Mahiyangana – මහියංගනය, දොඩම්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ එම පුද්ගලයා මහියංගනය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර වාහන කිහිපයකින් පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
කෙසේවෙතත් වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ එම පාර්ශවයේම පුද්ගලයෙකු බවයි වර්තා වන්නේ.දෙපාර්ශවයක් අතර කලක සිට පවතින ආරවුලක් එම වෙඩි තැබීමට හේතුවී තිබෙනවා.
අද පැවති අවුරුදු උත්සවයකදී ද එම දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බවත් වාර්තාවේ.