Travelකන්‍යාවන් කෙලෙසා මරාදැමූ පුරෝහිත බහිරවයා - බහිරව කන්ද

කන්‍යාවන් කෙලෙසා මරාදැමූ පුරෝහිත බහිරවයා – බහිරව කන්ද

-

spot_img

කන්‍යාවන් කෙලෙසා මරාදැමූ පුරෝහිත බහිරවයා – බහිරව කන්ද

මහනුවර රමණීය නගරයකි. කඳු වළල්ලකින් වටවී තිබෙන මෙම නගරය ශ්‍රී ලංකාවාසී අප සියලු දෙනාටම ඉතාම වැදගත් වන්නේ ශ්‍රී දළදා වහන්සේ එහි වැඩ සිටින නිසාය. ලොව පුරා නන්දෙසින් මහනුවරට පැමිණෙන්නේ ශ්‍රී දළදා වහන්සේ දැකබලා, වැඳ පුදා ගැනීමටය. දළදා වහන්සේ හැරුණුකොට තවත් සුවිශේෂී ස්ථාන බොහොමයක්ම මහනුවර සමන්විතය. 

Thulana Travel

මහනුවරට පිවිසෙන සෑම කෙනකුගේම නෙත ගැටෙන බහිරව කන්ද පිහිටා තිබෙන්නේ නගරයට බටහිර දෙසිනි. දළදා මාලිගාව හැරුණු විට කොයි කාගේ වුවද අවධානය දිනා ගැනීමට සමත් වූ බහිරව කන්ද පිළිබඳ ජනප්‍රවාද රාශියක් තිබේ. මහනුවරට යන සෑම කෙනකු වගේම වැද පුදා ගැනීමට දැක බලා ගැනීමට යන බහිරව කන්ද පිළිබඳ සටහනක් තැබීමට අප සිතුවේ එහි යන ඔබට යම් අවබෝධයක් සැලසීමේ අදහසිනි. මෙය අඩි 650 ක් පමණ උසින් පිහිටා තිබෙන ඉතාම රමණීය කඳු ගැටයකි. මෙම කඳු මුදුනෙහි නිර්මාණය කර තිබෙන සමාධි බුදු පිළිම වහන්සේ අඩි 88 ක් පමණ උසින් යුක්තය. සිංහල රාජ පරම්පරාවේ මහනුවර රාජධානියේ ආරම්භය පළමු වන විමලධර්මසූරිය රජුගෙන් වන අතර සෙනරත් රාජසිංහ, දෙවන විමලධර්මසූරිය, වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාදි රාජසිංහ, ශ්‍රී වික්‍රමරාජසිංහ ආදී රජවරුන් විසින් රාජත්වය හොබවා ඇත. බහිරව කන්ද පිළිබඳ පවතින ජනප්‍රවාද කුමන රජ සමයක සිදුවූයේ දැයි නිශ්චිත සාධක නොමැති මුත් කුමන හෝ රජ සමයක සිදුවී ඇතැයි සැළකෙයි.

Thulana Travel

බහිරව කන්ද පිළිබඳ ජනප්‍රවාදයන්හි බිලි පූජාවක් ප්‍රධාන වී ඇති බව සඳහන්ය. මෙම ජනප්‍රවාද පිළිබඳ බහිරව කන්ද විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදි ශාස්ත්‍රපති පූජ්‍ය යටවත්තේ ධම්මානන්ද හිමිපාණන් 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් රචිත ග්‍රන්ථයක සඳහන් තොරතුරු කීපයක් මෙම සටහනේ අපි පළ කරමු. බහිරව කන්ද පිළිබඳ ජනප්‍රවාද සඳහා මූලික වන බිලි පූජාව පැවැත්වීමට ප්‍රධාන කරුණ ලෙස සැළකෙන්නේ කලින් කල ඇතිවන දුර්භික්ෂ භය, ජල ගැලීම්, නියං සාගත නැතිකර ජනතාවට සෞභාග්‍ය හා නිරෝගී බව ලබා ගැනීම ය. එකල පැවති මෙවන් විපත් සඳහා කුමන හෝ රජ සමයකදී තම රාජ සභාව කැඳවා මෙයට පිළියම් සෙවීමේ ක්‍රමයක් පිළිබඳ ඇසීමේදී පුරෝහිත රජුට පවසා ඇත්තේ මෙවන් විපත් ඇතිවීමට හේතුව වී ඇත්තේ බහිරව යක්ෂයා කෝපවීම නිසා බවයි. එනිසා බහිරව යක්ෂයා සතුටු කළ යුතු බවත් ඒ සඳහා බිල්ලක් ලබාදීම කළ යුතු බවත්ය. රජ බලප්‍රදේශය තුළ සිටින සුන්දරම කුළුදුල් කන්‍යාවිය සොයාගෙන විත් දිවා රාත්‍රී සතියක් ඇය කිරිපැණි සඳුන් නාවා දින 07 ඉක්මවා ගිය පසු ඇය මරා දැමිය යුතු බව ජනප්‍රවාදයේ සඳහන් වේ. දළදා මාලිගයට මුහුණලා තිබෙන කඳු මුදුනට ගෙනගොස් ගසක බැඳ තනිකර පැමිණිය යුතු බවත් ඒ සඳහා තෝරාගත් කන්ද බහිරව කන්ද බවත් කියැ වේ.

Thulana Travel

මෙය වසරක් පුරා පවත්වාගෙන පැමිණ තිබෙන අතර එක් රජ සමයකදී වැලිකල නමින් යුත් කන්‍යාවක් තෝරාගෙන ඇත. ඇය දුනුවිල නිලමේ නම් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබෙන බවත් ඔහු වෙනත් කාරණයක් මත රජවාසලින් නෙරපා සිටි බව සඳහන්ය. මේ කතා නිසාම වැලිකල මැණිකේ බිලි පූජාව සඳහා තෝරාගෙන තිබෙන බව ද පැවසෙයි. වැලිකල මැණිකේ සතියක් පුරා පුද පූජා පවත්වා මෙම කඳු මුදුනට ගෙනැවිත් ගසක බැඳ තනිකර තිබේ. දුනුවිල නිලමේ ආයුධ සන්නද්ධව රාත්‍රියේ හොර රහසේම කඳු මුදුනට පැමිණ සැඟවී සිට ඇති අතර රාත්‍රී 12 ට යක්ෂයා හඬ නගමින් තරුණිය ඉදිරියට පැමිණි අවස්ථාවේ දුනුවිල නිලමේ ඉදිරියට පැන කඩු පහරදී ගෙල සිඳ ඇත. පසුව රජ මාලිගයට ගොස් යක්ෂයා මරා දැමූ බව පවසා ඇති අතර රජතුමා පැමිණ බැලූවිට ඒ මැරී ඇත්තේ තම පුරෝහිතයා බව හඳුනාගෙන තිබේ. එදා සිට මෙම බිලි පූජාව රජු විසින් නවත්වා තිබෙන බවත් වසරක් පාසා පුරෝහිතයා කන්‍යාවන් දූෂණය කර මරා තිබෙන බවත් වටහාගෙන ඇත. එදා කන්‍යාවන් පෙරහරින් කන්ද උඩට ගෙන ගිය මාවත අද කොළඹ වීදිය ලෙස සඳහන් වේ. එදා බිලිපූජා පැවැත්වූ කන්ද බහිරව කන්ද ලෙස හඳුන්වා ඇත්තේ ඉහත ජනප්‍රවාද නිසා ය.

Thulana Travel

එසේම බහිරව කන්ද පිළිබඳ ඇති තවත් ජනප්‍රවාදයක් වන්නේ රජ උදහසට ලක්වන මිනීමරුවන්, සොරුන් රතුපාට මල් මාල දමා බෙරහඬ මැදින් පෙරහරින් රැගෙන ගොස් බහිරව කන්දේදී කටු බෙරයක් ඇතුළට රිංගවා කඳු මුදුනේ සිට පෙරලා මරණයට පත් කර ඇත. මෙම පෙරලෙන බෙරය කටු කැලයක නවතින නිසා මෙම කන්ද කටුකැලය නමින් ද හඳුන්වා ඇත. එපමණක් නොව මෙම ප්‍රදේශය පණිවිඩ හුවමාරු ස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙන බව ද සඳහන් ය. රාජධානිය යටත්කර ගැනීමට පැමිණි පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින් පැමිණෙන බව දැන ගැනීමට ඔත්තු බැලීම සඳහා කඳු මුදුන්වල ඔත්තුකරුවන් සැඟවී සිට තිබේ. කඩුගන්නාව, බතලේගල, ගන්නෝරුව හා බහිරව කන්ද ඒ අතර ප්‍රධාන ස්ථාන ලෙස පැවැති බව ද සඳහන් තවත් කරුණකි. මෙවන් ජනප්‍රවාද රාශියකින් යුක්ත බහිරව කන්ද නැරැඹීමට දේශීය වගේම විදේශිකයන් බහුලව පැමිණෙන අයුරු දැක ගත හැකිය. මෙම ස්ථානයට මහනුවර නගරය මෙන්ම ප්‍රධාන ස්ථාන බොහොමයක් අපූරු ලෙස දිස්වෙයි. ඉතාම රමණීය දර්ශන දැක ගත හැකි බහිරව කන්ද අද බොහෝදෙනාගේ අවධානය දිනාගත් පුදබිමක් ලෙස සඳහන් කළ හැකි ය.

thulana-travel
සටහන- ශාන් බන්ධු වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය - Karuppu Karuppu (2026) චිත්‍රපටය සමකාලීන දකුණු ඉන්දියානු සිනමාවේ සමාජ, දේශපාලන සහ සංස්කෘතික තේමා විමර්ශනය කරන වෙනස්ම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you