More
    spot_img
    NewsTwin Tower කඩාවැටීම කාචගත කළ ජායාරූප ශිල්පියා

    Twin Tower කඩාවැටීම කාචගත කළ ජායාරූප ශිල්පියා

    -

    spot_img

    Twin Tower – 2001 සැප්තැම්බර් 11 වෙනිදා New York හි සිදු වු ව්‍යසනකාරී සිදුවිමේ ජායාරූප 500කට වඩා තම කැමරාවේ සටහන් කරගැනීමට Briant puddle හි Phil Penman නම් ජායාරූප ශිල්පියා සමක් විය. ඇමරිකානු මගී ප්‍රවාහන ගුවන් යානා දෙකක් ලෝක වෙලද මධ්‍යස්ථානයේ කුළුණු වෙත කඩා වැදීමෙන් සිදුකළ
    මෙම අනතුර ඉස්ලාමීය අන්තවාදී අල්-කයිඩා සංවිධානය විසින් සිදුකළ අතර මිනිසුන් දහස් ගණනක් මිය ගියහ. ඊයේ (2023 සැප්තැම්බර් 11) එම ඛේදවාචකයේ 22 වැනි සංවත්සරය සනිටුහන් වන මොහොතේ ඔහු පැවසුවේ සිදුවීමේ සෑම අවස්ථාවක්ම තම කැමරා කාචයේ සටහන් වූ බවයි.

    Twin Tower

    ඔහු එම කාලයේ ජායාරූප ශිල්පියෙකු ලෙස වැඩ කිරීමට Los Angeles සි⁣ට New York වෙත පැමීණ සිටියේය. ඔහු සිදුවීම සිදුවු එම අඟහරුවාදා දිනයේ දුරකථ නය නාද වන තුරු බලා සිටියේ රාජකාරියෙන් නිවාඩුවක් ලබා ගැනීමටය. ලැබුණු දුරකථන පණිවුඩයෙන් කියවුණේ, ” අද ඔබගේ නිවාඩු දිනය බව ද න්නවා. නමුත් ඔබ මේ සිදුවීම පරික්ෂා කර බලනවානම් හොදයි” යනුවෙනි. New York නගරයේ වීදි වලට නවකයෙකු වුවද ජායාරූප 500 ක් පමණ තම කාචයේ සටහන් කර ගනිමින් ඔහු මෙම ඛේදවාචකය ආවරණය කර තිබිණි.

    Twin Tower

    සිද්ධිය විස්තර කරමින් ඔහු මෙසේ පැවසීය, “මම උඩ බලාගෙන ගොඩනැගිල්ලේ ජායාරූප ගනිමින් සිටියා. හදිසියේම මම කාචය තුලින් දැක්කා ගොඩනැගිල්ල කඩා වැටීමට පටන් ගත් බව, එය එන්න එන්නම මගේ කැමරාවට සමිපවෙනව වගේ පෙණුනා. එවිටම ගිණි නිවන භටයෙක් ‘දුවන්න’ කියා පැවසුවා” බව ඔහු සදහන් කලේය. ඔහුගේ එක් ජායාරූපයක Joanne Capestro උතුරු කුළුණින් පැන ගිය ආකාරයද සටහන් වී තිබුණි. පසුව ඇය පවසා තිබුණේ “කවුරුවත් මාව විශ්වාශ කළේ නෑ මම එතනින් බේරිලා ආවා කියලා, මේ පින්තූරය මට ලොකු උදව්වක් වුණා ඒක එහෙම නෙවෙයි කියන්න” යනුවෙනි. 2018 වසරෙදි ඇය තමා අමතා ඇයගේ මංගල දිනයේ ජායාරූප ගැනීමට තමාගෙන් ඉල්ලා සිටි බව ඔහු පවසයි. ඔහු එය විස්තර කලේ “මම ඇගේ ජීවිතයේ හොදම දවස සහ නරකම දවස ජායාරූප ගත කළා” යනුවෙනි.

    -BBC News ඇසුරෙනි-

    Photo Credit: www.bbcnews.com

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page