More
    spot_imgspot_imgspot_imgspot_img
    ArtThittam Irandu ආදරය කළ යුත්තේ ගැහැණු සහ පිරිමි විතරද?

    Thittam Irandu ආදරය කළ යුත්තේ ගැහැණු සහ පිරිමි විතරද?

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Thittam Irandu – ප්‍රේමය ඇබ්බැහියක්. හදවතට දරාගැනීමට නොහැකි තරම් බරැති,සොඳුරු උමතුවක්. ප්‍රේමයට සීමා මායිම් නැහැ. ජාති,ආගම්,දුප්පත්,පොහොසත්,සමේ වර්ණය ආදී දේවල් අදාළ නැහැ. එමෙන්ම,ගැහැණියක් පිරිමියෙකුටත්,පිරිමියෙක් ගැහැණියකටත් ප්‍රේම කළ යුතුමද? නොඑසේ නම් ප්‍රේමයේදී ස්ත්‍රී පුරුෂ භාවය බලපානවාද?

    අතිරා ජීවත්වුනේ චෙන්නායි නගරයේ. සුරූපි අතිරා පොලිස් නිලධාරිණියක්. ඇගේ ප්‍රේමය අර්ජුන්. ඔවුන්ගේ හමුවීම අහම්බයක්. නළුවෙකු වීමට හීන මැවූ අර්ජුන් සහ අතිරා නුදුරු දිනයකදීම විවාහ වීමේ බලාපොරොත්තුවෙන් පසුවුණා. මේ අතර කුඩා කළ සිටම අතිරාගේ හොඳම මිතුරිය වූ සූර්යා අතුරුදන් ව ඇතිවග ඇයට දැනගන්නට ලැබෙනවා. ඔවුන් හැදී වැඩුණේ,හැම දෙයක්ම කළේ එක්වමයි. නමුත්,මීට ටික කලකට පෙර වෛද්‍ය ක්‍රිෂෝර් සමගින් සූර්යා විවාහ වුණාට පසුව අතිරාට ඇය ගැන තොරතුරු අසන්නට ලැබුණේ අඩුවෙන්. මෝටර් රථයක තිබී හමුවුණ පිළිස්සුණු මළසිරුරක් සූර්යාගේ බවට පොලිසිය විසින් අනුමාන කරනවා. සූර්යාගේ නිවසේ අය ඇගේ අවසන් කටයුතු සිදුකරත්,අතිරාගේ සිතේ ඇත්තේ සැකයක්. පොලිස් නිලධාරිණියක වූ ඇය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන අතර මළසිරුර නැවත පරීක්ෂා කිරීමේදී ඒ සූර්යා නොවන වග සනාථ වෙනවා. අතිරාගේ සැකය ක්‍රිෂෝර් වෙත යොමුවෙනවා. ඔවුන්ගේ විවාහ ජීවිතය ප්‍රීතිමත් එකක් වූයේ නැහැ. මෙතෙක් කිසිවෙකුත් දැන නොසිටි තිත්ත ඇත්තක් වෛද්‍ය ක්‍රිෂෝර් අතිරා හමුවේ පවසන්නේ ඉන් පසුවයි.

    Thittam Irandu

    සූර්යාට සිදුවූයේ කුමක්ද? කවුරුන් හෝ ඇයව මරා දැමුවාද? නොඑසේ නම් ඈ තවමත් ජීවතුන් අතරද?

    මෙය සංක්‍රාන්ති ලිංගිකයන් පිළිබඳව කතාවක්. සමාජය නිසා එවැන්නෙකුට විඳින්නට සිදුවන අපහසුතා,හිරිහැර,ඔවුන්ගේ මානසික පීඩනය හොඳින්ම ගෙනහැර දක්වන චිත්‍රපටයක්.ප්‍රේමයට බොහෝ දේ වෙනස් කළ හැකි බැව් කියාදෙන කතාවක්. සමාජයට අවශ්‍ය ලෙසින් නොව ඔබ කැමති අයුරින් ජීවත්වීමේ අයිතිය ඔබ සතුබව පහදාදෙන චිත්‍රපටයක්.

    Thittam Irandu

    Thittam Irandu (2021) වෙනස්ම අත්දැකීමක් ඔබට සමීප කරවන සංවේදී කතා පුවතක්. Vignesh Karthik ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි Subash Selvam, Ananya Ramaprasad, Aishwarya Rajesh ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

    Latest news

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

    NPP - ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ...

    Accident පොසොන් දෙදින අනතුරු – 5 ක් මරුට : 14 ක් රෝහලට

    Accident - පසුගිය පොසොන් පොහොය දිනයේ සහ ඊට පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස්...

    Joseph Stalin අධ්‍යාපන වැය ශීර්ෂයෙන් ලක්ෂ 135 ක් කඩවත වෙසක්,පොසොන් කලාප වලට

    Joseph Stalin - වෙසක් පොහොය නිමිත්තෙන් කඩවත පැවති වෙසක් කලාපයට රුපියල් ලක්ෂ හැටක මුදලකුත්, පොසොන් පොහොය නිමිත්තෙන් පැවැති පොසොන්...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 05

    Hima Mal Renu හිම මල් රේණු අවීශ් ! ඔහු මා සිතේ ඇති කර තිබුණේ බලවත් කුතුහළයකි. ඉදිරිපස අසුන් පෙළේ සිටි යුවතියන්...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page