More
    spot_img
    SportsSri Lanka vs New Zealand 20/20 තරඟ පළමු ජය...

    Sri Lanka vs New Zealand 20/20 තරඟ පළමු ජය ලංකාවට

    -

    spot_img

    Sri Lanka vs New Zealand සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (09) රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පැවති පළමු 20/20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. එහෙත් නවසීලන්ත නායකයාගේ තීරණයට එතරම් සාධාරණයක් ඉටු කිරීමට පිතිකරුවන්ට නොහැකි විය. ඒ අනුව නවසීලන්ත පිලේ පළමු කඩුලු 8 ලකුණු 96කට දවා ගැනීමට ශ් රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

    නවසීලන්තය වෙනුවෙන් 9 වැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් ගොඩනැගීමට Ash Sodhi සහ Zach Fox සමත් වූහ. මෙය නවසීලන්තය කඩුල්ලක් සඳහා රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

    මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 27ක් සහ සැක් ෆොක්ස් නොදැවී ලකුණු 27ක් ලබාගත්තා.

    පන්දු යැවීමේදී ඩොනිට් වෙල්ලා ලකුණු 20කට කඩුලු 3ක් ද නුවන් තුෂාර, විනිඳු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් ද දවා ගත්හ.

    ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තා.

    ශ්‍රී ලංකා ඉනිමේ දී නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35ක් රැස් කළේය. මේ අනුව 2020 තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    Latest news

    Youth Clubs දිවයින පුරා අද සිට ආරම්භ වෙයි

    Youth Clubs - ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමේ වැඩසටහන ජාතික තරුණ දිනය වන අද (23) ආරම්භ කිරීමට...

    Security beefed up ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාලවල ආරක්ෂාව තර කෙරේ

    Security beefed up - ලොව පුරා පිහිටි සිය රටට අයත් තානාපති කාර්යාලවල සේවය කරන දූත මණ්ඩලවල ආරක්ෂාව වැඩි කරන...

    Covid 19 අවදානම ලංකාවටත් බලපායිද?

    Covid 19 - මෙරට තුළ නව කොවිඩ් 19 ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට...

    OIC arrested ලක්ෂ පහක අල්ලසක් ලබාගත් OIC අත්අඩංගුවට

    OIC arrested - රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින්...
    - Advertisement -spot_img

    Covid 19 අවදානම ලංකාවටත් බලපායිද?

    Covid 19 - මෙරට තුළ නව කොවිඩ් 19 ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට...

    OIC arrested ලක්ෂ පහක අල්ලසක් ලබාගත් OIC අත්අඩංගුවට

    OIC arrested - රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page