More
    NewsTiran Alles කංජිපානි අත්අඩංගුවට ගත් කතාව බොරුවක්

    Tiran Alles කංජිපානි අත්අඩංගුවට ගත් කතාව බොරුවක්

    -

    spot_img

    Tiran Alles – සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ බවට චෝදනා ලැබ, මෙරට අධිකරණයකින් ඇප ලබා සිටියදී, විදෙස් රටකට පලා ගියේයැයි පැවසෙන කංජිපානි ඉම්රාන් නමැත්තා විදෙස් රටකදී අත්අඩංගුවට ගත් බවට සමාජ මාධ්‍යවල පළ වන වාර්තා අසත්‍ය බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව පැහැදිලි කළ අමාත්‍යවරයා, ඔහු මේ වනවිට සිටින ස්ථානය තමා දන්නා බවත්, එය මාධ්‍ය වෙත හෙළි නොකරන බවත් ප්‍රකාශ කළේ ය.

    Tiran-Alles

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා “සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් පවසන ආකාරයට කංජිපානි ඉම්රාන් සිටින තැන නිවැරැදි නැහැ. සමහරු පවසන්නේ එම කටයුතු ඔවුන්ට භාර දෙන්න, එවිට ගෙනල්ලා දෙන බව. නමුත් එම කාරණයේ කිසිදු සත්‍යතාවක් නැහැ. මෙරට බුද්ධි අංශ මඟින් ලබා දෙන තොරතුරු නිවැරදියි. ඔහු සිටින ස්ථානය අප දන්නවා. කංජිපානි ඉම්රාන්ව විදෙස් රටකදී අත්අඩංගුවට ගැනීමක් මෙතෙක් වාර්තා වෙලා නැහැ”යනුවෙන් පවසා සිටියේ ය.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page