NovelsRath Dothaluරත් දෝතළු - 13

රත් දෝතළු – 13

-

spot_img

රත් දෝතළු – 13

පාලිත මාමා අම්මාත් තාත්තාත් සමඟ සැහැල්ලුවෙන් කතා බහ කළද මා සිටියේ සිතේ ගින්දරෙනි. ඔහු සමඟ තනිව කතාබහ කරන්නට අවස්ථාවක් නම් තවම නොආවේය.

“මම එහේ ගියා මාමේ… නැන්දා මට සල්ලි දුන්නා… මං හෙට උදෙන්ම කොළඹ යන්න කියලා…”

ඔවුන්ගේ කතා බහ අතරේ මම කියාගතිමි.

“හදිසියේම…?”

පාලිත මාමා ඇසුවේ මවිතයෙනි.

“ගහෙන් ගෙඩි එන්නා වගේ තීරණ ගන්නවා… හවස කියනවා හෙට යනවා කියලා…”

අම්මා තාත්තා දෙසත් බලා කීවේ නොමනාපය මුසුවය.

“සමහර තිරණ ගන්න වෙනවා අක්කේ ගහෙන් ගෙඩි එන්නා වගේ… නැතුව බැහැ… මේ ළමයින්ටත් අනාගතයක් තියෙන්න එපැයි… ගෙයි ගෙම්බෝ වගේ මේ ගමටම වෙලා ඉඳලා මොනවා කරන්නද…?”

පාලිත මාමා කතාකළේ මගේ පස ගෙනය.

“ඒක ඇත්ත පාලිත… මුන්ගේ අනාගතේවත් හදාගන්න එපැයි…”

තාත්තාද එය අනුමත කරමින් කියන විට අම්මා නිහඬ වූවාය.

“පියසේනත් රට යන්න හදන්නේ…”

පාලිත මාමා ඒ කීවේ අලුත් පුවතකි.

“හැබෑට… ඩ්‍රයිවින් රස්සාවකටමද… ජිනපාල ගාවින් අයින් වුණාද…?”

තාත්තා ඇසීය.

“තවම උන්දෑ දන්නැහැ… අද හෙටම යයි…”

මේ පියසේන මාමා හදිසියේම ගත් තීරණයක් නොවන්නට ඇත.

“හෙට කීයටද යන්නේ ළමයෝ…?”

පාලිත මාමා යළිත් මා විමසුවේය.

“උදේ පාන්දරම යන්න කියලා හිතුවේ මාමේ… හතරට බස් එකක් තියනවාලුනේ…”

“ආහ්… මාත් පාන්දර කොළඹ යනවා… මං එන්නම් එක්ක යන්න… ලැහැස්ති වෙලා හිටින් එහෙනම්…”

පාලිත මාමා එසේ කියන විට නම් මටත් වඩා සතුටු වූයේ අම්මාත් තාත්තාත්ය.

“අනේ… ලොකු දෙයක් මල්ලියේ… මං මේ බයේ උන්නේ මේකිව තනියම යවන්නේ කොහොමද කිය කියා…”

“බය වෙන්නේ අහවල් දේකටද… මේකිත් මගේ දරුවෙක් අක්කේ…”

පාලිත මාමා එසේ කියන විට මා දෑසට කඳුළු පිරිණි. අද ඔවුන් නොසිටින්නට.! අපි කතා බහ කරමින් සිටින විට රංගේ මාමා නිවසට දිව ආවේ කළබලයෙනි.

“සුමනේ අයියා…. හරි වැඩේනේ… ආහ්… පාලිතත් ඉන්නේ… හොඳ වෙලාවට…”

“රංගේ ඇයි…මොකද කළබලේ…?”

හතිළමින් ඉස්තෝප්පුවට ගොඩ වූ රංගේ මාමාගෙන් ඇසුවේ තාත්තාය.

“ආරංචි නැත්ද වැඩේ…?”

“මොකක්ද බං…?”

පාලිත මාමා අසුවේ නොසතුටෙන් මෙනි.

“අර ජිනපාලයගේ පුතණ්ඩියාට කට්ටියක් එකතු වෙලා හොඳට නෙළලා… පාරේ දාලා ගිහින්.. .ඔන්න දැන් පියසේන ඉස්පිරිතාලෙට දාන් ගියා…”

මා දෑස් උඩ ගියේය. හද ගැස්ම වේගවත් වනවිට මා සිටියේ මාවම සන්සුන් කරගැනීමට යත්න දරමිනි. ඔහුට පහර දුන්නාට නම් පවක් නැත. ඔහු ජීවතුන් අතර සිටීම යම් තරමක සහනයකි. මා නිවසට පළවා හැර පියසේන මාමාත් පාලිත මාමාත් එකතුව ඔහුට පහර දෙන්නට ඇත.

“මොනවා… කවුද බං ගහලා තියෙන්නේ…?”

අම්මා කෑ ගැසුවේ කළබලයෙනි. මම ඈ වෙත ළංව ඇගේ දෑතින් අල්ලා ගතිමි.

“ඒක දන්නැහැ අක්කේ… කනත්ත ළඟ මිනිහෙක් වැටිලා ඉන්නවා දැකලා තියෙන්නේ විමලයායි සුනන්දයයි… මුං හිතලා තියෙන්නේ බීපු එකෙක් වැටිලා වෙන්නැති කියලා… නිකමට බලනකොට මෙන්න බඩු… කියලා බලත්දී කවුද… මුදලාලියාගේ පුතණ්ඩියා… පණ ගිහින් කියලා මුං හිතලා තියෙන්නේ… ඒත් කෙඳිරි ගානවලු… මිනිහාව අඳුනන් තියෙන්නේ විමලෙයා… විමෙලයායි ඌයි එක පන්තියෙලු ඒ කාලේ… ඒ වුණාට මුගෙ හෙන හයිරං නිසා මු මායිම් කරන්නේ නැහැනේ… සුනන්දයාගේ වුවමනාවට තමා ගිහින් මුදලාලියට පයිණ්ඩෙ දීලා තියෙන්නේ… පියසේන අයියලා කට්ටිය එකතුවෙලා කුදලන් ඉස්පිරිතාලේ ගොහින්…”

“මිනිහට අමාරුද…?”

පාලිත මාමා ඇසුවේ නිවුණු හඬකිනි.

“විමලයා කීව විදියට නම් අමාරු පාටයි… අත පය නම් කැඩිලාම ගිහින්ලු… වාහනේට දානකොට කකුල් අතපය එල්ලිලා වැටෙනවාලු… ජීවත් වුණත් වැඩක් නැති වෙයි කියලා තමා උන් කතා වුණේ…”

“දෙයි හාමුදුරුවනේ…!”

අම්මා නිකටේ අත තබා ගනිමින් කීවේ ශෝකයෙනි. ඔහු අතින් අද මා විනාශ වූවා නම් අම්මා ඔහු ගැන එතරම් ශෝක නොවන්නට ඉඩ තිබිණි. එසේනම් ඈ ඔහුව මරා දමනු ඇත. ඇසූ පුවතින් මා සිතේ කම්පනයක් ඇති විය. බියක් දැණුනේ පියසේන මාමාත් පාලිත මාමාත් ගැනය. නමුත් කේෂව ඔවුන් දෙදෙනාවම දුටුවේ නැත.

“කළකම් පටිසන් දෙනවාලු… මහ උන්දෑ කීවා වගේ මිනිහට මාරක අපලයක් තමා තිබිලා තියෙන්නේ…”

අම්මා යළිත් කීවාය.

“මම නම් කියන්නේ මොකා කෙරුවත් කරලා තියෙන්නේ නම් පින් අතේ වැඩක්…”

රංගේ මාමා කීවේ මඳහසක් පාමිනි.

“උඹ අද ගමේ නොහිටිය එකමයි කාරිය… නැත්නම් මේක යන්නේ උඹේ පිටින් මල්ලියේ…”

මෙතෙක් අමතකව ගිය දෙයක් අම්මා සිහි කළාය.

“ඕකා හිටියා නම් මැරෙන්නේ මගේ අතින් තමා…”

පාලිත මාමා කීවේ දත්මිටි කමිනි.

“කට කට…ඕවා නිකමටවත් කියන්න එපා… ගමේ අය සේරම දැන් ඇති එහෙනම් මුදලාලිගේ ගෙදර…”

අම්මා යළිත් කීවාය.

“මොන පිස්සුද… බලු බල්ලෙක් ආවේ නැතිලු… මිනිස්සු මුන්ට සාප කරනවා…”

රංගේ මාමා කීවේ උපහාසයෙනි.

“සාප නොකළොත් තමා පුදුමේ… ගමේම උන්ගේ ඉඩම් ටික කොල්ල කාපු එකනේ කළේ මහ එකා… ඔය සාපම තමා යන්න ඇත්තේ පුතණ්ඩියා පිටින්…”

තාත්තා කතා කළේ කෝපයෙනි.

“මහ උන්ගේ වැරදි තමා ඕවා… පුතණ්ඩියා සුද්ද කළා… දැන් වුණේ…”

අම්මාද එයට එකඟව කීවාය. රංගේ මාමා පිටව ගිය ගිය පසුව අප අතර පැවතියේ නිහැඬියාවකි. ඈත කඳු මුදුනකින් ඇසුණේ උළමෙකු නැඟූ අමිහිරි නාදයයි.

“මෙහෙම වුණ එක හොඳයි කියනවා නෙවේ මල්ලියේ… ඒත් ඉතින් ඔය වගේ උන්ට නීතියෙනුත් දඬුවම් නැත්නම් මෙහෙම හරි වුණ එක හොඳයි…නැත්ද…?”

පාලිත මාමා මුව කොණින් සිනහවක් පෑවා මිස කිසිත් නොකීය.

“මාත් ගොහින් එන්නම්… රෑ වුණා… ත්‍රි විල් එකත් හදන්න දාලා… පයින් ආවේ… දුව එහෙනම් උදෙන්ම ලැහැස්ති වෙලා ඉන්නකෝ… මං එන්නම්…”

මම හිස සැළීමි.ඔහු මිදුලට බසින විට සමඟ මමද කඩුල්ල තෙක් ඔහු සමඟ ඇවිද ආවෙමි. හිරියක් මා ගත පුරා දිව ගියේ රෑ සීතලයට. අම්මාත් තාත්තාත් ඉදිරියේ අසන්නට නොහැකිව සිරකරන් සිටි දහසකුත් දෑ මා දරා සිටියේ අපහසුවෙනි.

“මා…මේ…”

කඩුල්ල අසල නැවතී මම ඔහු ඇමතුවේ වෙව්ළන හඬිනි.

“මම උගේ හතර හන්දි කැඩුවා… ආයේ ඔය කකුල් දෙකෙන් නැඟිටිනවා බොරු… ජීවත් වෙලා ඉන්නකල් ඌ එක්කම උගේ මහ උන් දෙන්නත් හූල්ල හූල්ල මැරෙයි… ඌව නොමරා ඉතුරු කළේ ඒකට…. ඌ මැරුණා නම් ටික කලකින්ම මහ උන්ටත් ඕක අමතක වෙලා යයි… අවුරුදු ගානක් මං බලන් හිටියා… මගේ කෙල්ලට කරපු අපරාදෙ මං අමතක කළේ නැහැ… අද උඹට මොනවා හරි වුණා නම්… මං ඕකුන්ගේ පවුලම ගිනි තියනවා… පියසේනයි මායි ගෙට ගොඩ වුණු හැටියේ ආවේ දුව කුඩේත් අමතක කරලා ගියා කියලා සන්ධ්‍යා කිව්වා… පොඩ්ඩක් මඟට ගිහින් බලන්න කියලා කෙල්ල තනියම ආවේ කියලා…”

එක දිගට ඔහු කියන විට මා දෑසට කඳුළු පිරිණි. ඔවුන් එවා තිබෙන්නේ නැන්දාය. අනේ…! ඇයට පින් අත් විය යුතුය. මම දෑත් එක්කොට මාමාට වැන්දෙමි. ඔහු මා දෑත් සිය හ්‍රහණටයට ගෙන මගේ හිස මතත් අත තැබුවේ පියෙකුගේ මෙන් සෙනෙහසකිනි.

“අනේ… මා…මාට කරදරයක් වෙයිද මාමේ…?”

“බය නොවී ඉඳින් කෙල්ලේ… අපිට කරදරයක් වෙන්නේ නැහැ… ඌ අපිව දැක්කේ නැහැ… අපි මෙහෙ හිටියෙත් නැහැනේ… මං හිටියේ කොළඹ ගිහින්… ආවේ රෑ වෙලානේ… මාව සැකකාරයෙක් කියලා කට උත්තර දෙන්න වෙයි… හහ්…! ඒක මං බලාගන්නම්… අනික ඌ කොහොමද කටක් ඇරලා කියන්නේ… නැත්ද…?”

“පරිස්සමින් මාමේ…”

ඔහු පිටව ගියේ යළිත් වරක් මා හිස පිරිමදිමිනි.

-හෙටත් හමුවෙමු-

Latest news

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...
- Advertisement -spot_img

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි විලුඹ පැලෙන එක. මේ වෙනකොට මේක හරිම සුලබ ගැටළුවක් බවට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you