More
    NewsWTC Final ඔස්ට්‍රේලියාව ලකුණු 218 ක් ඉදිරියෙන්

    WTC Final ඔස්ට්‍රේලියාව ලකුණු 218 ක් ඉදිරියෙන්

    -

    spot_img

    WTC Final –  ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ තෙවන දිනය අදයි.

    ඒ අනුව දෙවන දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබා සිටියා.

    සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 138 කට සීමා වූ අතර එහිදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළේ, David Bedingham වන අතර ඔහු ලකුණු 45 ක් ලබාගත්තා.

    පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Pat Cummins කඩුලු 6 ක් බිඳ හෙළීමට සමත් වුණා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 212 ක් ලබා ගත්තා‍.

    ඒ අනුව මේ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 218 ක් ඉදිරියෙන් පසුවනවා.

     

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page