Newsශ්‍රීමාලි ෆොන්සේකා - අවුරුදු උත්සවේදී පොටෝ ගැහුවේ කෙහෙල්බද්දර එක්ක...

ශ්‍රීමාලි ෆොන්සේකා – අවුරුදු උත්සවේදී පොටෝ ගැහුවේ කෙහෙල්බද්දර එක්ක කියල දන්නේ නෑ

-

spot_img

 

හිටපු විවාහක රූරැජිණියක හා රංගන හිල්පිණියක වන ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) දිනයේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ජංගම දුරකථනයේ තිබී සොයාගත් ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඇයව මෙසේ කැඳවා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීමකට අනුව ඇය ඊයේ (27) එම ස්ථානයට පැමිණියාය. මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මියගෙන් ද ප්‍රශ්න කර තිබූ අතර, තවත් රංගන ශිල්පිනියන් තිදෙනෙකුගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය පසුගිය මහ මැතිවරණයේදී සර්වජන බලය පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයට ද තරග කළාය.

ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය සඳහන් කළේ, 2022 වසරේ පැවති අවුරුදු උත්සවයකදී තමන් සමඟ ලබාගත් ඡායාරූපයක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු වූ බවයි. අදාළ අවුරුදු උත්සවයට තවත් බොහෝ නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ බවත්, තමන් සිය පවුලේ සාමාජිකයන් සමඟ එම උත්සවයට එක් වූයේ සිය පෞද්ගලික වියදමින් බවත් ඇය අවධාරණය කළාය. එම උත්සවයට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණි සිටි බවත්, ඡායාරූපයේ සිටින පුද්ගලයා කවුදැයි තමන් ඒ මොහොතේ දැන නොසිටි බවත් ඇය පැවසුවාය.

 

තමන් මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ බවට රට තුළ පැතිර යන කතාබහට පැහැදිලි කිරීමක් සිදු කිරීමට මෙය අවස්ථාවක් කරගත් බවද ඇය කීවාය. මෙම චෝදනා හේතුවෙන් සිය ව්‍යාපාරවලට විශාල පහරක් එල්ල වී ඇති බවත්, එම ව්‍යාපාර නීති විරෝධී මුදල් හරහා ආරම්භ කළ බවට ඇතැමුන් චෝදනා කරන බවත් ඇය සඳහන් කළාය. තමන් 2017 වසරේ සිට ව්‍යාපාර කටයුතුවල නිරත වන බවත්, එදා සිට අද දක්වා සිදුකළ සියලු ගනුදෙනු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු පැහැදිලි කළ බවත් ෆොන්සේකා මහත්මිය පැවසුවාය. තමන්ට විදෙස් රටවලින් මුදල් ලැබීම සම්බන්ධයෙන් ද විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කළ බව ඇය වැඩිදුරටත් කීවාය.

නිතර ඩුබායි රාජ්‍යයට යන්නේ නීති විරෝධී පුද්ගලයන් හමුවීමට බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කළ ඇය, තමන් 2001 වසරේ සිට ඩුබායි වෙත ගමන් කරන බවත්, එහි අධ්‍යාපනය ලැබූ, නේවාසික වීසා පවා තිබූ තැනැත්තියක් බවත් කියා සිටියාය. ඩුබායි යනු සිය දෙවැනි නිවස බඳු බවත්, තමන්ට එහි ව්‍යාපාරයක් ද පවතින බවත් ඇය පෙන්වා දුන්නාය.

 

තමන් නීතියට බියෙන්, නීත්‍යානුකූලව ජීවත් වන අයෙකු බවත්, රටේ සිදුවන නීති විරෝධී දේ නැවැත්වීමට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ඇය ප්‍රකාශ කළාය. කතෝලිකයෙකු වුවද තමන් කර්මය සහ බුදු දහම දැඩිව විශ්වාස කරන බවත්, වැරදි දේ කර මුදල් කොපමණ ඉපැයුවද නිදහසේ නිදාගත නොහැකි බවත් ඇය සඳහන් කළාය. එබැවින් නීති විරෝධී හෝ අසාධාරණ ලෙස මුදල් ඉපැයීමෙන් වළකින ලෙස ඇය තරුණ දරුවන්ගෙන් ඉල්ලා සිටියාය.

උත්සව අවස්ථාවලදී බොහෝ දෙනා පැමිණ තමන් සමඟ ඡායාරූප ගන්නා බවත්, අදාළ පුද්ගලයා ද ඒ අතර සිටි අයෙකු බවත්, එසේ ඡායාරූප ගැනීම තමන්ට වැළැක්විය නොහැකි බවත් ඇය කීවාය. කලා ශිල්පීන් හා ශිල්පිනියන් උත්සව සඳහා සහභාගී වීමේදී, එම උත්සවවල අනුග්‍රාහකයන් කවුදැයි නොදැන ආරාධනා කළ පමණින් සහභාගී වන බැවින්, ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස ද ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය සිය සගයන්ගෙන් ඉල්ලා සිටියාය.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you