More
    InterviewsWonder Woman ඉංග්‍රීසි කතා කරන රටක ජීවිතය ගෙවන...

    Wonder Woman ඉංග්‍රීසි කතා කරන රටක ජීවිතය ගෙවන එක කලකිරීමක් වගේ හැඟීමක්.

    -

    spot_img

    Wonder Woman ඉංග්‍රීසි කතා කරන රටක ජීවිතය ගෙවන එක කලකිරීමක් වගේ හැඟීමක්
    – Gal Gadot –

    ඇය පැමිණියේ ඊශ්‍රායලයෙන්.2004 වසරේදී ඊශ්‍රායල රූ රැජිණ වූ ඇය,හමුදාවට බැඳෙන්නේ ඉන් අනතුරුවයි. ඇය ඊශ්‍රායල අනිවාර්ය හමුදා සේවයේ සටන් පුහුණුකාරියක් ලෙස සේවය කළා. මේ, Wonder Woman නොහොත් Gal Gadot සමගින් Laura Brown විසින් In style සඳහා සිදුකළ කතාබහක්.

    • අපි මීට පෙර හමුවෙලා නෑ. ඔබ විප්ලවකාරී චරිතයක් කියලා මට හිතෙනවා. රූ රැජිණ කිරුළ හිමිකරගත් තැනින් අපි කතාව පටන් ගමු.

    හමුදාවට බැඳෙන්න කලින් මට ගොඩක් නිදහස තිබුනා. මට හිතුනා කවදහරි මම වයසට ගියාම,මගේ මුණුපුරන්ට කියන්න දෙයක් තියෙන්න ඕන කියලා. ආච්චි ඊශ්‍රායල රූ රැජිණ තරඟයට ඉදිරිපත් වූ බව ඔවුන්ට කියන්න ඇත්නම් කියලා හිතුවා. ඉතිං මං එයට ඉදිරිපත් වුනා. ජයග්‍රහණය කළා. ඒක මම බලාපොරොත්තු නොවුන ජයග්‍රහණයක්. ඊට පස්සෙ මම Miss Universe සඳහා ඉදිරිපත් වුනා. නිතරම ඇඳුම් මාරු කරන්න වගේ දේවල්වලට මං කැමති නෑ. ඒ වගේම මම ඉංග්‍රීසි දැනගෙන හිටියෙත් නෑ. හරිම අමාරු භාෂාවක්.(සිනාසෙයි)

    • තවමත් එහෙමද?

    ඇත්තෙන්ම. ඉංග්‍රීසි කතා කරන රටක ජීවිතය ගෙවන එක සමහරවෙලාවට අසීරුයි. සමහරවිට මට කලකිරීමක් වගේ හැඟීමක් එක්ක මම සංක්‍රමණිකයෙක් නේද කියන දේ දැනෙනවා.

    • වෙනත් තැනක,රටක ජීවත්වෙමින් හොලිවුඩ්වල වැඩකරන එක හොඳයි කියලා ඔබ හිතනවද?

    හොලිවුඩ්වලට හුරුවෙන්න කාලයක් ගතවෙනවා. මිනිස්සු ගැන දැනගන්න. හැසිරීම් ගැන,ආචාරශීලී වෙන්න ඉගෙන ගන්න වගෙ දේවල්. මම වෙනත් සංස්කෘතියක කෙනෙක්. මං නිළියක් වෙන්න හිතුවෙ නෑ. ඒත් ඒක එහෙම වුනා.

    Wonder Women

    • හමුදා සේවයට පෙර රූ රැජිනක් වූ නිළියක් කියන්නෙ විශේෂ දෙයක් තමයි.

    ඔබ හැදුන වැඩුන පරිසරයත් එක්ක ඔබට එහෙම පෙනෙන්න පුළුවන්. නමුත් මම දන්න හැමෝම,දෙමව්පියන්,මිතුරු මිතුරියන්,ආච්චිලා සීයලා මේ හැමෝම හමුදාවේ සේවය කළා. එය අපේ ඊශ්‍රායල ජාතිකයන්ගේ DNA වල තියෙන දෙයක්. අනිවාර්ය දෙයක්.

    • සටන් පුහුණුකාරියකගේ ජීවිතය කොහොම එකක්ද?

    මම කඳවුරක් පැවැත්වූවා. මුහුදු වෙරලේ දිවීම්,ව්‍යායාම කරමින් මාස ගණනාවක් ගත කළා. මම පිට්ටනියක සටන් කරේ නෑ. මම හමුදාවේ අය සඳහා පුහුණු වැඩසටහන් සූදානම් කළ Jym උපදේශිකාවක්. එය උද්යෝගිමත් දෙයක්. මම උදේ පහේ සිට හවස හතර වෙනකම් වැඩ කළා.

    Wonder Women

    • තරුවක් වීමේ මුල්ම පියවර?

    එයට මූලික අඩිතාලම සකස්වූයේ මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන අතරතුර. පළමුව මම රූපවාහිනී වැඩසටහනක පෙනී සිටියා. Fast & Furious තුලින් තමයි ප්‍රේක්ෂකයන් මාව හඳුනගන්නෙ.

    • වෘත්තීය ජීවිතය තුළ ඔබ ගත් ලොකුම අවදානම මොකක්ද?

    මට එහෙම දෙයක් දැනෙන්නෙ නෑ. මම,මගේ පවුල වෙත තදින් බැඳුන කෙනෙක්. මගේ රටෙන් ඈත්වෙලා ජීවත්වෙන්න සිදුවීම නිසා මට අපහසුවක් දැනෙන අවස්ථා තියෙනවා.

    • ඔබේ බලාපොරොත්තු?

    අපේ නිෂ්පාදන සමාගමේ වැඩ කටයුතු සාර්ථක කරගැනීම සහ හැකි තරම් හොඳින් මගේ වෘත්තිය සිදුකරන එක.

    • ඔබේ ජීවිතය සැලසුම්සහගත එකක්.

    ඔව්. මම සැලසුම්සහගත වීමට කැමතියි. මවක් වුනාට පසුව ජීවිතය තේරුම්ගන්න ඕන සහ සැලසුම්සහගතව වැඩ කරන්න ඕන.

    • ඔබට දියණියන් තිදෙනෙක් ඉන්නවා. ඔබ කොහොමද ඔවුන්ව ආරක්ෂා කරන්නෙ?

    මම,මගේ පුද්ගලික ජීවිතය හැකිතරම් පුද්ගලිකව තබාගන්න උත්සාහ කරනවා.

    Wonder Women

    • “නරක” කියන වචනයට තේරුමක් දෙන්න.

    දක්ෂ – විශ්වාසවන්ත – ශක්තිමත් සහ සරාගී බව

    • අහිතකර පුද්ගලයන්ගෙන් ආරක්ෂා වෙන්නෙ කොහොමද?

    නිවැරදි අය තෝරාගන්න මම උත්සාහ කරනවා.

    • ඔබ කරලා තියෙන නරකම දෙය මොකක්ද?

    දරුවන් ලැබෙන්න සිටියදී රූගත කිරීම් සඳහා යාම.

    • මුදල් ගැන ඔබේ අදහස..

    මුදල් මට වැදගත්. මං ඒ සඳහා ස්වාධීනව වැඩ කළා. අවුරුදු දොළහේ සිටම. මම ළදරුවන් බලා ගත්තා. කුඩා දරුවන් සඳහා කඳවුරු පැවැත්වූවා.

    • ඔබේ විලාසිතා ගැන පවසන්න.

    සාමාන්‍ය ජීවිතයේ දී මම මේකප් දාන්නේ නෑ. මම ස්පා එකට යන්න,මගේ සිරුරට සත්කාර කරන්න කැමතියි.

    Wonder Women

    • ඔබේ තුන්වන ගැබ්ගැනීම ඔබට කොහොමද දැනුනෙ?

    දරු ප්‍රසූතිය කියන්නෙ හරිම මායාකාරී දෙයක්. මම එයට කැමතියි. එය එතරම් වේදනාකාරී නෑ. ඔබ ජීවත්වෙන බව දැනෙන ආශ්චර්‍යමත් මොහොතක් එය. ගැබ් ගැනීම නං මට තරමක අපහසුවක් ගෙන දෙනවා. මට ඉරුවාරදය සහ අසනීප තිබෙනවා.

    • ඔබ විවාහ වෙලා අවුරුදු 13 ක්?

    ඔව්. ඔහු මට හමුවුනේ මට අවුරුදු විස්සෙදී. එතකොට මම පොඩි ළමයෙක් වගේ. අපේ බැඳීම හරිම ප්‍රබල එකක්. ඔහු මා හා ඉන්නේ මට ඇති ආදරය නිසාම පමණයි. ඔහුව ලැබීම වාසනාවක්.

     

     

    Latest news

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

    නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

    ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

    අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...
    - Advertisement -spot_img

    දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා

    දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා - Samantha Ruth Prabhu සිය ආකර්ෂණීය පෙනුමෙන් සේම රංගනයෙන්ද ප්‍රේක්ෂකයින් වසඟ කෙරූ සමන්තා...

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

    නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page