Interviewsමම ගූගල් සර්ච් කරලා කිස් කරන්න පුරුදු වුණා

මම ගූගල් සර්ච් කරලා කිස් කරන්න පුරුදු වුණා

-

spot_img

මම ගූගල් සර්ච් කරලා කිස් කරන්න පුරුදු වුණා – Nicholas Galitzine

බ්‍රිතාන්‍ය නළු Nicholas Galitzine ඔහුගේ මතක හිටින රංගනයත්, කඩවසම් පෙනුමත් හේතුවෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය හිමිකර ගත් නළුවෙක්. Red, White & Royal Blue, The Idea of You, Bottoms වැනි චිත්‍රපට තුළින් රසික සිත්වල ලැගුම් ගත් ඔහු එලඹෙන වසරේ Masters of The Universe චිත්‍රපටයේ He Man ලෙසින් රසිකයින් හමුවට එනු ඇත. 

Nicholas Galitzine

 

• Idea Of You පිටපත කියවනකොට මොකද හිතුනෙ?

මම ඒකට ආකර්ෂණය වුණා. ඒක ආදරය ගැන නැවුම් අදහසක් තිබුණ කතාවක්. Anne එක්ක වැඩ කරන්න මම ආසාවෙන් හිටියෙ. මට හිතුණා ඔවුන් මාව තෝරගත්ත එක මගෙ වාසනාව කියලා.

Nicholas Galitzine

 

• ඔයා ගොඩක් ජනප්‍රිය පිරිමි බෑන්ඩ් එකක ප්‍රධාන ගායකයා විදිහට රඟපානවා. ඔයා හොඳ dancer කෙනෙක්ද?

ඇත්තටම නැහැ. නමුත් අනිත් කොල්ලො ඔක්කොම වෘත්තීය නර්තන ශිල්පීන්. මම ඒක කියන්නම ඕනෙ.

• ඒක හරියට NSYNC නැත්තම් One Direction වගේ?

ඒක පසුගිය දශකයේ හෝ දෙකේ පැවතුන දේවල්. One Direction වගේම K-pop සංගීතයේ ආභාෂය තිබුණා. ජනප්‍රිය නමුත් නිර්මාණය කරන්න කැමති විදිහෙ කලාත්මක බවක් නොතිබුණ කොල්ලෙක් ගැන කතාවක්.

• ඔයා Sports වලට ආදරෙයි නේද?

ඒ මගේ එකම ආදරය. කවදාවත් පොඩි කාලේ රඟපෑවේ නැහැ. මම රග්බි යුනියන් එකට සෙල්ලම් කරා. වතාවක් මම හෙල්ල විසි කරලා දෙවෙනි තැන ලබා ගත්තා. රග්බි වලදි හිස් ආවරණ, පෑඩ් එහෙම නැහැ. ඒක මට අපහසුවක් වුණ නිසා අවුරුදු 17 දී මම ඒක නතර කළා. ඊට පස්සෙ මම මොනවද කරන්න ඕනෙ කියල idea එකක් තිබුණෙ නැහැ. හදිසියේම වගේ නාට්‍යයක් කළා. ඒක තමයි පටන් ගැන්ම.

Nicholas Galitzine

• ඔබේ පළමු රංගනය

The Beat Beneath My Feet. Luke Perry එක්ක තමයි මම රඟපෑවෙ. ඒක ලස්සන කතාවක් .

• දැන් ඔයා He-Man විදිහට රඟපානවා. කොහොමද ඇඟ හදාගන්නෙ?

ගොඩක් කෑම කන එකයි බර ඉසිලීමයි කරලා. මම දවසකට කැලරි 4,000ක් විතර ගන්නවා. ඒත් මම කරන වැඩ ගොඩ නිසා දවස ඉවරවෙද්දි ආයෙමත් බඩගිනි වෙනවා. ඒක හරිම පුදුමයි. ඒත් මම බඩගින්නෙ ඉන්නවා. ඒක වේදනාකාරියි. ඒත් හැමදේම චරිතය වෙනුවෙන්.

• Mary & George කතා මාලාවේ ඔයා ගොඩක් හිටියෙ ඇඳුම් නැතුව ?

මම ඇඳුම් සීයක් ඇන්දා. ඒ වගේම ඇඳුම් නැතුව රඟපාන තැන් ගොඩකුත් තිබුණා. අවංකවම, ඒක සතුටක්. තමන්ගේ ශරීරයෙන් මිනිසුන්ව වසඟ කරලා එමගින් ආධිපත්‍යය දරන්න හැකියාව තිබුණ මිනිහෙකුගෙ මානසිකත්වයට පිවිසෙන්න ලැබුණ එක මාරයි. ඒක මාව මත් කරා වගේ.

Nicholas Galitzine

• ඔයා පුංචි කාලේ සිනමාවට ආසද?

දෙයියනේ ඔව්! මම ආසම ජෙසිකා ඇල්බාට. එයා rom – com වල රඟපෑව කාලෙ.

• ඔයා කැමතිම රියැලිටි වැඩසටහන ?

Love Island

• ඔයාගේ සැඟවුණ හැකියාවක් කියන්න.

මම ලී කැටයම් කරන්න දක්ෂයි. චෙස් ඉත්තො කැටයම් කරන්න කැමතියි. ඒක මට භාවනාවක් වගේ. මම උත්සාහ කරනවා සම්පූර්ණ චෙස් පුවරුවක් කැටයම් කරන්න. ඇන්ඩෲ ගාෆීල්ඩ් කියන්නෙ මම ආසම නළුවෙක්. ඔහුත් ගෘහ භාණ්ඩ හදනවා මම හිතන්නෙ. මම මේකට පෙළඹුනේ ඒ විදිහට.

• ඔයාගෙ පළවෙනි හාදුව මතකද? Nicholas Galitzine

මගේ ගෙදරට කිට්ටුව පාක් එකේ පරණ ගහක් යටදි. මම තමයි පටන් ගත්තෙ. මම හොඳටම කලබළ වෙලා හිටියෙ. ඇත්තටම මම ගූගල් සර්ච් කරලා කිස් කරන විදිහ පුරුදුවෙලා හිටියත් ඒක එච්චර හරි ගියේ නෑ. නමුත් ඇය ඒකට අකමැති වුණේ නැහැ.

• දැන් මිනිස්සු ඔයාව චිත්‍රපටවල බලන ගමන් ඔයාගෙ විදිහට කිස් කරන්න ආසයි.

ඒක තමයි මගේ එකම ඉලක්කය.
W Magazine ඇසුරිනි –

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you