More
    ArtThittam Irandu ආදරය කළ යුත්තේ ගැහැණු සහ පිරිමි විතරද?

    Thittam Irandu ආදරය කළ යුත්තේ ගැහැණු සහ පිරිමි විතරද?

    -

    spot_img

    Thittam Irandu – ප්‍රේමය ඇබ්බැහියක්. හදවතට දරාගැනීමට නොහැකි තරම් බරැති,සොඳුරු උමතුවක්. ප්‍රේමයට සීමා මායිම් නැහැ. ජාති,ආගම්,දුප්පත්,පොහොසත්,සමේ වර්ණය ආදී දේවල් අදාළ නැහැ. එමෙන්ම,ගැහැණියක් පිරිමියෙකුටත්,පිරිමියෙක් ගැහැණියකටත් ප්‍රේම කළ යුතුමද? නොඑසේ නම් ප්‍රේමයේදී ස්ත්‍රී පුරුෂ භාවය බලපානවාද?

    අතිරා ජීවත්වුනේ චෙන්නායි නගරයේ. සුරූපි අතිරා පොලිස් නිලධාරිණියක්. ඇගේ ප්‍රේමය අර්ජුන්. ඔවුන්ගේ හමුවීම අහම්බයක්. නළුවෙකු වීමට හීන මැවූ අර්ජුන් සහ අතිරා නුදුරු දිනයකදීම විවාහ වීමේ බලාපොරොත්තුවෙන් පසුවුණා. මේ අතර කුඩා කළ සිටම අතිරාගේ හොඳම මිතුරිය වූ සූර්යා අතුරුදන් ව ඇතිවග ඇයට දැනගන්නට ලැබෙනවා. ඔවුන් හැදී වැඩුණේ,හැම දෙයක්ම කළේ එක්වමයි. නමුත්,මීට ටික කලකට පෙර වෛද්‍ය ක්‍රිෂෝර් සමගින් සූර්යා විවාහ වුණාට පසුව අතිරාට ඇය ගැන තොරතුරු අසන්නට ලැබුණේ අඩුවෙන්. මෝටර් රථයක තිබී හමුවුණ පිළිස්සුණු මළසිරුරක් සූර්යාගේ බවට පොලිසිය විසින් අනුමාන කරනවා. සූර්යාගේ නිවසේ අය ඇගේ අවසන් කටයුතු සිදුකරත්,අතිරාගේ සිතේ ඇත්තේ සැකයක්. පොලිස් නිලධාරිණියක වූ ඇය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන අතර මළසිරුර නැවත පරීක්ෂා කිරීමේදී ඒ සූර්යා නොවන වග සනාථ වෙනවා. අතිරාගේ සැකය ක්‍රිෂෝර් වෙත යොමුවෙනවා. ඔවුන්ගේ විවාහ ජීවිතය ප්‍රීතිමත් එකක් වූයේ නැහැ. මෙතෙක් කිසිවෙකුත් දැන නොසිටි තිත්ත ඇත්තක් වෛද්‍ය ක්‍රිෂෝර් අතිරා හමුවේ පවසන්නේ ඉන් පසුවයි.

    Thittam Irandu

    සූර්යාට සිදුවූයේ කුමක්ද? කවුරුන් හෝ ඇයව මරා දැමුවාද? නොඑසේ නම් ඈ තවමත් ජීවතුන් අතරද?

    මෙය සංක්‍රාන්ති ලිංගිකයන් පිළිබඳව කතාවක්. සමාජය නිසා එවැන්නෙකුට විඳින්නට සිදුවන අපහසුතා,හිරිහැර,ඔවුන්ගේ මානසික පීඩනය හොඳින්ම ගෙනහැර දක්වන චිත්‍රපටයක්.ප්‍රේමයට බොහෝ දේ වෙනස් කළ හැකි බැව් කියාදෙන කතාවක්. සමාජයට අවශ්‍ය ලෙසින් නොව ඔබ කැමති අයුරින් ජීවත්වීමේ අයිතිය ඔබ සතුබව පහදාදෙන චිත්‍රපටයක්.

    Thittam Irandu

    Thittam Irandu (2021) වෙනස්ම අත්දැකීමක් ඔබට සමීප කරවන සංවේදී කතා පුවතක්. Vignesh Karthik ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි Subash Selvam, Ananya Ramaprasad, Aishwarya Rajesh ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

    Latest news

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

    නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

    ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

    අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...
    - Advertisement -spot_img

    දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා

    දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා - Samantha Ruth Prabhu සිය ආකර්ෂණීය පෙනුමෙන් සේම රංගනයෙන්ද ප්‍රේක්ෂකයින් වසඟ කෙරූ සමන්තා...

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

    නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page