ඉඩම් කොටස් තුළම පවුල්වලට ජීවත්වීමට බල කෙරී ඇති බවත් පවුල් පුළුල් වන විට, ඔවුන්ට එවැනි සීමිත ප්‍රදේශවල ගෞරවාන්විතව දිගටම ජීවත් විය හැක්කේ කෙසේදැ? යි ඔහු ප්‍රශ්න කරනවා.

කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු වෙනත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකා දෙමළ ජනතාවට පුරවැසිභාවය ලබා දී තිබුණද, ඉන්දියාව එසේ කර නැහැ.

ඊට හේතුව ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සරණාගත සම්මුතියට අත්සන් කර නොතිබීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉන්දියාවේ සිටින සරණාගතයින්ට සහාය දිමේ හැකියාවක් නැහැ.

වහාම ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටි රාමදාස් මහතා “තමිල්නාඩුවේ දැනට ක්‍රියාත්මක වන ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය, ප්‍රාන්තයේ වෙසෙන දෙමළ ජනතාවට ඡන්ද අයිතිය ලබා දීමට අවස්ථාවක් ලෙස භාවිතා කළ යුතුයි. ඔවුන්ට ඡන්ද අයිතිය ලැබුණහොත් පමණක්, තේරී පත් වූ නියෝජිතයින් ඔවුන්ගේ සුබසාධනය සඳහා කටයුතු කරනු ඇති බවත් මධ්‍යම රජය මෙම දෙමළ ජනතාවට ඉන්දියාවේ නීත්‍යානුකූල පුරවැසියන් ලෙස නිදහසේ සහ ගෞරවාන්විතව ජීවත් වීමට සහතික විය යුතු බවත්”

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you