ArtVeronika Decides to Die අපි හැමෝටම මොකක්ම හරි පිස්සුවක්...

Veronika Decides to Die අපි හැමෝටම මොකක්ම හරි පිස්සුවක් තියනව

-

spot_img

Veronika Decides to Die – මේ ලෝකෙ හැමදේකටම හේතුවක් හොයන මිනිස්සු විදිහට අපිට ජීවත්වෙන්නත් හේතුවක් අවශ්‍ය වෙනවා. ජීවත්වෙන්න හේතුවක් නැති වුණාම හිස්කමක් අපිව වෙලාගන්නව වගේම ජීවිතය නීරස සහ වෙහෙසකාරී එකක් වෙනව. ජීවිතේ හැම දෙයක්ම අපි ළඟා කරගෙන බව සිතුවත් අපි හිරවෙලා ඉන්න ඒකාකාරී බවත් එක්ක ජීවත්වීම නිෂ්ඵල දෙයක් බව හැඟෙන්න ගන්න අවස්ථා තියෙනව.

අවුරුදු 24 ක තරුණියක් වුන වෙරොනිකාටත් පරිපූර්ණ සහ සුන්දර ( ලෙසට පෙනෙන) ජීවිතයක් තිබුණා. ඇය තරුණයි සහ සුන්දරයි. රැකියාවක්, හොඳ දෙමව්පියන් සහ පෙම්වතුන්ද ඇයට සිටියා. මේ හැම දේම තිබිලත් ඇයට ජීවිත්වීම නීරසව තිබුණා. දිනපතා රැකියාවට යෑම, පෙම්වතුන් හමුවීම, නවාතැනට යෑ ම එකම ජීවන රටාවක්. දවසක ඇය බිරිඳක් මවක් වේවි. සිය පවුල වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරාවි. සම්ප්‍රදායට අනුකූලව ජීවත්වේවි. ඉතින් එහි තියෙන තේරුම මොකක්ද…? ජීවත්වෙන්න හේතුවක් නැතිනම් මැරෙන්න හේතුවක් ඕනෙද…?

Paulo Coelho

ඉතින්, වෙරොනිකා මැරෙන්න තීරණය කළා.1997 වර්ෂයෙ නොවැම්බර් 11 වැනිදා ඇය ජීවිතේ නැතිකරගන්න හිතාගෙන නිදිපෙති පානය කළා. නමුත් ඇය මියගියේ නෑ. ඇය ආයෙම ඇස් අරිනකොට සිටියෙ විලෙත් මානසික රෝහලේ ඇඳක් උඩ! ඇය මියගොස් නොතිබුණත් මානසික රෝහලේ වෛද්‍යවරු කිව්වෙ ඇයට ජීවත්වෙන්න තියෙන්නෙ ‍තව දින කිහිපයක් විතරක් බව. තමන්ගෙ ජීවිතේ මීට කලින් කවදාවත් ඇවිත් නැති, බොහෝ දෙනෙක්ට යන්න අවස්ථාව නොලැබෙන තැනකට වෙරොනිකා ඇවිත් තිබුණා. විලෙත් මානසික රෝහලේ විවිධාකාර “පිස්සො” හිටියා. ඉන් පිටත ලෝකයේ වගේම තමයි. වෙනසකට තිබුනෙ මේ පිස්සන් තමන්ගෙ පිස්සුවලට ඉඩදීලා ජීවිත් වුණා.

Veronika Decides to Die

– බෙහෙත් එන්නත් බටයක් අතින් ගෙන එන හෙදිය සීලීමේ සෙවණැල්ලෙන් සෙඩ්කාට පෙනේ. තරුණිය තවම ඇගේ ඇඳ ළඟ ය. තමාගේ හිස් බැල්මෙන් බියපත් වී සිටින වෙරොනිකාට තමාගේ සිරුරට කතා කිරීමේ උවමනාවක් ඇති බව සෙඩ්කා දනී. සිදුවන සියල්ල ඈට කීමට ඇති ඉඩකඩ ගැන මොහොතක් සෙඩ්කා සිතුවාය. එහෙත්, ඒ සැණෙකින්ම ඒ සිතිවිල්ල ඈ පසෙක ලෑවාය. කියා දීමෙන් කිසිවකු උගන්නේ නැත. තම තමන් සියල්ල සොයාගත යුතුය. – (72 පිටුව)

අපි හැම කෙනෙක්ටම මොනාහරි පිස්සුවක් තියනව.ඒ තමයි අපි ගැන සැබෑව. අපි ආසා දේ සහ අපිට පත්වීමට අවශ්‍ය දේ. නමුත් සමාජයට, ලෝකයට සහ සම්මතයන්ට බයේ නොඑසේනම් අනිත් අය තමන්ට “පිස්සු” යැයි සිතනවාට බයේ මිනිස්සු තමන්ගෙ ඒ ආශාවල් සඟවගෙන ව්‍යාජයක් මවාගෙන ජීවත්වෙනව. විලෙත් ඇතුලෙදි වෙරොනිකාට හමුවුන සෙඩ්කා, මාරි වගේ හැම චරිතයකටම කියන්න කතන්දර තිබුණා. එළියෙන් විලෙත් වලට ආව ඔවුන් ආදරයෙන් පැරදිලා තිබුණා. අසීරු එක්තරා මොහොතකදි ඔවුන්ට ජීවිතේ දරාගන්න නොහැකි වෙලා තිබුණා. සමාජ සම්මතයන්, නීති රීති, බැඳීම් මේ වගේ කාරණා ඔවුන්ව අසරණ කරලා තිබුණා. පිටත සමාජයට වඩා මේ රෝහල සැනසීම තිබෙන තැනක් බව ඔවුන් විශ්වාස කළා. ඔවුන්ට, වෙරොනිකාට කුඩා කාලෙ ඉඳලම තමන්ට වෙන්න ඕනෙ කෙනා බවට පත් වෙන්න බැරිවෙලා තිබුණා. සමාජෙට අවශ්‍ය විදිහට ඔවුන්ට සිද්ධ වෙලා තිබුණා ආශාවන් මරා දාලා ජීවත්වෙන්න. වෙරොනිකා ආස කළා පියානෝ එක වාදනය කරන්න. ඒත් ඇගේ අම්මගෙ අදහස වුනේ පියානෝ ගහල සල්ලි සොයන්න බෑ කියන දේ. අපි කරන්නෙම තවකෙකුගෙ වුවමනාවට ජීවත්වෙන එක. බැඳීම් ඇතුලෙ, සමාජය ඇතුලෙ, දේශපාලන ක්‍රමය ඇතුලෙ අපි හැමෝම සිරකරුවො.

මරණය බලාපොරොත්තුවෙන් අන් කවරදාටවත් වඩා සැහැල්ලුවෙන් ඇය අවසාන දින කිහිපය ගත කරමින් සිටියා.

“හිම කබායක් නැතුව ශීතලේ ගිහිල්ලා මට බලන්න ඕනෑ, අන්තිම ශීතල කියන්නේ මොකක්ද කියලා. හෙම්බිරිස්සාව හැදෙයි කියන බයට මුළු ජීවිතේම පොරෝගෙන හිටපු මට දැන් ආසයි ශීතල මොකක්ද කියලා ඇඟටම දැනිලා බලන්න.”

“කොටින්ම කියනවා නං මං ආසයි මහ වැස්සේ එළියට ගිහිල්ලා මගේ මූණට වැහි බිංදු වැටෙන හැටි බලන් ඉන්න. මගේ හිත යන ඕනේ පිරිමියෙක් එක්ක හිනාවෙන්න. ඒ පිරිමි අරන් දෙන කෝපි බොන්න. මගේ අම්මා ඉඹින්න. මං අම්මට ආදරෙයි කියන්න. මගේ තියෙන හැඟීම් එළියට දාන්න ලැජ්ජා වෙන්නේ නැතුව අම්මගේ උකුලෙ මුහුණ හොවාගෙන හඬාවැටෙන්න. මේ එකක්වත් අලුත් දේවල් නෙවෙයි. මෙච්චර කාලයක් මං කරලා තියෙන්නේ මේවා හංගගෙන ඉන්න එක.”
(154, 155 පිටු)

ජීවිතයේ අරුත, ජීවත්වීමේ මිහිර තේරුම් ගැනීමට උත්සාහ නොකර අපි අපිවත් නොදන්නා කුමක්දෝ හඹායමින් ජීවිතයම අපතේ හරිනව. අපි ජීවත්වෙන්නෙ නොමියෙන එවුන් ලෙසට. මරණයට සමීප වූ ණාම, මරණය පිළිබඳ තේරුම්ගත්තාම අපිට ජීවත්වෙන හැම තත්පරේකම තියෙන වටිනකම දැඩිව දැනෙනව. එතකොට අපිට ජීවිත් වෙන්න ආස හිතෙනවා.

Veronika Decides to Die

දවසක් රෑක වෙරොනිකා රෝහලේ තියෙන පියානෝ එක වාදනය කළා. එදා ඇය වෙන කිසිම දෙයක් ගැන නොසිත තමාවම නිදහස් කරගත්තා. ඇගේ තනියට ඈ අසල හිටියෙ එදුවා නම් වූ කඩවසම් තරුණයා. දවසක් එදුවා වෙරොනිකා එක්ක ඔහු විලෙත්වලට ආව හේතුව කිව්වා. ඔවුන් ආදරෙන් බැඳුණා. ඉන්පස්සෙ වෙරොනිකාට මැරෙන්න ඕන වුණේ නෑ. වෙරොනිකා ජීවත්වෙන්න තීරණය කළා. ප්‍රේමය තරම් ඔසුවක් තිබේද…?

බ්‍රසීලියානු ලේඛක Paulo Coelho මේ කතාව හරහා ජීවිතය කියන්නෙ තමා විසින්ම ගවේෂණය කර ළඟා කරගත යුතු ප්‍රීතියක් බව, තම සතුටේ නිර්මාණකරුවා තමාම බව පාඨකයට බොහොම අපූරු විදිහට පාඨකයට වටහලා දෙනවා.

“පාවුලෝ කොයියෝට තමා හා වෙරොනිකා අතර සාම්‍යත්වයක් පෙනුණි. එය නැවත මෙසේ සූත්‍රගත කිරීම වටී.ඔහුද ඈ මෙන්ම මානසික රෝහලක නතර වී ප්‍රතිකාර ලබා ඇතිවා පමණක් නොව, වරක් ඔහුගේ පළමු බිරිය සඳහන් කොට ඇති පරිදි ‘කිසි දවසක එයින් එළියට අඩියක්වත් තියන්නට ඉඩ දිය යුතු නැති’ පුද්ගලයකුද වී සිට ඇත එහෙත්, ඔහු එළියට ආවේය.”
(27 පිටුව)

මියෙන්නට දින ළඟා වූ අයෙකු ලෙසින් උමතුවක් සේ සතුට හඹායමින් ජීවත්වෙන්න!

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you