Newsකොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

-

spot_img

කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ කඳවුර), 2025 නොවැම්බර් මස 5 වන දින සිට නොවැම්බර් මස 10 වෙනිදා දක්වා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වේ.

සමාරම්භක උත්සවය නොවැම්බර් 6 වෙනිදා හවස 5ට උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි, ඒ වගේම ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා බාලාදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා උත්සවය සඳහා සහභාගී විය.

‘අරමුණක් ඇති ගමනක් – සුව පතන හදවතක්’ (Move With Purpose Heal With Heart) යන තේමාව යටතේ මෙවර සංවිධානය කෙරෙන 60 වැනි කොළඹ කැම්පෝරිය සඳහා සිඟිති බාලදක්ෂයන්, පෝතක බාලදක්ෂයන්, කනිෂ්ඨ බාලදක්ෂයන්, ජේෂ්ඨ බාලදක්ෂයන්, මානවක බාලදක්ෂයන් සහ නායක නායිකවන් නව දහසකට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතය.

1914 වර්ෂයේ ආරම්භය සනිටුහන් කරවූ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව, වසර 111 සමරන මේ වසරේ පැවැත්වෙන 60 වැනි කොළඹ කැම්පෝරිය, සංවිධායක කොමසාරිස් වෛද්‍ය ඉන්දිකා විදානගමගේ මහත්මිය සහ දිසා කොමසාරිස් සම්පත් විජේසිංහ මහතාගේ නායකත්වය යටතේ සංවිධානය වේ.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ කඳවුරු බඳිමින් මෙවර 60 වැනි කොළඹ කැම්පෝරිය සඳහා සහභාගී වන බාලදක්ෂයින් සඳහා ක්‍රියාකාරකම් රැසක් සංවිධායක මණ්ඩලය විසින් සුදානම් කර ඇති අතර. මෙම කඳවුර සාර්ථක කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, කොළඹ මහා නගර සභාවට, රාජ්‍ය ආයතනද, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවන්ගෙන් ලැබෙන සහයෝගය අගය කොට සලකමු.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව - Balan: The Boy සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට...

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you