More
    NewsSubstandard vaccines කෙහෙළියගෙන් කෝටි 10ක් වන්දි ඉල්ලා නඩු මගට

    Substandard vaccines කෙහෙළියගෙන් කෝටි 10ක් වන්දි ඉල්ලා නඩු මගට

    -

    spot_img

    Substandard vaccines – නිසි ප්‍රමිතියකින් තොර එන්නත් ලබාදීම හේතුවෙන් තමන් පුර්ණ අන්ධභාවයට පත්වුයේ යැයි චෝදනා කරමින්, ඊට වන්දි ලෙස රුපියල් කෝටි 10ක මුදලක් අයකර දෙන ලෙස ඉල්ලා, හිටපු සෞඛ්‍ය ඇමති ඇතුළු පිරිසකට එරෙහිව සිවිල් පුරවැසියන් තිදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. කඳපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මක්කාරි රාජරත්නම් මහතා ඇතුළු පැමිණිලිකරුවන් තිදෙනා ගොනුකර ඇති එම වන්දි නඩුවල වගඋත්තරකරුවෙකු ලෙස එම එන්නත් නිෂ්පාදනය කළේ යැයි කියන ඉන්දියාවේ ගුජරාට්හි හි පිහිටි ඉන්දියානා හා ඔප්ටිමික්ස් සමාගම් ද නම් කර ඇත.

    නීතිඥ සම්පත් විජේවර්ධන, තමාලි කුරුප්පු හා නීතිඥ සුවින්තා රත්නසේකර යන නීතිඥවරුන් මගින් ගොනු කර ඇති මෙම නඩුවල සෙසු වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අක්ෂි වෛද්‍ය විශේෂඥ රෝහණ එදිරිසිංහ, චමි කේ‍රමිස් ප්‍රයිවට් ලිමිටඩ් හා නීතිපතිවරයා ඇතුළු 11 දෙනෙකුගේ නම් සඳහන් බව වාර්තා වේ.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page