NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 33

Tharu Mal Viyan තරු මල් වියන් – 33

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

ශාමින්ද විදෙස් ගතව දැන් දින කීපයකි. මඟින් මඟට ඔහු පැවසුවේ තමා ඉක්මනින් පැමිණෙන තුරු බලා සිටින ලෙසය. ඔහු ගිය පසුවද දෙවතාවක්ම ඇයට ඇමතුවේය. කෙටි පණිවිඩද බොහෝමයක් එවා පවසා තිබුණේ ඔහු සිතේ තමා කෙරෙහි ඇති ආදරය ගැනය. ඇයට ඔහු කෙරෙහි අවිශ්වාසයක් නොවීය. එනමුත් සිතේ වූයේ දෙගිඩියාවක් සහ බියකි. කුමක්දෝ කිව නොහැකි අසුභ හැඟීමක් සැමවිටම ඈ සිතට එබී ඈ බියගැන්වීය. කිසිත් නොසිතා සියල්ල අනාගතයට භාර කරන්නට සිතුවද සිත එයටද ඉඩ දෙන්නේ නැත. එක් අතකින් තුෂරද තමා පිළිබඳව බලාපොරොත්තු තබාගෙන හිඳියි. ගයානි හෝ රංගිකා හෝ මෙතෙක් ශාමින්ද කළ යෝජනාව ගැන කිසිත් දැන නොසිටියද ඔවුන් අතර යමක් ඇතැයි දෙදෙනාම අනුමාන කළෝය. මෙතෙක් කලක් අංජලී කිසිත් ඔවුන්ගෙන් සඟවා නොමැත. නමුත් මේ දේ නම් කියන්නට බියක් ඈ සිතේ විය. ඔහු යළි පැමිණෙන තුරු නිහඬව සිටිය යුතුය.

“අංජලී…”

රංගිකාගේ හඬ ඇසී අංජලී වහා හිස එසවූවාය.

“අම්මෝ…කල්පනාව…ලෝකේ පෙරළුණත් දන්නේ නැහැ…”

සරදම් සහගත හඬකින් ඈ කීවාය. එහි සිටියේ ඔවුන් දෙදෙනා පමණි. තුෂර පිටතට ගොසිනි.

“ලෝකේ පෙරළුණා නම් මාත් පෙරළෙයිනේ…පෙරළි පෙරළි ඉන්නවා…”

සැහැල්ලු හඬකින් ඈ කීවාය.

“හා…හා…දැන් මේ කා ගැනද මෙච්චර පැල් බැඳන් කල්පනා කර කර හිටියේ…ශාමින්දයියා ගැන නේ…?”

අංජලී සැබෑවටම තිගැස්සුණාය.

“ඇ…ඇයි…එහෙම ඇහුවේ…?”

ඈ ගොත ගසමින් ඇසුවේ පහව නොගිය තිගැස්මෙනි.

“එහෙම නැතුව වෙන කොහොම අහන්නද…මං කිව්වේ බොරු නෙවේනේ…?”

රංගිකා මඳක් උස් හඬින් සිනහසුණාය.

“පිස්සු…”

මවාගත් නොමනාපයකින් අංජලී කීවාය.

“පිස්සු නෙවේ…ඉක්මනින් තීරණයක් ගන්න වෙයි ඔයාට…තුෂරත් බලන් ඉන්නේ…”

ඈ අලුතින් තිගැස්සී ගිය බැල්මෙන් රංගිකා දෙස බැලුවාය.

“තුෂර ඔයාට මොනවා හරි කිව්වද…?”

“නැහැ…ඒත් එයා ඔයගෙන් නම් අද හෙටම උත්තරයක් ඉල්ලයි…”

“මට තුෂර ගැන හිතේ කිසිම දෙයක් නැහැ රංගී…මට එයා යාළුවෙක් විතරයි…”

“ඔව්…ඒක අපි දන්නවා…ඒත් තුෂර ඔයාගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවනේ…”

“මට කරන්න දෙයක් නැහැ රංගී…”

“මං දන්නවා…මේ අහන්න අංජලී… අම්මලා අපේ වෙඩින් එක ගන්න කියලා කියනවා…ආදි අයියාට විසි හතක් ඉවරයි…එයාට තව බලන් ඉන්න කියලා මට කියන්න බැහැ…මටත් ජොබ් එකෙන් අයින් වෙන්න වෙනවා…ඔයායි ගයායි තව ටික කාලයක් ඉඳියි මෙතන…ගයාටත් ඉක්මනින් මැරි කරන්න වුණොත්…ඔයා…? ඒ නිසා ඔයාත් ඉක්මනින් තීරණයක් ගන්න…තුෂර නැතත් වෙන කවුරු හරි කමක් නැහැ…”

අංජලී දිගු සුසුමක් හෙළුවාය.

“මට මේ මොකුත් නැතුව තනියම ඉන්න තිබුණා නම්…!”

ඈ කීවේ සංවේගයකිනි.

“ඔයාට තනියම ඉන්න බැහැනේ…අපි මැරි කරන්න කළින් ඔයාත් තීරණයක් ගන්න ඕන…”

අංජලී ඔහේ බලා සිටියාය. ඈ කියන්නේ ඇත්තකි. ඔවුන් දෙදෙනම රැකියාවෙන් ඉවත්ව ගියහොත් තමාට තනිව මෙහි සිටිය නොහැකිය. සංචලා සිටින නිසා යළි මාමාගේ නිවසටද යා නොහැකිය. එසේ නම් කුමක් හෝ විසඳුමක් තිබිය යුතුමය.
——————————————————————————————————
සංචලා බලා සිටියේ කොයි යම් මොහොතක හෝ මාලක තමා කැඳවාගෙන යාමට එනු ඇතැයි කියා වුවද දවස් ගත වූවා මිස ඔහු නොපැමිණියේය. පියාගේ දෝෂාරෝපණත් මවගේ ඇනුම්පදත් අසමින් ඈ සිටියේ මානසික පීඩනයකිනි.

“මේ සේරම අරකි නිසා…මං කරන්නම්කො ඕකිට…”

සංචලා සිතුවේ කෝපයෙනි. අංජලී කෙරෙහි ඇගේ සිතේ කෝපය තවම පහව නැත. මාලක හා සම්බන්ධයක් නොතිබුණද සංචලා අංජලීට ඊර්ෂ්‍යා කළාය.

“පවුල කඩාගෙන නම් උඹට මේ ගෙදර ඉන්න බැහැ…ඒ මිනිස්සුන්ගෙන් සමාව අරන් හොඳින් ඉන්න ඕන…ආයේ රංඩු වෙලා මේ ගෙදරට නම් එන්න බැහැ…”

පියා එසේ කීවේ වරක් දෙවරක් නම් නොවේ. මව හෝ තමාගේ පැත්තට කතා නොකළ අතර ඇයද කළේ ඇනුම්පද කීමය.

“ගෙදර ඉන්නවා නම් ගෙදර වැඩ කරන්න වෙයි…මෙහෙම කාමරේට වෙලා නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැනේ කුමාරි හාමි…”

කාමරයට එබුණු මව ඇයට උපහාසයට මෙන් කීවාය.

“හැම එකටම මම වැරදියි…”

සංචලා මවටද කෑ ගැසුවේ කෝපයෙනි.

“නැතුව ඉතින් අපිද වැරදි…යාළුවෙලා කසාඳ බැඳ ගන්නකම් දැඟළුවා…දැන් බැඳ ගත්ත බෙරේ ගහගන්න බැරිව නටනවා…මිනිස්සු මොනවද කියන්නේ…?”

“මොකා මොනවා කිව්වාම මට මොකද…?”

“උඹට මොකුත් නැහැ…අපිටනේ ලැජ්ජාව…මාලක අතේ වරදක් තිබුණා නම් කියන්න තිබුණා මිනිහා හොඳ නැති නිසා ගෙදර ඇවිත් ඉන්නේ කියලාවත්…කොහොමද කටක් ඇරලා කියන්නේ වැරදි මේකිගේ කියලා…”

“ඉතින් කියන්න මගේ වැරැද්ද කියලා…එතකොට කවුරුත් ප්‍රශ්න අහන්නේ නැහැනේ…”

මව තව තවත් කෝප නංවමින් සංචලා කෑ ගැසුවාය.

“උඹේ ඔය කට නිසා තමා උඹට ඔහොම වෙලා තියෙන්නේ…කට පරිස්සම් කරගෙන ඉඳින්…තාත්තා හිටියා නම් දත් ටික ගළවලා…”

බුද්ධිමා ඉවත ගියේ කෝපයෙනි.
—————————————————————————————————-
කිසිවෙකු තමා හමුවීමට පැමිණ ඇති බව දන්වා ආරක්ෂක කුටියෙන් ඇමය්හුමක් ලැබුණෙන් ආර්ක්ෂක කුටිය පසෙක තනා තිබූ අමුත්තන් පිළිගන්නා කාමරයට පැමිණියේ කුහුල් සිතිනි. සංචලා දකින විට ඈ සිතේ ඇති වූයේ තිගැස්මකි. ඈ මෙහි පැමිණියේ නම් හොඳකට නොවන බව ඇයට එක්වරම වැටහිණි. ඇරත් තමා සේවය කරන තැන ඈ දැන ගත්තේ කෙසේද.?

“සංචලා…ඔයා මෙහෙ…ඇයි හදිසියක්ද…?”

අංජලී සන්සුන් හඬකින් ඇසුවාය.

“හදිසියක්ද…ඔව්…හදිසියකට තමා මං ආවේ…”

සංචලා කඩා පැන්නාය. අංජලී වටපිට බැලුවේ ලැජ්ජා මුසුවය. කිසිවෙකු පෙනෙන්නට නැත. ආරක්ෂක අංශයට වුවද මෙතන කතා බහ ඇසෙන්නේ නැත.

“මේ මෙතන රඟපාන්න එන්න හදන්න එපා…සිකියුරුටිට කියලා එළියට ඇදලා දාන්නේ…හිමින් කතා කරනවා…මොකටද තමුන් මෙහෙ ආවේ…?”

අංජලී කෝපයෙන් වුවත් හඬ පහත් කර දැඩි හඬකින් කීවාය. සංචලා පුදුමයෙන් බලා සිටියේ ඈ මෙතරම් දැඩි ගති ඇති එකියකැයි මුලින් සිතා නොතිබූ නිසාය.

“රඟපාන්නේ මමද…මාලක එක්ක නටපු නැටිළි මම දන්නවා…”

සංචලා යළිත් කෑ ගැසුවාය. අංජලී පියවර කීපයක් ඈ වෙතට තැබුවේ ඈ යළිත් කෑ ගැසූ නිසාය.

“මං ආයේ කියන්නේ නැහැ…හිමින් කතා කළොත් හොඳයි…මං මාලක එක්ක නටපු නැටිල්ලක් නැහැ…තමුන් ඔය ටික අහන්නද මෙච්චර දුර ඉඳන් ආවේ…හරි පවු…දැන් මෙතනින් යනවා…ආයේ මේ පැත්තේ ආවොත් යන්න වෙන්නේ හිර කූඩුවට තමා…මං පොලීසියට කතා කරනවා…තේරුණාද…මාමලා සද්ද නැතුව හිටියා වගේ මාත් ඉඳියි කියලා හිතන්න එපා…”

අංජලී දබැරැඟිල්ල ලෙළවමින් කළ තර්ජනයට සංචලා බිය වූවාය. පැමිණියේ අංජලීට බැන අපහාස කිරීමට වුවද සිදු වූයේ අනිකකි. ඈ ආරක්ෂක නිලධාරී කැඳවා සංචලාට පිටව යෑමට දොර හරින ලෙස පැවසුවේ මුවේ ඇඳුණු සාවඥ සිනහවකින්ද යුතුවය. ඈ පිටව ගියේ කෝපයෙන් පුපුරා යමිනි. අංජලීද යළි කාර්යාලයට පැමිණියේ කෝපය පිරී ගිය සිතිනි.

“මොකද වුණේ…කවුද ආවේ…ඇයි මේ මූණත් අමුතු වෙලා…?”

රංගිකා ඇසුවේ බියට පත්වය. ඈ අසුන ඇද හිඳ ගත්තාය. තුෂර නොසිටීම හොඳය. නොඑසේනම් ප්‍රශ්න දහසකට පිළිතුරු දෙන්නට සිදුවනු ඇත.

“සංචලා ආවේ….”

අංජලී කියන විට රංගිකාගේ මුව අඩක් විවර වූයේ මවිතය නිසාය.

“මොකක්…?”

අංජලී සියල්ල මිතුරිය හා පවසන විට ඇයත් අසා සිටියේ මවිතයෙනි. ඈ මෙසේ සංචලාට පිළිතුරු දෙනු ඇතැයි කියා සිතීමත් අදහාහත නොහැකිය. නමුත් එහි පුදුම වන්නට දෙයක් නැත. වරදවා වටහාගෙන ශාමින්දද ඇගෙන් මුහුණ පුරා පහරක් කෑ බව ඇයට හදිසියේ සිහි විය.

“අම්මෝ…ඇති යාන්තම් ඔයා ඒකිට දෙකක් කිව්වා…කනෙන් ඇදලා එළියට දාන්න තිබුණේ…”

රංගිකා කීවේ සිනහ සෙමිනි.

“තව ටික වෙලාවක් හිටියා නම් වෙන්නේ ඒක තමා…”

“මෙයා නම් හරිම වාතයක් වුණා හැබැයි…”

රංගිකා කීවේ නොමනාපයත් කෝපයත් මුසුවය.

“එයා රඟනවා…මාලක එක්ක නටන්න මට වෙන උන් නැතුවට…”

අංජලී කීවේ උපහාසයෙනි. කෙසේ වුවද ඇගේ සිතේ නැගුණේ කෝපය පරයා මහත් කළකිරීමකි. ජීවිතයට කිසි ලෙසකින් සැනසීමක් නැතිද කියා ඇයට සිතිණි. ඈ තුෂරට දන්වා නවාතැනට පැමිණියේ සිත එකලස් කරගෙන කටයුතු කරන්නට නොහැකි නිසාය. නිදා ගන්නට කියා යහනට වැටුණද ඇගේ සිතේ වූ නොසන්සුන් බව නිසා ඇයට නින්දක් නොආවේය. යහන මත වැතිර ඈ හිස් දෑසින් ඈ ඔහේ බලා සිටියාය. රේණුකා ඈ අමතමින් කාමරයට එබුණේ ඈ මෙසේ වැතිර සිටින විටය.

“දුව අන්න ඔයාලගේ අයියා ඇවිත්…”

අංජලී තිගැස්මෙන් නැඟිට යහන මත හිඳ ගත්තේ මේනක මෙසේ නොදන්වාම පැමිණියේ මන්ද කියාය.

“ආහ්…සුදු අයියාද ආන්ටි…?”

රේණුකා කීවේ ඒ ඔහු නොව මාලක බවය.

“ළඟදි මැරි කරපු කෙනා ඇවිත් ඉන්නේ…”

අංජලී තිගැස්සුණාය. උදේ සංචලා දැන් මාලක. ඈ පිටතට පැමිණියේ ඔහුට බැන වදින්නට සිතාගෙනය.

-හෙටත් හමුවෙමු-

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you